7 වෙනි කොටස 🧪

841 143 121
                                    

Comment goal 50 🙌❤️




Comment goal 50 🙌❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.






අපි දඩ බඩ ගාලා ඇග සෝදගෙන සුදු පාට ඇදුමක් එහෙම දාගෙන ලෑස්ති වූණේ මළ ගෙදර යන්න..ස්කොලෙ basketball interview එක ඉවර වෙලා යැගි,ටෝටො දෙන්නත් මළ ගෙදර යන්න ආවා..තවම මරණේ ගෙනල්ලා නෑ..ඒත් සෙනග හෝ..ගාලා..bus පිටින් ඇවිල්ලා campus ළමයි එහෙම..

හිමංශු අයිය campus එකෙත් හෙන කැපිලා පෙනුන character එකක්...අරගල, ශිෂ්‍ය පෙළපාලි...ඕවා නිසාම හෙන famous ලු..ඊටත් වඩා පොර fox hill වල එහෙම bike race පදිනවා....

යැගි,ටෝටොයි ආවට පස්සේ අම්මා අපි ඔක්කෝටම උඩට බත් බෙදලා ගෙනල්ලා දුන්නා.. මං නම් කන්නේ නෑ ගිලින නිසා ඉක්මණට කෑවා....අපේ එවුන් අත ගගා බත් කනකන් මම ගියේ අපේ අයියා බලන්න...ඇයි යකූ ගෙදර ආවා ආවමයි මුව මං තාම දැක්කෙත් නෑ..මම යද්දි අයියගෙ හොඳම යාළුවෝ 3 දෙනා ඉන්නවා උගේ කාමරේ...

අපේ අයියට පොඩි කාලේ ඉඳන් හිටපු යාළුවෝ සෙට් එකේ හොඳම යාළුවෝ 4 දෙනෙක් හිටියා...එක්කෙනෙක් තමා දැන් ඔය මැරුණු හිමංශු අයියා...ආයේ ගගුල් අයියා, හංසක අයියා, රිස්වාන් අයියා...ඌ මුස්ලිම්...මේ මගේ එවුන් වගේම අපේ අයියගේ පොඩි කාලේ ඉඳන් යාළුවෝ...

අපේ අයියයි ගගුල් අයියයි මොරටු University ,එතකොට හංසක අයියා කැලණි University ,හිමංශු අයියා රුහුණු University..රිස්වාන් අයියා ජයවර්ධනපුර University...උන් ඔක්කොම ගන මීටර්...ඒකනේ මට ස්කොලෙ ගුරුවරුන්ගෙන් ගැලවීමක් නැත්තෙ...හැබැයි මං නම් බං ගන මීටරයක් නෙවෙයි...හැබැයි මිලි මීටරුත් නෙවෙයි.....මං සෙන්ටි මීටර්....😬😁

"ආආ..ජානු මල්ලී..උඹව දැක්කෙත් දැන්නේ බං..ස්කොලෙ ගිහින් කීයටද ආවෙ..මං හිතුවෙ class කියල..."

_ආදර_සමීකරණ_Where stories live. Discover now