*Flashback ( In Jungkook's mind)*

"Mr.Jeon?"

Jungkook Ji hoon සමඟ පොර බදින විට පිහියක් විසි වී යයි.

"ඔහොම ඉන්නවා!! "

*End of the flashback*

"Ji Hoonගේ cabin එක ළඟම හිටියේ."
"මොන හේතුවකට ඔයා එතන හිටගෙන හිටියේ?"

"මට මතක නෑ හරියට"

"ස්වාමීනි, මම කැමතියි උසාවියට CCTV camera පද්ධතියේ දර්ශන උසාවියට ඉදිරිපත් කරන්න. ඊට අවසර ලැබුණු සැනින්  Hyun sik උසාවියට CCTV දර්ශන ඉදිරිපත් කලේය. එය CCTV පද්ධතිය ක්‍රියා විරහිත වීමට ප්‍රථම ඒවා විය. එහි Jungkook Ji Hoonගේ බෙල්ලෙන් අල්ලනවා හොඳින් ම දර්ශනය විය. නමුත් Jungkook Ji Hoonගේ ගෙල ඉක්මනින් අත හැර දැමූවේ සැවොම මවිතයට පත් කරමින්. එය එසේ වුවත් එවැනි කුඩා දෙයකින් Jungkookගේ නිර්දෝෂී බව ඔප්පු කල නොහැක.

"ස්වාමීනි defendant,  Intermittent explosive disorder එක තියෙන පුද්ගලයෙක්. ඒ disorder එක තියන අයට තමන්ගේ කේන්තිය පාලනය කරගන්න බෑ. Defendant මෙම සිද්ධියේ Victim වන Ji Hoon අතර එම සිදුවීම දිනයේ ගැටුමක් ඇති වී තිබෙනවා. Victim වැරදීමකින් Defendant ගේ ඇඟේ හැපීම වැනි බොහොම සුළු කාරණයක් නිසා. ඒ වගේම ස්වාමීනි, පැහැදිලිවම මේ CCTV දර්ශන වල මේ ඉන්න Defendant Victim ගේ ගෙල සිරකරනවා හොඳින් ම පේනවා. මොකක් හෝ හේතුවක Defendantට Victim ව මරන්න බැරි වුණ නිසා පසුව පිහියක් රැගෙන විත් ඔහුව මරාදමනවා..." Hyung Sik උසාවිය ඉදිරියේ තරමක් ශක්තිමත් තර්කයක් ගොඩනැගුවේය.
"චෝදනා ප්‍රතික්ෂේප කරනවා ස්වාමීනි" Defence lawyer Lee Jong Suk Jungkookට එරෙහි චෝදනා සියල්ලක් ම පාහේ ප්‍රතික්ෂේප කළේය.

"Your honour, Even this defendant tried to harm the Victim he didn't do it. As you can see there were nobody around them. He could have killed the Victim if he wanted. He had no intention to kill the Victim. And also when the Victim was murdered, all the CCTV cameras were turned off. ස්වාමීනි, මෙහි සිටින විත්තිකරු මුලින්ම රාජකාරි සඳහා වාර්තා කල දිනයේ තමයි මේ මිනීමැරුම සිදු වෙලා තියෙන්නේ. ස්වාමීනි, අලුතින්ම company එකට වැඩට ආපු කෙනෙක් CCTV room එක ගැන දන්නේ කොහොමද? ස්වාමීනි, විත්තිකරු මුලින් ම company එකට ආපු දවසේ ගියපු තැන් වල දර්ශන ඉදිරිපත් කිරීමට අවසර දෙන්න"

