9 වෙනි කොටස 🧪

864 139 88
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




"තමුසෙට හෙන ලෝභ හිතෙනවා බං...."

ලබ්... ඩප්...ලබ් ඩප්...ලබ්..ඩප් ....ලබ්..ඩප්.....🫀

මිනිස්සුන්ගේ හෘදයේ කුටීර 4 ක් තියනවා...උඹලා දන්නවා ඇති ඉහළ කුටීර දෙක කර්ණිකා....පහල කුටීර දෙක කෝෂිකා ..ඉතින් මේ කෝෂිකා රුධිරයෙන් පිරුණම පීඩනය ඉහළ යනවා..දකුණු පැත්තේ එකට වඩා වම් පැත්තේ එකේ
...ඉතින් මේ පීඩනය වැඩි නිසා ද්වි තුන්ඩ, ත්‍රී තුන්ඩ කපාට වැහිලා අඩ සඳ කපාට විවෘත වෙනවා...මේ වෙලාවට වම් කෝෂිකාවේ රුධිරය සංස්‌ථානික මහා ධමනියටත්, දකුණු කෝෂිකාවේ රුධිරය පුප්පුශිය මහා ධමනියට ඇතුල් වෙනවා..එතකොට මේ ද්වි තුන්ඩ ,ත්‍රී තුන්ඩ කපාට වැහෙන හඩ ලබ් (lub )කියලා ඇහෙනවා.....

ඊට පස්සේ ඔය කෝෂික ආකුංචනය ඉවර වුණාම කෝෂික විස්තාරය පටන් ගන්නවා..ඒ කියන්නේ මෙච්චර වෙලා සංකෝචනය වුණ කෝෂිකා දැන් ඉහිල් වෙනවා...ඒ හින්දා සංස්ථානික මහ ධමනියටයි පුප්පුශිය මහා ධමනියටයි පීඩනයක් යෙදෙනවා ..ඒ ප්‍රතිඵලය විඳියට අඩ සඳ කපාට මත ඉහළින් තෙරපුමක් ඇති වෙනවා...එතකොට ඒ අඩ සඳ කපාට වැහෙනවා.එතකොට ආපහු හෘදය වෙත රුධිරය ගෙන යන එක වැලකෙනවා...ඉතින්...මේ අඩ සඳ වැහෙන හඩ ඩප් (Dup) කියල කියනවා...

ඉතින් අපි නිදහස් මනසින් ඉද්දි..විවේකීව ඉද්දි අපේ මේ හද ගැස්ම හරිම noraml..හැබැයි අපි exercise එහෙම කරාම ,මහන්සි වුණාම මේක අසාමන්‍ය විඳියට වැඩි වෙනවා...ඒ වගේම තමා අපේ හැගිම්...ආතතියක්, කනස්සල්ලක්, මානසික අවපීඩනයක්, කලකිරීමක්, භයක් වුණාම හර්ද ස්පන්දනය ගොඩක් වැඩි වෙනවා...ඒකට හේතුව තමා බං ඔහොම වුණාම නිකුත් වෙන කෝටිසෝල්,ඇඩ්රිනලින් කියන මානසික ආතති හෝමෝන..ඒවා හදවතට පහර දෙනව...ඉතින් දැන් මට වෙලා තියෙන්නෙ අන්න ඒක....

_ආදර_සමීකරණ_Where stories live. Discover now