Chapter 14

1.6K 399 117
                                    

Soo-yun's View

අන්තිමට ජන්ග්කුක්ෂී දායොන්ව මැරි කරන්න කැමතියි කිව්වා..මේ වෙලාවෙ මට දැනෙන හැගීම මොකක්ද කියලා මට තේරෙන්නෙ නෑ...මට අඩන්න ඔින..ඒත් ඇයි මං අඩන්නෙ? මම කොහොමත් ජන්ග්කුක්ෂීගෙන් ඈතකට යන්න නේ හිටියෙ..ඒත් ඒක මෙච්චර වේදනාකාරීද?මට දැනෙන්නෙ මෙතනින් දුවන්න ඔින වගේ..බූසාන් වලින් සෝල් වලටම දුවන්න ඔින වගේ..මේස රෙද්ද අත ඇරලා මගේ දණහිස නියපොතු වලින් තද කරගත්තෙ හිත යකඩ මිටියකින් තලනවා වගේ දැනෙද්දි..

මම දන්නවා මේකට ජන්ග්කුක්ෂී කැමති වුණේ කැමැත්තෙන් නෙමෙයි..කලින් පාර දායොන් ආපු වෙලාවෙ ජන්ග්කුක්ෂී හැසිරුණු විදිහ මට මතකයි..එහෙම තියෙද්දිත් ඇයි මේ...ජන්ග්කුක්ෂී දායොන්ට කිව්වනෙ මම එයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලා..ඒ හැමදේම කළේ දායොන්ගෙන් ඈත් වෙන්න නේ..ඇයි දැන් කැමතියි කිව්වෙ?හැමදේම දැනගෙනත් ඇයි දායොන්ගේ ෆැමිලි එකෙන් යෝජනාවක් ගෙනාවෙ?

මම හිටියෙ බිම බලාගෙනමයි..ඔළුව උස්සලා බලන්න මට හයියක් නෑ..කදුළු බෝල දෙකක් ඇස් අතරේ නලියද්දි මට එතනින් යන්න ඔින වුණා..තවත් තදට නියපොතු තදකරගත්තෙ කදුළු වැටෙන්න නොදී..  වාසනාවට වගේ හරාබොජිගෙ කාමරේට ගෙදර වැඩ කරන අජුම්මා කෑම එක අරගෙන යන්න හැදුවා..

'අජුම්මා..දෙන්න..මං හරාබොජිට කෑම එක අරගෙන යන්නම්.."මම අජුම්මා ගාවට යන ගමන් කිව්වා..

"අනේ..ඔින නෑ බේබි...මං අරගෙන යන්නම්.."අජුම්මා කියද්දිත් මම කෑම ට්‍රේ එක අතට අරගත්තා..

"දෙන්නකො අජුම්මා..මං හරාබොජිට කෑම එක දෙන්නම්.."කියලා මම පුළුවන් තරම් ඉක්මනට එතනින් ගියා..පඩිපෙළ බාගයක් නගිද්දි මම පඩිපෙළ උඩම වාඩි වුනා...මම ඇඩුවා..එතනම මම ඇඩුවා..මම දන්නෙ නෑ ඇයි මම අඩන්නෙ කියලා..ඒත් මට ඔින අඩන්න..තත්පර ගානක් ඇතුළත ඒ ඇඩුම ඉකියක් වුණා..විනාඩි පහකටත් වඩා ගෙවෙද්දි මම එතනින් නැගිට්ටෙ හරාබොජිගේ රූම් එකට යන්න..

"හරාබොජි මම ඇතුළට එන්නද?" මං ඇහුවෙ දොරට තට්ටු කරන ගමන්..

"එන්න.."හරාබොජිගේ උත්තරයත් එක්ක මං ඇතුළට ගියා..

Love Blossom | Jungkook Centric | CompletedWhere stories live. Discover now