𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 18

687 108 28
                                    

තමන්ට මොනව වෙයිද කියන්න ඒ කවුරුත්ම දන්නේ නෑ. හැබැයි ලග ඉන්න කට්ටියව පරිස්සම් කරගන්න ඕන කියන හැගීම විතරයි හිත ඇතුලේ කෑ ගහුවේ.

එතනින් ටිකක් ඉස්සරහට යනකොට

සුද්දි : (හිමීට කෑගහල ) අර අර අතන දොරක් තියෙනවා නේද අනේ අපි එළියට යමුකෝ. අනේ 🥺🥺🥺🥺🥺

ජින් : ශ්ශ්ශ්ශ්ශ් කාගහන්න එපා අපි ගිහින් බලමු ඒක කොහාටද යන්නේ කියලා

කියමින් ජින් කෙල්ලො හතර් දෙනාවත් කවර් කරගෙන ගිහින් දොර අරින්නේ ඒ දොරෙන් එළියට යන්න ලබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින්. ඒත් මේ වෙලේනන් මේ කෙල්ලන්ගෙයි කොල්ලගෙයි වාසනාව එයාලව අතෑරලම දාලද මන්දා එයාලා දොර ඇරපු ගමන් එයාලට පෙනුනේ ලොකුම ලොකු ශාලාවක්.

ජින් දොර අරිනකොටම ආව ක්‍රීස්...... සද්දෙත් එක්ක ඒ ශාලාව ඇතුලේ හිටපු මැරයො ටික කෑගහන්න ගන්නේ කෙට්ටියවම් බය කරමින්, ඒත් එක්කම

ජින් : වලියක් තියෙන්නේ කවුරුත් මැද්දට පනින්න එපා මට කවර් වෙලා ඉන්න
කියමින් ජින් එයාගේ මූනට ආව පාර වලක්ව ගන්නේ පිටිපස්සට නැමිලා කකුලින් කික් එකක් අර මනුස්සයගේ බඩට ගසමින්. ටික වලාවක් තනියම ගහගත්ත ජින් මහන්සිය නිසාම දෝණි චුටි දිහා බලන්නේ උදව්වට එන්න කියන්න වගේ දෝණි චුටීත් වලියට සෙට් වෙනකොට වලිය අතරෙම චුටි අකූට

අකූ අර එකෙගේ ෆෝන් එකක් ගන්න බලනවා

දෝණි : අරගෙන කෝල් කරන්වා පොලීසියට

අකූ ඒ දෙන්නගෙම වචන මත ෆෝන් එකක් ගන්න ට්‍රයි කරනකොට සුද්දි මැදට වෙලා ඇස් වල කදුළු පුරෝගෙන හතර වටේ බලන්නේ ගොඩක් බය වෙලා. සුද්දි ඒම ඉන්නකොට 😈 පිහියක් උරුක් කරගෙන සුද්දි දිහාට දුවගෙන එන්නේ පිහියෙන් අනින්න වගේ ඒත් කවුරුත් නොහිතපු විදියට ජින් ඒ මැද්දට පනින්නේ අර පිහිය ජින්ගේ බඩ පසාරු කර්ගෙන ඇතුලට යනකොට

ජින් : ආහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් ජු..ජු..ජුනී

ජින්ගේ කෑගසිල්ලත් එක්ක දෝණි ජින් දිහා බලනකොට 🤡 පොලු පාරක් දෝණිගෙ කකුල් දෙකට වදින්නේ දෝණිව අඩපන කර බිම වට්ටමින්. මේ හැමදේම වෙද්දි චූටි සුද්දි මුල්ලකට තල්ලු කරලා දෝණි කවර් කරගන්නේ අකූ ජින්ව සුද්දි ඉන්න තැනටම ඇදලා ගන්නවා. අකූ උස්සපු ෆෝන් එකකින් පොලීසියට කෝල් කරනවා. ඒත් අකූට පුළුවන් වෙන්නේ HELP කියලා කියාගන්න විතරයි. මොකද 👽 පිටිපස්සෙ ඉදන් අකූගේ ඔළුවට ගහන පාරකින් අකූ අතින් ෆෝන් එක වැටෙද්දි එයාගේ ඔළුවෙනුත් ලේ ගලනවා. ඒ මනුස්සයා ගන් එකක් අරගෙන අකූ දිහාට දික් කරනකොට දෝණි අකූව බදාගන්නේ මරණවනන් දෙන්නම මරපන් කියන්න වගේ
ඒත් ඒ මනුස්සයගේ ගන් එකට ලී පහරක් වැදිලා විසික් වෙන්නේ කට හඩක් ඒ ළග ළගම ඇහෙනකොට,
☠️ : වෙඩි තියන්න එපා යකුනේ අපිට ඕනේ මුන්ව පන පිටින්
කියමින්ම චූටිව තල්ලු කරද්දි චූටි ඒ ශාලාවේ ගහලා තිබ්බ බෝඩ් එකක් කඩාගෙන් අඩි පහක් විතර් උසකින් බිමට වැටෙන්නේ කාමරේ තුළටම එළියක් එක පාර එද්දී. ඔව් චූටි වැටුනේ ඒ තිත්පොලින් එළියට. ඒ මිනිස්සු එතන කෑගහ ගන්නකොට කෙල්ලො ටිකයි ජිනුයි චූටි වැටුන තැනින් එළියට පනින්නේ ඇස්පිල්ලන් ගහන වේගෙට. ඒ පැනපු ගමන් කට්ටියම පදුරු තුලට රිංගගන්නේ ඔවුන්ව නැවතත් කාගෙවත් ඇස් ගැටෙන්නේ නැති වෙන්න. ඒ වෙනකොටත් ජින්ගේ බඩෙන් ලේ ගොඩක් ගලනවා. අකූ කරන්න දෙයක් නැති තැන ඇගේ හූඩි එක ගලවා ජින්ගේ තුවාලයෙන් ලේ ගලන වීගය අඩුවෙන ලෙස ගැට ගසයි.

ආත්මීය සහකරුවන්Where stories live. Discover now