Jong Suk අවසර ලත් වහාම CCTV දර්ශන උසාවිය වෙත ඉදිරිපත් කලේය. එහි තිබූයේ Jungkook පලවෙනි වතාවට Jimin සමඟ company එකට ආ දිනයේ CCTV දර්ශනයි. ඔහු Jiminගේ cabin එකෙන් නික්මී එහෙ මෙහෙ පාරවල් වල ගියේ එදින අතරමං වූ නිසාවෙන්. නමුත් CCTV room එක අසළටවත් ගොස් නොතිබුණි. එසේ තිබියදී Jungkook CCTV room එක වෙත ගොස් CCTV off නොකල බවයි Jong Sukගේ තර්කය වූයේ. එම තර්කය බිඳ හෙලීමට කරුණු ඉදිරිපත් කළ Hyung Sik තර්ක කළේ Jungkook කාර්යාල සේවකයෙකු හරහා CCTV පද්ධතිය ක්‍රියාවිරහිත කරන්නට ඇතැයි කියමිනි. Jungkook උසාවියේදී තමන් වෙනුවෙන් හඬක් නැගුවේ ම නැති තරම් ය. ඔහුට එල්ලවූ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනු ලැබුවේ ඔහුගේ  නීතිඥවරයා විසිනි. Jungkook නඩු වාරය පුරාවටම උත්තර දුන්නේ prosecutorගේ ප්‍රශ්න කිරීම් වලටම පමණි. එසේ ඔහු තමන් වෙනුවෙන් එකම එක වචනයක් වත් භාවිතා නොකීරිමෙන් බොහෝ දෙනෙකුගේ සැකය ඔවුන් විසින් ම තහවරු කරගත්තා. නමුත් තවමත් ඔහුගේ වරද ඔප්පු වී නැති නිසා ඔහු නීතියෙන් වැරදි කරුවෙකු නොවේ.
මෙම නඩු වාරයේදී මිනීමැරුම පිළිබඳ තවත් කරුණු කිහිපයක් අනාවරණය විය. ඒවා නම් Ji Hoon ගේ ගෙල ප්‍රදේශයට එල්ලවූ ප්‍රහාරය නිසා ඔහුගේ මරණය සිදු වී ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙලි වී තිබිණ. එමෙන්ම ඔහුගේ ගෙලෙහි වම් පෙදෙසට. Ji hoonගේ දකුණතෙහි වූ තැලුම් පහරවලින් නිගමනය කල හැකි කරුණ වූයේ Ji Hoon දකුණත මිනීමරුවාගේ ග්‍රහණයට ලක් ව තිබූ බවයි. මිනීමරුවා ඔහුගේ හුරු අතින් Ji Hoonගේ ගෙලට ප්‍රහාරය එල්ල කරන්නට ඇත. එසේ නම් ඔහු Ji Hoon ගේ අත තද කර ගෙන සිටින්නට ඇත්තේ ඔහුගේ නුහුරු අතින් විය යුතුය. එනම් ඔහුගේ දකුණු අතය. Jungkook  වමත හුරු අයෙක් විය. එමඟින් යම් තර්කයක් Jong Suk ගොඩනගා ගත්තද ඉන් Jungkook ගේ නිර්දෝෂී භාවයක් ඔප්පු කරගත නොහැකිය. එහෙත් නඩුව ඉදිරියට ගෙන යාමට ද හැකි නොවින. එම නිසා නඩුව වෙනත් දිනයකට කල් දැමුණි.
විත්තිකරු වුවත් අපරාධකරු නොවන නිසා Jungkook පසු දිනයේ සේවයට වාර්තා කලේය. එහෙත් ඔහුට කාර්යාල සේවකයන්ගෙන් නම් උණුසුම් පිළිගැනීමක් නොලැබුණි. Jungkook තම cabin එකට වැදී වැඩ ආරම්භ කිරීමට සැරසෙන විටම ඔහුගේ cabin එක තුලට Jimin පැමිණියේය.

"Mr. Park?"

" අයියෝ කුකියෝ.. වාඩි වෙයන් බන්.. ගරු නම්බු නාම ඕන්නෑ අපි දෙන්නා විතරක් ඉන්න වෙලාවට" Jimin ලාවට හිනා වෙමින් කීවේය. ඔහු එසේ කියමින් සිනාසීමට උත්සහ කලත් වෙනදා මෙන් ඔහුගේ ඒ සැහැල්ලු භූමි සිප ගන්නා සිනහව එදා ඔහු වෙත පැමිණියේ නැත.
"එහෙනම් daddy කියන්නද?" Jungkook කට කොනින් සිනා සෙමින් Jiminගෙන් ඇසීය. තමන්ට නොහැකි වුවත් Jungkook  සැහැල්ලුවෙන් සිටීම Jiminට අදහා ගත නොහැකි විය.

