Chapter 30 (part 1)

1.7K 334 163
                                    

Third Person's View

"One..two..three...shock!!!!"

"one..two..three...shock!!!!

ඔපරේෂන් තියටර් එක ඇතුළෙ ඇහුණෙ ඩොක්ටර් කෙනෙක්ගෙ සද්දෙ..ඒ අතරෙ එහා පැත්තෙ තිබුණ electrocardiogram මැෂින් එකේ පෙන්නපු හදවතේ සටහන තනි රේඛාවක් වුණේ හැම කෙනෙක්වම කලබල කරවලා..

"one more...ජූල් 200ට දාන්න..."

"one...two..three...shock!!!"

"අනේ ඔප්පා...එයාට රිදෙනවා ඇති ඔප්පා..මට එයා ගාවට යන්න දෙන්න..ජන්ග්කුක්..අනේ එයාට ගොඩක් රිදෙයි..මාව අතඅරින්න.."සෝයූන් කෑ ගැහුවෙ එයාගෙ අත්වලින් අල්ලගෙන කෙල්ලව තදට බදාගෙන ඉන්න ජිමින්ටයි,තේහියොන්ටයි..කෙල්ල කොච්චර දැගලුවත් ජිමින්වත් තේහියොන්වත් කෙල්ලව පොඩ්ඩක්වත් ඈත් කළේ නෑ..කොල්ලො දෙන්නම ‌සෝයූන්ව තදට වැළදගෙන කදුළු හංගගන්න උත්සහ කරනවා..ඒ අතරෙ චේයොන් හීජින්ට තුරුළු වෙලා ඇති තරමට ඇඩුවා..

සෝයූන් උගුර ලේ රහ වෙනකම් කෑ ගැහුවෙ ජන්ග්කුක් ගාවට දුවන්න..දුවලා ගිහින් කොල්ලගෙ තුරුළට යන්න..ඒ වුණත්..කෙල්ලට එහෙම යන්න බෑ..කෙල්ලව ජන්ග්කුක්ගෙන් ඈත් කරලා..

Defibrillator මැෂින් එකේ අධික විදුලි ධාරාව වැදිලා ඉස්සෙන ජන්ග්කුක්ගෙ ශරීරය දිහා බලාගෙන කෙල්ල හීල්ලුවා..ජන්ග්කුක්ගෙ පණක් නැති සිරුරට විදුලි ධාරාව වැදෙද්දි දැනෙන වේදනාව කෙල්ලටත් ඒ විදිහටම දැනුනා..

"අනේ ජන්ග්කුක්...මාව දාලා යන්න එපා.."කෙල්ල බෙරිහන් දෙද්දි ටේ,ජිමින් දෙන්නට පුළුවන් වුණේ කෙල්ලව තවත් ටිකක් තුරුළට අරගන්න විතරයි..ඒ දෙන්නගෙ පුංචි නංගි එයාලට තුරුළු වෙලා ‌අඩද්දි එයාලගෙ ‌පොඩි මල්ලි ජීවිතයත් මරණයත් අතර මැදි වෙලා..

ඒ අතරෙ තියටර් එක ඇතුළෙ කොල්ලගෙ හදවතේ මෙච්චර වෙලාවක් තනි රේඛාවක් වුණු සටහන ආයෙත්  නියමත නැවුම් රේඛා සහිතව පුරුදු විදිහටම පෙන්වුණේ ඩොක්ටර්ස්ලා සැනසුම් සුසුම් හෙලද්දි..

"Well done everyone.."ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරයා අනිත් සහයක වෛදවරු,හෙදියන් ඇතුළු කණ්ඩායම දිරිමත් කළේ හදවත නැවතුණු රෝගියෙක්ව ආයෙත් ජීවත් කරවන්න පුළුවන් වීම ගැන ප්‍රශංසා කරලා..පුරුදු සද්දෙන් මැෂින් එකේ කොල්ලගෙ හදවත ගැහෙන විදිහ පෙන්නුවා..ඩොක්ටර් තියටර් එකෙන් එළියට ආවෙ ජයග්‍රාහී හිනාවක් මූණෙ රදවගෙන..

Love Blossom | Jungkook Centric | CompletedWhere stories live. Discover now