Chapter 10

776 124 35
                                    

දින එකින් එක ගෙවිලා ගියේ පුදුම ඉක්මනකට. හෝබි චූටි ආදරණීය වදන් ආදරණීය රණ්ඩු අතරින් ඒ දෙන්නව තව තවත් ආදරෙන් බැදෙනකොට, දෝණිගේ ජිමින්ගේ පුංචි පුංචි වලි මැදින් ජිමින්ගේ හිතේ තව තවත් දෝණි වෙනුවෙන් ඉඩක් වෙන් කෙරෙනකොට, සුද්දි ටේ ගැන අනුකම්පාවකින් බලමින් ඔහුව හිනැස්සීමට ඔහු ඉදිරියේ කුටු කුටු ගාමින් විටෙක ඔහුට විහිළු කතා කියමින් ඔහුව හිනා ගැස්සීමට උත්සහ කරනකොට, ජේකේගේ නපුරු වදන් වලින් හිත රිද්දගනිමින් ඩ්‍රග්ස් වලට අකූ තව දුරටත් හුරු වෙනකොට, ජින් ජූනී සුගා සුපුරුදු ලෙස තම තමන්ගේ වැඩ වල යෙදෙනකොට, සුගා ජේසිද ආදරේ විදිනකොට සතිය ගෙවිලා ගියේ කාටවත් කරදරයක් නොවීමයි.
මෙහෙම සතිය ගෙවිලා ගිහින් ඔන්න චුටිගෙ ජිවිතේ විශේෂ දවසක් ආවා එයාට. ඒ තමයි එයාගෙයි හෝබිගෙයි relationship  එක වෙනුවෙන් එයාගෙ අක්කලටයි හෝබිගේ යාළුවන්ටයි දෙන පාටි එක.

මොනා වෙයිද අද කොල්ලො දැනගත්තම කෙල්ලෝ හතර දෙනා ගැන ඒ හතර දෙනා ඉන්නේ එකට එයාලා අක්කලා නංගිලා කියලා, කියවලම බලමු නේද?

.....................................................................................

චුටී : අනේ ලෑස්තී වෙනවලකෝ ඔයාලා එන්නේ නැද්ද ඔයාලගේ නංගිගෙ පාටි එකට ☹️

දෝණි : ඒ සුද්දි මදුරුවෙක් කෑගහනවා ඇහෙනව ද කන ලග 😏

සුද්දි : ඒක තමා ඕයි මේ මදුරුවා අද දවල් 12හේ විතර ඉදන් කූන් කූන් ගානවා.😁

දෝණි : කියලා වැඩක් නෑ ඕයි ඒ ගැනනන්😏

චූටි : බොලාලා දෙන්නා මටද මදුරුවා කියන්නේ ඈ☹️

සුද්දි : අන්න තොප්පිය දාගෙන 🤣🤣

දෝණි : මට බෑ ඕයි මේ ගෑණි එක්ක 🤣🤣🤣

අකූ : මොකෝ මොකෝ මේ ම්ම්ම් 😕
අකූ එහෙම අහගෙනම room  එකට එනකොට චූටි ගිහින් අකූව බදාගන්නේ අම්මට කේලන් කියන්න යන පොඩි බබෙක් වගේ

චූටි : මෙයාලා මට එක එක ඒවා කියනවා

දෝණි : අනේ අපිනන් මුකුත් කීවේ නෑ 😏 අනික කේලන් නොකියා ඉදින් කේලන් පප්පි😒

ආත්මීය සහකරුවන්Where stories live. Discover now