Chapter 3

1.8K 432 135
                                    

Third Person's View

ජන්ග්කුක් ඇවිල්ලා වාහනය නැවැත්තුවෙ ක්ලබ් එක ඇරුණම එයාගෙ තුවාල වුණු හිතේ වේදනාව අමතක කරන්න පුළුවන් හොදම තැනට...

                 'Titan Company'

‌කොල්ලා business field  එකට එන්න වැඩි කැමැත්තකින් හිටපු කෙනෙක් නෙවෙයි...ගෙදරිනුත් අනවශ්‍ය බලපෑම් නොතිබුණු නිසා කොල්ලා වගේම ජන්ග්මිත් කැමති වුණේ music වලින් ඉස්සරහට යන්න..

ඒත් අනිත් හැමදෙයක්ම වගේ ජන්ග්මිගෙ මරණින් පස්සෙ ජන්ග්කුක් සංගීතයත්  අතහැරලම දැම්මා..ඉතිං  ‌කොල්ලා මේ පවුලෙ බිස්නස් එක බාර ගත්තා..

ඊට පස්සෙ කොල්ලා රැයක් දවාලක් නැතුව මහන්සි වුණේ මේ කම්පැනි එක තිබ්බ තැනින් තවත් ඉස්සරහට ගේන්න...ඒක ජන්ග්මි ගැන හිතන එකෙන් ජන්ග්කුක්ව ටිකක් ඈත් කරලා තියාගන්න උදව්වක් වුණා...

කොල්ලගෙ මහන්සියෙ ප්‍රතිඵල ලැබුණා...අවුරුදු දෙකක් ඇතුළත මේ කම්පැනි එක තිබ්බ තැනින් තව පියවරක් ඉදිරියට ගේන්න කොල්ලගෙ වගේම ජිමින්ගෙ අධික්ෂණය යටතේ පුළුවන් වුණා..දැන් Titan Company කියන්නෙ දකුණු කොරියාවෙ ප්‍රමුඛ පෙළේ සමාගමක්...

ඇත්තටම කොල්ලට තිබුණෙ ඔෆිස්  එකෙන් ගෙදරට ගෙදරින් ඔෆිස් එකට වගේ ජීවිතයක්...මේ වැඩ වලින් නිදහසක් ලැබුණොත් තමා කොල්ලට ක්ලබ් එක හිත හදාගන්න උදව් කළේ...

කොල්ලා වාහනේ ඔෆිස් එක ගාව නවත්තපු ගමන්ම බොඩිගාඩ්ස්ලා ඇවිල්ලා කොල්ලාව වටකරගත්තා...

"ඔයාලා යන්න..." ජන්ග්කුක් අනිත් ගාඩ්ස්ලට කිව්වෙ එයාගෙ personal bodyguard ව විතරක් ළග තියාගෙන...ජන්ග්කුක්ගෙ ඔෆිස් රූම් එක වෙනකම් ඒ ගාඩ් කොල්ලගෙ පස්සෙන්ම ආවා..

"සර්..සර්ගෙ අලුත් සෙක්‍රටි ඇවිල්ලා ඉන්නවා...ඔෆිස් එක ඇතුලෙ ..." ඒ ගාඩ් ජන්ග්කුක්ට කිව්වා..

ජන්ග්කුක් ඒ ගාඩ්ට ඔළුවෙන් සන් කළේ හරි කියන්න වගේ...කොල්ලා දොරත් ඇරගෙන ඇතුළට ආවෙ එතන හිටගෙන හිටිය කෙල්ල දිහාවත් නොබලා...ඒත් ජන්ග්කුක් ඇතුළට ආපු ගමන් කෙල්ල ජන්ග්කුක් දිහා බැලුවෙ ලොකු බලාපොරොත්තුවකින් කියලා කොල්ලා ලාවට දැක්කා...

Love Blossom | Jungkook Centric | CompletedWhere stories live. Discover now