Chapter 1

4.4K 494 299
                                    

හන් ගඟේ සීතලත් අරගෙන හමාගෙන ගිය හුළඟින් පිරිච්ච සෝල්  නගරෙ අඳුර මැකුනෙ  අඩියෙන් අඩියට හිටවලා තිබ්බ වීදි පහන්වලිනුයි කඩවල්වවල ලස්සනට පත්තු කරලා තිබ්බ විදුලි ලාම්පුවලිනුයි පාරේ කූඹි පේලියක් වගේ ඇදිච්ච වාහනවල එළියෙනුයි...මුළු නගරෙම පිරිලා තිබ්බෙ විවිධාකාර එළිවලින්...

ඒ දහසක් එළි අතරේ ජන්ග්කුක් බලාගෙන හිටියෙ එයාගෙ ජීවිතේ එළිය කරපු හඳ දිහා...අකීකරු කෙහෙරැලි එක්ක ලොකු රණ්ඩුවක හිටිය කෙල්ල කොණ්ඩෙ  ඔක්කොම අල්ලලා එකතු කරලා ගැටගහගත්තේ  ඉවසලා බැරිම තැන....මේ කෙල්ලගෙ හැම දඟකාරකමක්ම දිහා ජන්ග්කුක් බලාගෙන හිටියෙ අසීමිත ආදරයකින්...

"මොකද මගෙ දිහා ඔහොම බලාගෙන ඉන්නෙ?" කෙල්ල ජන්ග්කුක්ට ළං වෙලා ඇහුවෙ පොඩි එකෙක් වගේ.. 

"මගේ වයිෆ් දිහා බලන්න මං කාගෙන්වත් අවසර ගන්න ඕනෙ නෑනෙ.." ජන්ග්කුක් ගානක් නැතුව කියලා දැම්මා...

"එහෙම බෑනෙ...ඔයා බලාගෙන ඉන්නෙ මගෙ දිහානෙ.." කෙල්ලත් අතහරින පාටක් නෑ..

"ඉතින් ඔයා මගේනෙ..." කියපු ජන්ග්කුක් කෙල්ලගෙ කම්මුලට උණුසුම් හාදුවක් දුන්නෙ සීතලට ගල්වෙලා තිබුණ ඒ කම්මුල් රත්කරලා...කෙල්ලව රතු වුණේ තක්කාලි ගෙඩියක් වගේ...

කෙල්ලගෙ වෙනස්වීම දැනුන ජන්ග්කුක් හිනාව තදකරගෙන හිටියෙ අමාරුවෙන්... "යා...ජන්ග්කුකා...ඔයාට එහෙම හිතුනු හිතුනු වෙලාවට මගෙ කම්මුලට කිස් එකක් දෙන්න බෑ.."කෙල්ල කෑ ගැහුවෙ ලැජ්ජාවෙන් ඇඹරෙමින්...

"ඇයි බැරි...ඔයා මගෙ වයිෆ්..මම ඔයාගෙ හස්බන්ඩ්...මට ඕනෙ දෙයක් කරන්න පුළුවන් ඔයාට..මේ බලන්න" ජන්ග්කුක් එහෙම කිව්වෙ අතේ ඇඟිල්ලට දාලා තිබුණු මුද්දත් කෙල්ලට පෙන්නලා...

"අහ්...හරි එහෙනම් මගෙ ආදරණීය හස්බන්ඩ්...අපි යමුද? තව ටිකක් වෙලා මෙතන හිටියොත් මං සීතලට වෙව්ලලා මැරෙයි..." කියපු කෙල්ල ජන්ග්කුක්ගගෙ අතත් අතඇරලා පාර පනින්න ඉස්සරහට ගියා...

"ඔහොම ටිකක් ඉන්න........" ජන්ග්කුක් කෑ ගැහුවෙ කෙල්ලව නවත්තගන්න වුණත් ඒ එක්කම ආපු ලොකු එළිකින් ජන්ග්කුක්ගෙ ඇස් දෙක නිලංකාර වෙලා ගියා..එයා ඇස් දෙක පියාගත්තෙ ඒ ආපු එළිය දරාගන්න බැරි වුණ නිසා..කන් බිහිරි කරගෙන ආපු සද්දෙත් ඒත් එක්කම නැති වුණා...වෙච්ච  දේ කාටවත්  හිතා ගන්න බැරිිවුණා..ජන්ග්කුක් ඉක්මනට ඇස් දෙක ඇරලා බැලුවත් එතන කෙල්ල හිටියෙ නෑ...ජන්ග්කුක් වටපිට බැලුවෙ කෙල්ලව හොයාගන්න...  

Love Blossom | Jungkook Centric | CompletedWhere stories live. Discover now