39 වෙනි කොටස 🧪

707 137 81
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




ඉතිං ඔන්න දෙය්යනේ කියල පළවෙනි වාර විභාගය පටන් ගත්තා...ol කාලෙ වගේ ඉතිං ලොකු subject ගොඩක් නැති වුණාට බන් ඒ subject 9 ම  එකකට හරියන්න මේ subject 3 තියනවනේ...

අපිට  එක දවසට තිබුනෙ එක විෂයයි... maths paper දෙකත් තිබුනෙ දවස් දෙකක..එතකොට ඔක්කොම දවස් 5 යි...general English paper එකත් එක්කම...මේ සතියේ class තිබුණත් කලින් ඇරියා...අරුන් ඔක්කොම හිටියේ අපේ ගෙදර..පාඩම් කරන්න ඕනි නිසා...copy කරන්න ඉතිං ලොවෙත් බෑ...මොකද අපිට exam ඩියුටි දාල තිබ්බේ හෙන  සැර commerce එකේ sir කෙනෙක්...ආයේ ඉතිං හැරෙන්න වත් බෑ .

කොහොම හරි exam දවස් වලින් තීරණාත්මක අමාරු දවස් 4 ම ඉක්මණට ගෙවිලා ගියා....ඒ  දවස් වල ලොකු විශේෂ දෙයක් වුණේ නෑ...ඉතිං..අපි ස්කොලෙ එනවා...exam ලියනවා...පස්සේ ආයේ හෙට තියෙන එකට පාඩම් කරනවා...class යනවා ගෙදර එනවා...ගෙදර ඇවිල්ල ආයේ පාඩම් කරනවා...ආයේ අනිත් පහුවදා ස්කොලෙ යනවා..ඔහොම තමා මේ දවස් 4 ම ගෙවුනේ....

මොකද බන් කොච්චර කලින් අපි පාඩම් කරලා තිබුනත් exam හෙට කියල දැනෙන ඒ භීතිකාව නම් ආයේ කියල වැඩක් නෑ...මං නම් බං bus එකේ එන මග දිගටත් ෂෝට් නෝට් book එක බඳාගෙන අන්තිම විනාඩියෙත් ඒක බලල තමා වාඩි වුණේ...😅..මොකද මම 75 ට වඩා ගන්න ඕනේ....නැත්නම් මම ගමේ ගිහින් ඉවරයි...

ඉතින් අද ඒ කලබල දවස් ටිකෙන් පස්සේ අන්තිම දවස General English paper එක...ඕක ඉතිං මහ දෙකක් ඇයි කියල මං දඩ බඩ ගාලා ලියලා දැම්මා....අම්මා....තව පැය එක හමාරක් තියනවා...බාගෙට බාගයක් paper එක උඩම නිදි....නැත්නම් ඉතිං මොනා කරන්නද....වටපිට බලන්නත් බෑනෙ...අපි හිටියේ බිත්තිය අයිනෙ පෝලිමේ මම ඩෙස්ක් එක උඩ දිගා වෙලා මට එහා පැත්තෙ පෝලිමේ ඉන්න එයා දිහා බැලුවා....ම්ම්...සුවදායක දර්ශන පථයක්....

_ආදර_සමීකරණ_Where stories live. Discover now