34 වෙනි කොටස 🧪

860 136 138
                                    


Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


අපි ඔන්න දෙය්යනේ කියලා 7 වෙද්දී ස්කොලෙට ආවා...මං ඉතිං පංතියේ උප නායකයා නිසා උදේ ආපු ගමන් කරන්න තියෙන මගේ රාජකාරි වැඩ ටික කරන්න ඕනේ...ඒ තමා බන් office එකට ගිහින් අපෙ පංතියේ රෙජිස්ටර් එකයි, record book එකයි ,චෝක් එහෙම  අරන් එන එක...පන්තිය අතු ගෑවද නැද්ද...පහන තිබ්බද ...ඕවා ඔක්කොම බලන්නේ අපෙ පන්ති නායකයා යොමාල්...

මං ගිය ගමන් සෝසේව බෙල්ලෙන් අල්ලගෙන උගේ තාරා පෙදි ටික ගලවන්න ගියේ අර ringing tone case එකට...ඒත් ඉතිං මූ මටත් එක්ක album එක ඕඩර් කරපු නිසා මං සමාව දුන්නා....

අද උදේම chemistry double period...හැබැයි අද අපි chemistry  lab යනවා....වසුන්දරා මැඩම් එක දිගට උගන්නගෙන ගියා මිසක් තවම අපිට කරේ එක practical එකක් විතරයි...ඒ  මුල් කාලේ පලවෙනි පාඩම යද්දි....කැතෝඩ කිරණ වල ගුණ පරීක්ෂා කරන practical එක....

අද තමා ඉතිං මේ දෙය්යනේ කියල අපි හෙන කාලෙකින් lab යන්නේ...මං ආසයි ඉතිං practical period වලට....ඇයි දන්නවද බං....lab එක අස්සේ එන අර අමුතු ගුප්ත සුවඳට....ඒක නිකන් මට ඇති කරන්නෙ අමුතු මෙව්වා එකක්....

අද ඉතිං practical විතරක් නෙවෙයි...මැඩම් අපිට කියල ලොකු වැඩක් කර ගන්න යන්නේ...ඒක තමා මේ butter ගාගෙන එක්ක ආවෙ....කමක් නෑ ඒකත් මරු....ඔය භාහිර වැඩ වලට ඉතිං මේ මං නම් ආසයි...හැබැයි පොතේ ඇලිලා ඉන්න පොත් ගුල්ලො නම් ඕවට ආස නෑ....

අපි ගිහින් chemistry lab  එකේ උස දුඹුරු පාට ලී පුටු වල වාඩි වුණා....

"කොල්ලනේ...අද පන්තියේ practical එකක් කරමු...වාර විභාගෙට කලින් මේ වාරේට තියෙන practical ටික ඉවර කරගන්න එපැයි....තියරි කොටස් නම් අපි සෑහෙන්න ඉවරයි...ඒ  නැතත් උඹලා class වල අශ්ව වේගෙන් ගිහින් දැන් ඕවා කොහොමත් කෙරිලනේ  තියෙන්නෙ...."

_ආදර_සමීකරණ_Where stories live. Discover now