ඔය ඇස් කතා කරනවා....
මගේ දිහා බල බලා...
හිරිමල් හිතේ නැවතිලා...
ඉන්නටම දිවි තුරා...
හදවත ඉතිරි ඉතිරි ගලන මේ....
හැඟුමදෝ ආදරෙ....ටිකකට කලින් තිබුණු මහා වැස්ස දැන් පායලා...ඒත් සීතල නම් ගිහින් නෑ...අද Jersey එකක් දාගෙන එලියට ආවත්...මට ඒ රස්නෙ මදි කියලා දැනිලා...ඔව්..මං හිතන්නෙ ඇගට ඕනි මේ රස්නෙ නෙවෙයි වගෙ...
Ear pod එකත් ගහන් මම මිදුලට එද්දි රෑ වෙලා..දැන් වෙලාව 7 ට කිට්ටුයි..ගෙදර ඇවිල්ල මහ වේලාවක් නෑ...අපි..එද්දි මෙහෙටත් පුදුම වැස්සක් තිබුණේ..බක්මහ අකුණු එළි එක්ක..මග දිගට වැටුනු මම ආසම වැස්ස අද මාව රිද්දනවා....
ඉරිගු යායේ මැද්දෙ..ගොරවන කොට ගැස්සුනු එයාව මට මතක් වුණා..මගේ දිහා බලාගෙන හරි කලබලයකින් කතා කරන ඒ තද කළු ලොකු බෝල ඇස්...තප්පරෙන් තප්පරේ මතක් වෙද්දී..ගැලපෙනම සින්දුවක් play ලිස්ට් එකෙත් play වෙනවා...
පපුව පුදුම වේගෙන් ගැහෙනවා...මොකක්ද මන්දා හැඟිම් ගොඩක් එක්ක...ඒවා උතුරලා යද්දි...රිදෙන කොට මං මහ හයියෙන් එතන තද කරලා මිරික ගත්තා...
පුරුදුත් වගෙ දැනෙනවා...
පෙර භවේ හමු වෙලා...
හුස්මත් පවා වටිනවා...
අපි අපෙ හිතනවා....හදවත ඉතිරි ඉතිරි ගලන මේ...
හැඟුමදෝ ආදරේ....ඔයාව මට මෙච්චර පුරුදු ඇයි..ජානු....අපි කලින් හම්බවෙලා ඇති අනිවාර්යයෙන්ම...
ආආ...වෙනස්...එහෙමනේ....එයා නෙවෙයි අද...මේ මං..තේවි දිවාකර බන්ඩාර...වෙනසක් දැනෙයි..මොකද එයා තරම් මං talkative නෑනෙ...