chapter 34

649 102 12
                                    

At 9.30 am
@river

දෝණි හෝබිගේ ඩයිරි එකත් අරගෙනම ජිමින්ට පුංචි බොරුවකුත් කියලා රිවර් එක ලගට යන්නේ හෝබිව හම්බවෙන්න. ඒ වෙනකොට හෝබි ඇවිල්ලා

හෝබි : අන්යොන්හසයෝ දෝණි

දෝණි : අන්‍යොන්හසයෝ ඔප්පා

හෝබි : මොකක් හරි ප්‍රශ්නයක් ද දෝණි

දෝණි : ප්‍රශ්නයක්මද කියන්න තේරෙන්නේ නෑ ඔප්පා ඒත් මේ ගැන මට වගේම ඔප්පටත් දැනගන්න ඕන ඇති කියලා මට හිතෙනවා. ඒකමයි මං ඔප්පට කතා කරේ.

හෝබි : මට තේරෙන්නේ නෑ දෝණි ඔයා කියන එක

දෝණි : මේකයි ඔප්පා. ඔප්පගේ හීන ගැන ලියන ඩයිරි එක චූටිගේ මේසේ උඩ තිබ්බා. ඒක මං බලන්න හදලත් ආයේ අනුන්ගේ දෙයක්නේ කියලා මං අයින් කරලා ඉන්නකොට සුළගට ඒකේ පිටු පෙරලිලා මං දැක්කා මේ චිත්‍රේ

එහෙම කියලා දෝණි හෝබිගේ ඩයිරි එකේ චිත්‍රේ පෙරලලම හෝබිගේ අත උඩින් තිබ්බා.

හෝබි : මේ මං දකින හීන වල ඉන්න කට්ටිය ඉතිං ඒත් දෝණිට කොහොමද මෙයාලව පේන්නේ😯

දෝණි : මං මෙයාලව දැක්කේ ජේජු වලදි ඔප්පා. මට මට හිතාගන්න බැරි වුනා. මේ හැම කෙනෙක්වම මං ජේජු වලදි දැක්කා.

හෝබි අන්දුන් කුන්දුන් වෙලා දෝණි දිහා බලාගෙන ඉදී.😯

මං දන්නවා ඔප්පා මේක විශ්වාස කරන්න බෑ. හීන පේන එක විශ්වාස කරත් ඒ චායාවන් පෙනුනා එයාලා කතා කරපුවා ඇහුනා කියන එක. මං දන්නවා මේක වුනේ අපි දෙන්නට විතරක් නෙවේ. කවුරුවත් මේ ගැන කතා නොකරට හැමොඉටම මේ ගැන පුංචි හරි දෙයක් දැනුනා. මං ඒ ගැන දන්නේ අකූ සුද්දි එක එක වෙලාවට ඔය වගේ ඒවා කියවපු නිසයි.

හෝබි : මේක මේක ආහ් එතකොට අකූ සුද්දි දන්නවද මේ ගැන🤨

දෝණි : නෑ ඔප්පා එයාලට ඒක ඒ වෙලාවට විතරයි මතක ආයේ හරි සිහියට ආව ගමන් එයාලට කිසිම දෙයක් මතක නෑ.

හෝබි : මට තේරෙන්නේ නෑ දෝණි ඒ මොකද්ද කියලා. වෙලාවකට විකාර වගේ මේ දේවල්.🥴

ආත්මීය සහකරුවන්Where stories live. Discover now