87 වෙනි කොටස 🧪

623 119 132
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


එයා දවසක් මට chit එකක් එවලා තිබුණා...අපි ස්කොලෙ වැඩිපුර හම්බුනේ නැති පහු ගිය දවස් වල...අර මැජික් පෙන් එකෙන් ලියලා....

"තේවි, උඹ මට කොච්චර ආදරෙයි ද...අනුකලනය කරලා පෙන්නපන්, උඹගේ ජීවිතේ අනිත් දේවල් එක්ක මම ඉන්න තැන ප්‍රස්ථාර ගත කරලා පෙන්නපන්....ම්ම්ම් මං උබට tan 90 ° ක් තරම් ආදරෙයි....උඹ මට කොච්චර ආදරෙයි ද...."??

මේ යක් පැටියට වෙලාවකට පිස්සු...අර සංකීර්ණ chemistry පාඩමක් අස්සේ පිස්සු නටනවා....ඒත් ඉතිං මං ආසයි මුගේ මේ පොඩි පොඩි හුරතල් වැඩ වලට...මං ආයේ chit එකක් ලිව්වේ නෑ....මොකද මම ඕක ලිව්වොත් දිගට දිගට යනවා....කොල්ලා ගැන මම දන්නවනේ....ඒ නිසා මම ඕකට එදා උත්තර දුන්නෙ නෑ....

ආයේ ඉතින් ඔරවලා, ගොරවලා මූණ බාගෙට කාපු කිරි හට්ටිය වගෙ කරගෙන මගේ එක්ක ඕකට දවස් දෙකක් තරහ වෙලා හිටියා...එතකොට තමා ලස්සනම....ගස්සන්, පද්දන් යද්දි....ඔය දවස් වල තමා අපි ඔය ට්‍රිප් එක යන්න කතා වෙවි හිටියේ...මූලින්ම idea එක තිබුණේ චන්දුගෙ car එකෙ යන්න...ඒත් පස්සේ තමා මගේ මස්සිනා පොඩ්ඩ මට ඔය bike එක ගැන idea එක දුන්නෙ...

අපේ ජානුට හොරෙන් දෙයක් කරන්න හෙන අමාරුයි..දන්නවනේ ඉතිං bombastic side eye තමා....ඒ නිසා සෑහෙන්න ගේමක් අපිට දෙන්න වුණා bike එක ආයේ පාට ඔක්කොම වෙනස් කරලා, service කරලා මෙහෙ ගේන්න...ඔක්කොම කරේ හොරෙන් ඉතිං...එයා ඇත්තටම පුදුම වුණා එදා...මට ඕනි වුණෙත් ඒක..මොකද එයා කලින්ම කියව කියව හිටියේ ඕක කලු පාට කරන්න ඕනෙ කියලා...

මොකද ජානු ගොඩක් ආසාවෙන් හිටියේ ඕක පදින්න ..ඒත් තවමත් license වත් අරගෙන නැති නිසා එයාටත් ඕක අමතකම වෙලා තිබුණේ...ඒත් එයාට ඕක පදින්න දෙන්නත් වෙලාවකට බයයි..ඇයි ඉතිං කඩි කුලප්පුවනේ...

_ආදර_සමීකරණ_Where stories live. Discover now