Chapter 8

1.7K 397 47
                                    

Soo-yun's View

"සෝයූනා...ඔයාට පුළුවන් හැමදේම මාත් එක්ක කියන්න...යාළුවෙක් විදිහට.."ජන්ග්කුක්ෂීගෙ ඒ වචන..මට ප්‍රශ්නයක් ආපු වෙලාවට අප්පාත් මේ විදිහටමයි මාත් එක්ක කතා කරන්නෙ..

"මගෙ පැටියෝ....සෝයූනා..ඔයාට මාත් එක්ක ඔිනම දෙයක් කතා කරන්න පුළුවන්..මං ඔයාගෙ අප්පා නෙවෙයි යාළුවා කියලා හිතාගන්න.." අප්පත් හැමවෙලේම කියන්නෙ එහෙමයි..

මට ඇත්තටම දැනුනෙ මං ඉස්සරහ ඉන්නෙ ජන්ග්කුක්ෂී නෙවෙයි...අප්පා ඉන්නවා කියලා..මට ඒ වෙලාවෙ දැනුනෙ මං තනිවෙලා නෑ කියලා..

'මං මේ දේවල් ජන්ග්කුක්ෂීට කියනවද? මෙච්චර කාලයක් හැමෝගෙන්ම මං හංගපු ඇත්ත මං අද කියනවද?' මම මගෙන්ම ප්‍රශ්න කරගත්තා..

'ඔව් මම කියනවා...අවුරුදු ගානක් කාටවත් නොකියපු දේ මම දැන් ජන්ග්කුක්ෂීට කියනවා..'මම ලොකු හුස්මක් ගත්තෙ හිත හදාගෙන...

"ජන්ග්කුක්ෂී....ඔයා දැනටමත් දන්නවනේ මං අනාත කෙල්ලෙක් කියලා.." මං කිව්වෙ නිදහසේ ගලාගෙන යන හන් නදිය දිහා බලාගෙන..සමහර විට ජන්ග්කුක්ෂී ඔව් කියන්න ඔළුව වනන්න ඇති..

"ඒ අනාත නිවාසෙ හැම ළමයෙක්ම ඉන්නෙ පුදුම සතුටකින්..මොකද ඒ තමයි ඒ දරුවන්ගේ එකම ගෙදර..සහෝදර බැදීම් ගොඩාක් එක්ක..පාලිකාවන්ගේ ආදරේ එක්ක..නිදහසේ තමයි අපි හැමෝම කාලය ගෙව්වෙ.."

"ඒත් ඒ පුංචි හිත් ඇතුළෙ තියෙන්නෙ අහිංසක බලාපොරොත්තු ගොඩක් ජන්ග්කුක්ෂී..කවදාහරි දවසක තමන්ගෙම පවුලක් හම්බවෙයි කියලා...අනිත් ළමයි වගේ ඔම්මා කෙනෙක් අප්පා කෙනෙක් අතේ එල්ලිලා ඉස්කෝලේ යන්න පුළුවන් වෙයි කියලා ඒ දරුවො හැමෝම හීන මවනවා.."

"අනාත නිවාසේදී මටත් හිටියා මගේම ඔන්නි වගේ මාව බලාගත්ත යාළුවෙක්...මම එයාට කිව්වෙ ඔම්මා කියලා..එයා තමයි මට ඉස්සෙල්ලම මේ ලෝකෙ ඔම්මා වුනේ...මාව හදාගන්න ගන්න අවුරුද්දකට කලින් ඒ ඔන්නිව කට්ටියක් හදාගන්න ගත්තා..එයාලා එයාව අරගෙන වෙන රටකට ජීවත් වෙන්න ගියා..මම තනිවුනා...ඒ සිද්ධියෙන් තමයි මම තනිවෙනවා කියන්නෙ මොකක්ද කියන එක දැන ගත්තෙ.."

Love Blossom | Jungkook Centric | CompletedWhere stories live. Discover now