🦋𝑬𝒑.07🦋

Start from the beginning
                                    

💛-ඒත් හැල්මොනි මං මිනි මරන කෙනෙක් නෙවෙයි නේ.

🧝‍♀️- හරි පුතා ඕක හිතන්න එපා හරි විස්තරය අපි හොයා ගමු. ඒත් මට සැකයක් තියෙනවා ඒ ආත්මය මෙහෙටත් එයි ද කියලා මොකද මේ වෙන කොටත් ආත්මය ඔයා එක්ක බැදිලා නම් ඔයාව ආරක්ශා කරන්න අනිවාරෙන්ම ඔයාගෙ පස්සෙන් එනවා. පොඩිඩක් ඉන්න මං එන්නම්.

💛-හැල්මොනි එතනින් නැගිටලා ගියා ටික වෙලාවකින් එයා ආවේ දෙහි ගෙඩියක් අතේ තියන්. මම ඒක දැක්කාහම පුදුම හිතුනෙ දෙහි ගෙඩියකින් මොනා කරන්න කියලා හිතුන නිසා. හැල්මොනි ඇවිත් දෙහි ගෙඩිය මගේ අතට දුන්නා. මං දෙහි ගෙඩාය දිහා බලන් හිටියේ මොකද්ද මේකෙන් කරන්නෙ කියලා හිතාගන්න බැරුව. මට වැඩි වෙලාවක් කල්පනා ලෝකෙ ඉන්න උනේ නැ හැල්මොනි මට නොතේරුන දේවල් විස්තර කරන්න ගත්තා.

🧝‍♀️- පුතා මේ දෙහි ගිටිය මං මන්තර බලයෙන් ජප කරපු එකක්. මේ වෙලාවෙ විදියට මට ආත්මය නවත්තන්න පුළුවන් කමක් නැ මොකද මේ ගෙවෙන්නෙ පුර අටවක මේ කාලයේදි ආත්ම බලවත් වෙනවා වගේම මන්තර බලය හීන වෙනවා. අපිට මේ දේ කරන්න වෙන්නෙ අටවක දා රෑට එදාට ආත්මයන්ගෙ බලය හීන වෙද්දි මන්තර බලය ශක්තිමත් වෙනවා. මේ දෙහි ගෙඩිය ඔයා නිදියන කොට්ටෙ යටින් තියා ගන්න. වගේම ඔයා නිකමටවත් රෑ මැද ඇහැරුනොත් කන්නාඩිය දිහා නොබල ඉන්න බලන්න. ටේ අහන්න මේ දේ අපි ඉක්මනින් විසද ගමු. දැන් ටේ කලබල නොවි ඉන්න. අම්මා තාත්තා නැති වුන දා ඉදලා පුතා හිතුවේ මං ඔයාව අත ඇරියා කියලාද? නැ ටේ මං අත ඇරියේ නැ ඔයා නොදන්න වුනාට ඔයාගේ හැමදේම බැලුවේ මම.

💛-හැල්මොනි මට නිදිමතයි. අපි මේ ගැන පස්සෙ කතා කරමු. මං ඉක්මනින් එතනින් නැගිටලා ආවේ අවුරුදු ගානකට කලින් වලදාපු මතක ආය මතක් කරනවාට කැමති නැති නිසා වගේම. මේ වෙන දේවල් එක්ක හරියට දෙයක් තේරුම් ගන්න පුළුවන් මනසකින් මම නොහිටිය නිසා. මං එහෙම්මම ගියේ මට හැල්මොනි ලෑස්ති කරලා දුන්න කාමරේට. ඒකේ තිබුන කන්නාඩි ඔක්කොම සුදු රෙදි වලින් වහලා තිබුනා. මං එහෙම්මම ගිහින් කොට්ටෙ යට දෙහි ගෙඩිය තියලා කොට්ටෙට බර වුනේ මේ හැමදේකින්ම මිදිලා මට සැනසීමෙන් ටික වෙලාවක් ඉන්න පුළුවන් නින්දෙන් විතරයි කියලා දන්න නිසාමයි.

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
අනේ මන්දා සුශි කතාව බෝරින්දෝ මන්දා.

ඔයාලාගෙ අදහස් කියන් යන්නකෝ.
මේ පාරවත් ගෝල් එක complete කරලා දෙන්න. මොකද මං කතාව ලියන්නෙ දාහක් වැඩ අස්සේ. ඉතින් ඔයාලා හිතලා කැමති නම් වෝට් කරන්න. මං ඒක සම්පූර්න වෙනකම් කතාව නොදි ඉන්නවා. මොකද ඕතර් ටිකක් නපුරු වෙනවා දැන්. Comment & vote කරන්න.

බොරාහේ සුශිස් ❤️‍🔥❤️‍🔥
Good morning 🌞
❤️‍🔥🥀Min jeonshu 🥀❤️‍🔥

𝑺𝒉𝒂𝒅𝒐𝒘 𝒔𝒆𝒂𝒔𝒐𝒏 1(𝑲𝑻𝑯🍃on hold 🍃Where stories live. Discover now