chapter 33

648 102 5
                                    

කට්ටියම ආයෙමත් සෝල් වලට ඒන්නේ ඇති පදම් සතුටින් විනෝද වෙලා. ජේජු වලට යද්දි හිටපු ජේකේ ටේ ආයෙමත් සෝල් වලට ආවේ නෑ. මොකද ඒ දෙන්නා පුදුමතරන් වෙනස් වෙලා.

ටේ කියන්නේ දැන් නිතරම හිනාවෙන විහිළුවෙන් කල් ගෙවන කෙනෙක්. ටේ ගොඩක් මිත්‍රශීලී චරිතයක් බවට පත් වෙලා. ටේ ජේජුවලින් එනකොට තේරුම් ගත්ත එක දෙයක්තමයි එයා සුද්දිට ගොඩක් ආදරේ කරනවා කියන එක. ඒ නිසාම ටේ නිරන්තරයෙන්ම සුද්දි අසල ගැවසෙන්න කාලය හොයාගන්නවා.

එතකොට

ජේකේ බොහෝ දුරට කේන්ති නොගන්න නිරන්තරයෙන්ම බනී හිනාවක් දාගෙන හැමෝම එක්ක සුහදව ඉන්න උත්සහ කරනවා. ඒ අතර අකූට එයාගේ ආදරේ දනවන්නත් අමතක කරන්නේ නෑ.

ජිමින් දෝණි ආදර කතාව චුටි චුටි වලි මැද්දෙන් ගලාගෙන යනවා. අනේ ඉතිං වලි කීවට වලිම නෙවේ. දෝණි ගේම ඉල්ලද්දි ජිමින් එතනම සුදු කොඩි උස්සලා පරාජය භාර ගන්නවා.

හෝබි චූටි ආදර කතාව හරිම ලස්සනට ගලාගෙන යනකොට හෝබි ඉස්සරටත් වඩා හීන වලින් පීඩා විදින්න පටන් අරන්. චූටි ඒ නිසාම එයාට පුළුවන් හැමවෙලේම හෝබි ලගින්ම ඉන්න ට්‍රයි කරා. එයා අක්කලගෙන් අහලම ගොඩක් වෙලාවට හෝබිව අපාර්ට්මන්ට් එකට ගෙන්න ගත්තේ හෝබිගේ හීන ගැන අක්කලත් දැනගෙන හිටපු හින්දයි.

ජෙසී හෝබි මේ අතර එයාලගේ ෆීල්ඩ් එකේ වැඩවලට බිසී වුනත් එයාලා එයාල වෙනුවෙන් කාලෙත් වෙන් කරගත්තා. හොදම ආරංචිය කියන්නේ මේ වෙනකොට ජෙසී එයාගේ අපාර්ට්මන්ට් එකෙන් අයින් වෙලා කෙල්ලෝ හතර දෙනා එක්ක ජීවත් වෙන්න ඇවිල්ලා.

නම්ජින් ආදර අන්දරය ගොඩක් ලස්සනට ගලාගෙන යන්නේ ජූනි කඩන බිදින දේවල් වලදි ජින්ගේ රැප් එක හැමවේලේම අනිත් අයගේ කන්වලට ඇහෙන්න සලස්වන ගමන්මයි.

මේ වෙනකොට සුද්දිට ටේගේ වෙනස තේරුනත් කලින් වගේම පිස්සි වගේ තමා සුද්දි ජීවත් වෙන්නේ එයාගේ වැඩ ටික කරගෙන.

බලමු නේද සුද්දිට කොච්චරකල් එහෙම ඉන්න පුළුවන් වෙයිද කියලා

අකූ ජේකේට කොච්චර ආදරේ කරත් එයා ආයෙමත් ඒ ආදරේ පෙන්නලා විදවන්න කැමති වුනේ නෑ. එයා එයාගේ ආදරේ හිතේ යටටම දාලා අගුළු දාලයි තිබ්බේ මේ වෙනකොටත්. ජේකේගෙ වෙනස දැනුනත් අකූ ඒ ගැන ලොකු තැකීමක් කරන්න ගියෙත් නෑ.

ආත්මීය සහකරුවන්Où les histoires vivent. Découvrez maintenant