Chapter 25

1.9K 359 179
                                    

Heejin's View

ජන්ග්කුක්ගෙ කම්පැනි එකට ගිහින් ආපු වෙලාවෙ ඉදලා ටේ ඉන්නෙ පුදුම සතුටින්..ඒ කාලෙකින් ජන්ග්කුක්වයි ජිමින්වයි හම්බුන නිසා කියලා හිතුවත් එයාගෙ ඇස්වල තියෙන්නෙ අමුතුම සතුටක්..එයා ඔෆිස් ගිහින් එද්දි මං හිටියෙ ඇදේ නිදාගෙන..එයා ආපු ගමන්ම මාව තුරුලු කරගෙන මගෙ බෙල්ල අස්සෙ මූණ ඔබාගත්ත විදිහෙන්ම මට තේරුණා එයා ඉන්න සතුට..

"ම්ම්...ටේ..මොකද මේ? මෙච්චර සතුටින්?"මං ඇහුවෙ නිදාගෙන ඉන්න විදිහටම එයාගෙ පැත්තට හැරිලා..

"හීජින්.."ටේ මට කතා කළේ හිනාවෙන් මූණ පුම්බගෙන..

"ම්ම්.."මං කිව්වෙ එයාගෙ නළලට වැටිලා තිබ්බ කොණ්ඩ කෑලි එහාට මෙහාට කරන ගමන්..

"‌ගොඩාක් කාලෙකට පස්සෙ අපි ආදරේ කරන අය අපිට ආයෙත් මුණ ගැහුණම කොච්චර සතුටක් දැනෙනවද? ඒ නිසයි මට මෙච්චරම සතුටු.."ටේ කිව්වා..

"ඒත් ටේ...අපි නිතරම එයාලට වීඩියෝ කෝල්ස් ගත්තනෙ..ඔයා ඔිනතරම් එයාලව දැක්කනෙ.."මං අහද්දි ටේ තවත් ටිකක් හිනාවුණා..අනේ එයාගෙ හිනාව..

"අනේ මේ පණ්ඩිත කෙල්ල..දන්නවද දෙයක්?"ටේ ඇහුවා..මං මොකක්ද කියලා අහන්න මූණ හදාගන්නකොට ටේ මගෙ බඩ උඩින් හිමීට අත තියාගත්තා..මං බලාගෙන හිටියෙ එයා කියන්න යන්නෙ මොකක්ද කියලා...

"අපි අපේ පුතාට ඉක්මනටම එයාගෙ මින්සු නැන්දව හොයලා දෙමු.."ටේගෙ සීතල තොල් මගෙ නළලෙ වදිනකොට මගෙ ඇස් දෙක තෙමුණෙ පිරුණු කදුළු වලට..

මින්සු..මගෙ මැණික..මගෙ පුංචි කෙල්ල..අනේ ආයෙමත් එයාව දකින්න තියෙනවනම්..සමහර විට එයාට මාව අමතක වෙලත් ඇති..මෙච්චර කාලයක් නොදැකපු කෙනෙක්ව මතක නැති වෙන එක පුදුමයක් නෙමෙයි..කොහෙ හිටියත් එයා හොදින් ඉන්නවනම් මට එච්චරයි ඔිනෙ..

"ඇත්තටමද ටේ?"මං අහද්දි ටේ මාව තුරුලට ගත්තා..

"හ්ම්ම්..ඇත්තටමයි..අපි ඉක්මනටම පුතාට මින්සු නැන්දව ගෙනත් දෙමුකො..හරිද?"ටේ කියද්දි මට ඉකිගැහුනෙ සතුටට..මට බලන්න ඔිනෙ මගෙ පොඩි කෙල්ලව..ඇත්තටම..මාව මතක නැති වුණත් එයා හොදින් ඉන්නවද කියලවත් දැනගන්න ඔිනෙ මට..

Love Blossom | Jungkook Centric | CompletedWhere stories live. Discover now