" එන්න ඉක්මනට යං...... හොස්ටල් රූම් එකක් හොයාගන්නත් ඕනේ......"

මගෙ එක අතකින් අල්ල ගත්තු ටේහ්‍යුන් කිව්වේ යුනිවසිටි එක ඇතුලට යන ගමන්. නිතරම මතක තියාගන්න ජන්කුක්...

මම එයාගෙ හොදම යාලුවා විතරය්...

******

මාය් ටේහ්‍යුනුය් එකටම ගියේ ඔෆිස් එකට. පැමිණීම් ලකුනු කරලා අනික් ලියකියවිලි වල වැඩ ඉවර කරාට පස්සෙ අපි දෙන්නම ආවෙ හොස්ටල් එකට. දෙවියන්ගෙ නාමෙන් අපි දෙන්නට ලැබිලා තිබුනෙ එක ළඟ රූම්ස් දෙකක්.

" හොද වෙලාවට නේද ජන්කුක් එක ලග රූම්ස් හම්බ වුනේ.....? දැන් ඉතින් ඔයාට දවසින් භාගෙකටත් වඩා මගෙ කරච්චලේ අහන් ඉන්න තමය් වෙන්නේ....."

හුරතල් විදියට හිනා වෙවී ටේහ්‍යුන් කිව්වේ මාව වෙනම ලෝකෙකට අරගෙන යන ගමන්. එයා ඒ විදියට හිනා වෙද්දි මට දැනෙන්නෙ කියාගන්න බැරි ආදරයක් වගේම සතුටක්. තමුන් මීට වඩා කල්පනාකාරී වෙන්න ඕනෙ ජන්කුක්.... !!!! හැගීම් පිටට නොපෙන්නා ඉන්න මං නිතරම උත්සාහ කරන්න ඕනේ. දැන් තව තවත් ඒකට උත්සාහා කරන්න ඕනේ.... එයා මගේ ළඟින් ඉන්න තරමට මම තවත් පරිස්සම් වෙන්න ඕනේ.....

" ඔයාව මට කරදරයක් නෙමෙය්....."

මගෙ රූම් එකේ දොර අරින ගමන් මං නිකන්ම කියාගෙන ගියා. ඇය් එයා හිතන්නෙ එයාගෙ ඒ හුරතල් හැසිරීම මට කරදරයක් කියලා ඇය් එයා හිතන්නේ.....?? ඔව් ඇත්තටම ඒක කරදරයක් තමා.....!!!! මොකද ඒකෙන් මං එයාට තව තවත් ආදරේ වෙන්න ගන්නවා.....

" අනේ මගෙ බනී පැටියා...... මං දන්නවා ඔයා මට ආදරෙය් කියලා......"

ටේහ්‍යුන් කිව්ව ඒ වචන කීපය නිසා මට දැනුනෙ මගෙ හුස්ම නැවතුනා වගේ. බනී පැටියා.....??? ආදරෙය්.....?? මං ටේහ්‍යුන් දිහා ඇසුත් ලොකු කරගෙන බලාගෙන හිටියෙ ඉහලට ගත්තු හුස්මත් පල්ලෙහාට දාන්න අමතක වෙද්දි. මගෙ හැසිරීම දැකලද කොහෙද ටේහ්‍යුන් මහ හය්යෙන් හිනා වෙන්න ගත්තේ මාව තවත් අවුල් ජාලයක පටලවමින්.

" අය්යෝ ජන්කුක්..... මං කිව්වේ ඔයාගෙ හොදා යාලුවා විදියට ඔයා මට හුගක් ආදරෙය් කියලා මම දන්නවා කියලා.....
දෙය්යනේ මෙයා බය වෙච්චි තරමක්...."

Autumn Leaves...🍂 (Completed ✔️)Where stories live. Discover now