මහ සද්දෙන් හිනා වෙන ගමන් ටේහ්‍යුන් කිව්වේ මගෙ හිතේ මගේ මෝඩ කම ගැන අනුකම්පා සහගත හැගීම් ඇති කරමින්. ආපහු ඒකම....

හොදම යාලුවා හැටියට.....!!!!

මං හිනා වුනා. මං මටම හිනා වුනා. කොහොමද ජියෝන් ජන්කුක් තමුන් ඔය තරම් මෝඩ වුනේ......?? මං ඇත්තටම මෝඩය්..... ඒත් මේ තරම්ම මෝඩයෙක් වුනු එක මට මං ගැනම කලකිරවනවා.

" ඒ.... ඒකට නෙමෙය් බය වුනේ..... මො...මොකද්ද ඔයා අර කිව්ව නම.....? "

ලැජ්ජාව වගේම මගේ මෝඩ හැසිරීමෙන් ගැලවෙන්න ඕනෙ නිසා මම ප්‍රශ්නය වෙන පැත්තකට මාරු කලා. ටේහ්‍යුන් මට කතා කරපු නම නිසා මං තවත් ගැහෙන්න ගත්තා. මගෙ මුලු ජීවිතේටම කෙනෙක් මට ඒ තරම් ආදරේකින් කතා කරලා නැතුව ඇති. මගෙ මුලු ඇග පුරාම අමුතු විදියෙ උනුහුමක් ගලාගෙන යන්න ගත්තා.

" ආනේ බනී පැටියද.....?? ඔයා හිනා වෙද්දි ලස්සන හා පැටියෙක් වගේ..... ඉතින් මං ඔයාට එහෙම කතා කරන්නම්......"

ටේහ්‍යුන් ඇස් කරකව කරකව කිව්වෙ මට ඉන්න තැනත් අමතක කරමින්. ලස්සන හා පැටියෙක් වගේ.....??? ඔයා මගෙ හැගීම් එක්ක සෙල්ලම් කරනව හොදටම වැඩි ටේහ්‍යුන්..... දෙවියනේ ඕනවටත් වඩා වැඩිය්.....

" හොදම යාලුවො වුනාම ඔහොම නමුත් දාගන්නවද.....?? "

හිත ඇතුලෙ හිර වෙලා තිබුනු ප්‍රශ්නය මම ඇගට නොදැනිම ඇහුවා. එයා මොන දේ කලත් අන්තිමට කිව්වෙ හොදම යාලුවො වුනහම එහෙමය් කියලා. ඉතින්..... මේකටත් ඒ රවුම ඇතුලෙදි හේතුවක් ඇති. ඒ නිසා කිසිම දේකින් ඕනවට වඩා සතුටු වෙන්න එපා ජන්කුක්.....!!!! ඔයා කරන්නෙ ඔයාවම රිදවගන්න එක....

ටේහ්‍යුන් මගෙ දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා. එයා මගෙ හැම ඉරියව්වක්ම එකින් එක අධ්‍යයනය කලා. එයාගෙ තීක්ශන බැල්මට හසු නොවී ඉන්න මං පුලුවන් තරම් උත්සාහා කලා. එයා මේ වෙලාවෙ හිතන දේවල් මට දැනගන්න පුලුවන් නම්..... ඕහ් ජන්කුක්..... ඔයා හුගක් නරක කෙනෙක් වෙලා.... මගෙ ලැජ්ජාවක් නැති සිතුවිලි ගැන මටම හිතින් බැන ගන්න ගමන් මම ටේහ්‍යුන්ගෙන් උත්තරයක් ලැබෙනකම් බලාගෙන හිටියා.

" ඇය් නැත්තේ..... අනිවාරෙන්ම හොදම යාළුවෝ ඔය වගේ ආදරණීය නම් වලින් කතා කරගන්නවා..... හැබැය් ඒක යාලුවො අතර් විතරක් තියෙන රහසක්...."

Autumn Leaves...🍂 (Completed ✔️)Where stories live. Discover now