"ඕක කියාගනින් උඹේ අනාගත සහකාරයට.. මට කියාගෙන එන්න එපා ඔය කෝලං නම්" Jimin බොරු තරහක් මවා ගනිමින් කීවේය. Jungkook ඊට මහ හඬින් සිනාසුනා පමණකි. Jimin ට  Jungkookගේ සිනහව නැති කිරීමට ලෝබ සිතුණද ඔහුට ඔහුගේ සිතෙහි වැඩ කල පැනය අසනවා විනා වෙනත් කිසිවක් කරන්නට ඉතිරි වී නොතිබුණි.

" Jungkook, ඔයාගේ ලෙඩේ දන්නේ මං විතරයි.. එහෙම එකේ Yeonjun ඒක දැනගත්තේ කොහොමද?" එය සැබැවින් ම ගැටලුවක් විය. Jimin සහ Jungkook පමණක් දැන සිටි දේ Yeonjun දැනගත්තේ කුමන ආකාරයකින්ද? Yeonjun Jungkook ගේ ලෙඩේ ගැන ඉව වැටිලා hospital records බලලා වගේ.. ඒ තරම් හොඳට Jungkook ගේ ලෙඩේ තත්වේ ගැන එයා දැනගෙන හිටියා. ප්‍රශ්නේ ඒ කොහොමද කියන එක.

"මටත් ඒක ප්‍රශ්නයක්. ඒත් දැන් මට කලින්  තරම් පාලනය නැති වෙන්නේ නෑ. මේ සති කීපයට මගේ තරහව ගොඩක් දුරට අඩු වෙලා"

"දෙවියනේ... ඒක කොච්චර දෙයක්ද! ඉක්මනට ඒක හොඳ වෙයි මගේ සූටි වල් හා ගොබිලො.." Jimin Jungkookගේ පිටට තට්ටු කරමින් කීවේය. කෙතරම් සිනා සී හිටියත්  Jungkook මේ වන විට බෙල්ල මුලටම සිර වී ගෙන එන බව අන් සැමටත් වඩා හොඳින් දැන සිටියේය.

Yeonjun  Jungkook ගේ IED තත්වය ගැන දැනගෙන සිටීම පුදුම සහගත විය. සිද්ධියේ විමර්ශනයේදී  කොතැනකවත් හෙලි නොවූ කාරණයක් Yeonjun  සොයාගත්තේ කෙසේද? CCTV දර්ශන වල Jungkook Ji Hoonගේ ගෙල තද කොට අල්ලාගෙන සිටිනු දැකීමෙන් පමණක් Jungkookට IED තත්වය ඇතැයි නිගමනය කළ නොහැකි ය. එසේ නම් ඔහු මෙය දැනගත්තේ කෙලෙසකද? Jimin පමණයි එය දැන සිටි එකම පුද්ගලයා. ඔහු තම එකම මිතුරාට විරුද්ධව වැඩ කරාවිද... එහෙත් අමතක නොකරන්න Park Jimin යනුත් සිද්ධියේ එක් සැකකාරයෙක් වග.....

🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬

Get well soon Heeseung 😭❤

Hey IVYISHES❤
ඔන්න අපි කතාවට එන්ටර් වේගන එන්නේ. මම මේ plot එක ලියන්න ගොඩක් මහන්සි වුණා. ඉතින් මේක කියවන්න අකමැති කෙනෙක් ඉන්නවා නම් මට පවු නොදී දැන්ම යන්න.
කවුරු වෙන්න පුලුවන්ද මිනීමරුවා? හොයමු හොයමු අපි🙂 මාත් එක්ක දිගටම ඉන්න ඈ...🙂❤❤

මීට ඔයාලගේ සූටී ඕතර්,
Ivy🥀

𝕿𝖍𝖊 𝖘𝖚𝖎𝖙𝖔𝖗 𝖋𝖗𝖔𝖒 𝖙𝖍𝖊 𝖙𝖍𝖊 𝖓𝖊𝖝𝖙 𝖈𝖆𝖇𝖎𝖓🚬 [✔️]Where stories live. Discover now