තේවි එහාට මෙහාට ටිකක් දඟලන කොට ඒ මූණේ අපහසු බැල්මක් මැවෙන කොට ඇත්තටම මං ගොඩක් භය වුණා...එයා හීනෙන් භය වෙනවා.. දෙය්යනේ..
"තේ...වි...."
මං එයාගෙ අතේ බාහුවෙන් තද කරලා අල්ලලා එයාව හෙල්ලුවේ ඇහරව ගන්න..
"තේවි...අනේ මොකද බන් මේ...නැගිටපන්කො...."
එහාට මෙහාට හීනෙන් දඟලන එයා දිහා මං බය වෙලා බලාගෙන ඉද්දි..එයා දාඩිය දාගෙන කෑ ගහගෙන එක පාර ඇහරිලා වේගෙන් හුස්ම ගත්තා...
"තේ... වි ...මොකද බන් වූණේ...උඹ හොඳින් නේද..."?
එයාගෙ ඇස් දෙපැත්තට කඳුළු බේරිලා යද්දී වේගෙන් හුස්ම ගත්ත එයා දැනටම ඇදේ වාඩිවෙලා එයාගෙ දිහා බලාගෙන ඉන්න මාව අතින් එහෙම්මම ඇදලා එයාගෙ පපුවට තද කරගෙන තුරුල් කර ගත්තෙ side එකට හැරෙන ගමන්...
එයාව ගැහෙනවා...මට ඒක හොදටම දැනුනා..මං මගේ අත් තදින්ම එයාගෙ වටේ ඔතා ගෙන කකුලකුත් එයාගෙ ඇග උඩින් දාගෙන පුළුවන් තරම් එයාට ලං වෙලා ඒ බෙල්ල අස්සේ ගුලි වුණා...
"තේවි...මැ...ණි....ක..."
"ම්ම්ම්ම්...."?
"මොකද වුණේ වස්තු...ඇයි මේ..."?
එයාගෙ කඳුළු මගේ ඔලුවට දැනෙනවා...මට ඒක දරාගන්න බෑ..බං..මගේ පපුව හොඳටම රිදෙනවා ...මගේ ඇස් පලාගෙන ආපු කඳුළු එයාගෙ බෙල්ලට දැනෙන කොට තේවි ටිකක් මාව ඈත් කරල ඒ අත් දෙකින්ම මගේ මූණ ගත්තා...
"අඩන්න එපා... බබා...අඩන්න එපා...ම්ම්ම්....ඒක නිකන් හීනයක් විතරනේ.."
එයාගෙ තොල් ආයේ තදින් මගේ නළලේ උඩ තද වෙද්දී ඒ තප්පරෙන් ඒ කඳුළු පිහිදා ගත්ත...මොකද මං වගේ නෙවෙයි බං...එයා ලේසියෙන් අඩන් නෑ.. මොකද එයා ඇඩුවොත් මට දරාගන්න නම් ලොවෙත් බෑ පුතේ...