chapter 28

699 111 25
                                    

ජීවිතේ විදින්න තමන්ට ඕන විදියට තමන්ට දැනෙන කෙමාට ආදරේ කරන්න. කාගෙවත් හිතක් සතුටු කරන්න බලාගෙන ඔයාගෙ සතුට නැති කරගන්න එපා.

...............................................................................

දවස ගෙවිලා අලුත් දවසක් උදා වුනා. කට්ටියම හෙන ප්‍රබෝධයකින් නැගිටලා පහලට ආවේ ාද ඇවිදින්න යන තැන් ගැන හිත හිත. මේ වෙනකොට අකුයි දෝණිනන් හිටියේ වෙනමම කතාවක

දෝණි : මොකද්ද අකූ ඊයේ රෑ ඒ වුනේ

අකූ : අනේ මන්දා බන් දෝණියෝ මට හිතාගන්න බෑ.

දෝණි : සුද්දියා ඔහොම නෑනේ රෑට වෙනදට

( හා හා හා මේ මොකද්ද අප්පා මේ වුනේ ඕතරීවත් නොදැන. මේ අකුවයි දෝණියයි මොනා මේ කියවන්නේ මොනා මේ සුද්දියා කරේ. කොහෙද ඊයේ රෑ ඕතරීට හැංගෙන්න වුනානේ. අහලම බලමු නේහ් මොකෝ වුනේ කියලා 😁
දෝණි : අනේ යනෝ ඕතරී යන්න ඔහේ තමා මේ මරාල ඔක්කොම අපේ ඇගට උස්සන් එන්නේ
ඕතරී : හීඊඊඊඊඊඊඊඊඊඊඊ පටන් ගත්තා විතරයි
අකූ : පෝ පෝ
ඕතරී : මෙන්න මේ ගෑනො දෙමළෙනුත් බනිනවා මං යනවා යන්න)

අකූ දෝණි දෙන්නම කල්පනාවක

Flashback

හරියටම රෑ 12යි අකූට එක පාරටම ඇහැරෙන්නේ පුරුද්දට වගේ
(මේ ගෑනි නිශාචරයි.
ඕතරී වහනවා කට
ඔන්න වැහුවා 🤐මං ගියා)
අකූ හෙඩ්සෙට් එකත් කනේ ගහගෙන සිංදුවකුත් අහගෙන දෝණි සුද්දි දිහා බලලා දෙන්නට බ්ලැන්කට් එකකුත් පොරවනවා දෝණි ඇදේ කෙරෝලේ සුද්දිගේ කකුල් දෙක දෝණිගේ ඇගේ. සුද්දි හරියට නිදාගෙන හිටියේ කකුල් දෙක දකුණු කොරියාවේ අත් දෙක උතුරු කොරියාවේ ඔළුව ජපානේ වගේ. අකූ ඒ දිහා බලලා හිනාවෙලා දෝණිගේ ඔළුවත් අතගාලා අනිත් පැත්ත හැරුනේ මොනා හරි විඩියෝවක්වත් බලන්න කියලා හිතාන. විනාඩියක් දෙකක් යන්න ඇති එක පාරටම අකූගෙ පස්සට වැදුනු පාරක් හින්දා දඩබඩොං ගාගෙන අකූ ඇදෙන් බිමට වැටෙන්නේ දෝණිවත් උඩ යවමින්.

අකූ : ආහ් මගෙ පස්ස

දෝණි ; ආහ් මොකාද ඒ කවුද කෑගහන්නේ

ආත්මීය සහකරුවන්Where stories live. Discover now