67 වෙනි කොටස 🧪

779 150 110
                                    

A/N Pov

A/N Pov

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



බාත් රූම් එකේ වතුර වැටෙන සද්දේ අහගෙන තේවි ඒ පැත්ත බලාගෙන phone එක කනේ තියාගෙන හිටියේ  වේගෙන් ගැහෙන පපුවේ  සද්දේ  නිහඬ කාමරේ අස්සේ තමන්ටම ඇහෙද්දි...ජෙනායා වචනෙන් වචනෙ පැහැදිලි කරන ගමන් කියන දේ  අහගෙන හිටිය ඔහු තොල් දෙක සැරින් සැරේට තදින් හපා ගත්තා. 

දිග ඇඟිලි තුඩු දෙතුන් පාරක් නළල දෙපැත්තේ තද කරගෙන හිටපු තේවි..කාමරේ අස්සේ තවත් කතා කරන්න බැරි තැන phone එක කනේ ගහගෙන වේගෙන් එයාගෙ රෑම් එකෙ පොඩි බැල්කනි එකට ආවා..

අක්කා මොනා කියනවද කියල හරි තේරුමක් නැති වුණත් තේවි දිවාකර බය වුණා එයාගෙ අප්පච්චිගෙ කිව්වොත් කිව්වා ප්‍රතිපත්ති වලට  .ඒවා කොච්චර අසාධාරණ වුණත් ඒවා අහන්න එයාලට සිද්ධ වුණා. මොකද ඒ තමන්ගේ අප්පච්චි නිසා..

"දෙය්යනේ අක්කේ මොනාද හලෝ කියන්නේ...එකපාරටම මොන යකෙක් වැහුනද ඕයි අප්පච්චිට..."?

"ශ්ශ්ශ්ශ්....පොඩි කෑ ගහන්න එපා..ජානුට ඇහෙයි.."

"එයා bath room එකේ...අක්කේ..ජානු මේ ගැන දන්නවද හලෝ.."?

"පිස්සුද පොඩි...මං හිතන්නෙ නෑ..ඔයා කීයටවත් එයාට මේක කියන්න එපා..දන්නවනේ එයා පොඩි එකෙක් වගේ...කලබල වෙයි..."

"ඇයි දෙය්යනේ මෙහෙම වුණේ...මොකක්ද අප්පච්චි ඔච්චර ජානුගේ ඩෑඩ්ට වෛර කරන්න හේතුව අක්කේ..ආආආආශ්....මගේ ඔලුව විකාර වෙලා.."

"පොඩි ...පොඩි...please දෙවියනේ කලබල වෙලා මේ ප්‍රශ්න දෙගුණ කරගන්න එපා..හරි..අප්පච්චි ඔයාට call කරලා කියයි..මොකුත් දන්නේ නෑ වගේම අහගෙන ඉඳලා සෙනසුරාදා  එන්න..සමහරවිට මේ මොකුත් ඔයාට call කරලා කියන්නේ නැති වෙයි..ආවම කියයි...හරි..??"

_ආදර_සමීකරණ_Where stories live. Discover now