Chapter 16

1.6K 386 92
                                    

Jungkook's View

මම ඊයෙ රෑ කරපු දේ අන්තිම නරකයි..මට එහෙම නොකර ඉන්න තිබුණා..මම කොහොමද එහෙම දෙයක් කළේ..ඒ වෙලාවෙදි හිතේ තිබ්බ වේදනාවත් එක්ක මාව පාලනයෙන් මිදුණා..ආයෙත් සෝයූන් අඩන්න ඇති..මම හැමවෙලේම ඒ අහිංසකීව අඩවනවා..

මට මතක් වුණේ එදා රෑ අප්පා කියපු දේවල්..

Flashback..

මම හිටියෙ බැල්කනියට වෙලා..අප්පා ළගට එනකම්ම මං දැක්කෙ නෑ..

"පුතා..."අප්පා මට කතා කළා..

"අහ්..අප්පා..මම දැක්කෙත් නෑ.."මම කිව්වෙ හිනාවෙලා..

"පුතා..ඇත්තම කියන්න මට..පුතා දායොන්ව මැරි කරන්න කැමතියි කියලා කිව්වෙ ඇත්තටමද?" අප්පා සැකෙන් වගේ අහද්දි මං උත්තර නැතුව ගොළු වුණා..

මං කොහොමද අප්පට කියන්නෙ මං ඒ කිව්වෙ බොරුවක් කියලා..සමාවෙන්න අප්පා..ඔයාගෙ ජන්ග්කුක්ට ඔයාට බොරු කියන්න සිද්ධ වෙනවා..

"ඔව් අප්පා..මං කැමතියි" මම හිතට එකග නොවීම උත්තර දුන්නා..

"පුතා..මම දන්නවා..සෝයූන්ගෙන් ඔයාට එයාව පේනවා කියලා..ඇත්තටම මටත් සෝයූන්ව දැක්කම මතක් වෙන්නෙම එයාව.."අප්පා කිව්වෙ බිදුණු කටහඩකින්..

"ඔව්..එයාව මට මතක් වෙනවා අප්පා..එයා මට ආදරේ කරපු විදිහ..අපි සතුටින් හිටිය විදිහ..නොකියම එයා මාව අතෑරලා ගිය විදිහ..හැමදෙයක්ම මතක් වෙනවා අප්පා.."මම උත්තර දුන්නෙ කදුළු පාලනය කරගන්න උත්සහ කරන ගමන්..

"මම දන්නවා පුතා..මට තේරෙනවා..මටත් ගොඩාක් එයාව මතක් වෙනවා සෝයූන්ව දැක්ක වෙලාවෙ ඉදලම..එයා ඔයාව දාලා ගිය දවසෙ ඉදන් ජන්ග්මි ඔයා එක්කමයි හිටියෙ පුතා..මට දැන් දැනෙනවා එයා ආයෙමත් ඇවිල්ලා කියලා.."අප්පත් ඒ දේවල් කිව්වෙ හිතේ ලොකු දුකක් තියාගෙන කියලා..

"මම පුදුම වුණා පුතා කන්ග් ෆැමිලි එකත් එක්ක මැරේජ් එකට කැමති වුණාම..පුතාට සෝයූන් ගැන හිතේ අදහසක් ඇත්තෙම නැද්ද?" අප්පා අහපු දෙයින් මං ඇත්තටම ෂොක් වුණා..මගේ පවුලෙන් මට ලැබෙන ආදරෙයි,තේරුම්ගැනීමයි මාව පිස්සු වට්ටනවා..ඒත් මට ඇත්ත කියන්න බෑ අප්පට..මම මුකුත් නොකියම අප්පත් එක්ක හිනා වුණා..

Love Blossom | Jungkook Centric | CompletedWhere stories live. Discover now