74 වෙනි කොටස 🧪

639 133 83
                                    

A/ N Pov

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


A/ N Pov

"උඹ කියන්නේ ඒක පොත අස්සට දැම්මා කියලද.."?

"ඔව් ඔව්...යොමාල්...මම උදේ ඒක එයාගෙ පොත අස්සට දැම්මා..."

"එහෙනම්...යකූ ජානු ඒක ගත්තෙ නැත්නම්..හරි දැක්කෙ නැත්නම් හරි ඒක දැන් පොත අස්සේ නෑනෙ..."

"ඒක තමා බන් අවුල...එයා ඒක දැක්ක නම් ඔහොම හැසිරෙන්නේ නෑනෙ..ඒ කියන්නේ එයා ඒක අරගෙන නෑ..'

ස්කොලෙ අරින්න කලින් ලාස්ට් period එක වුණේ English...ඉස්සරහම පෝලිමේ හිටපු තේවි, එක්ක කුටු කුටු ගාපු යොමාල් සැරින් සැරේ පිටිපස්සෙ පෝලිමේ එයාලා දිහා ගිලින්න බලාගෙන ඉන්න තුන් කට්ටුව දිහා බැලුවා...

"අරුන් අපි අමුවෙන් කන්නද, බැදලා කන්නද ,තම්බලා කන්නද කියල බලාගෙන ඉන්නේ බන්.."

ෂේප් එකෙ පිටිපස්සෙ බැලුව තේවිත් සෝසේගේ එරවිල්ලට ආයේ ඉස්සරහ බලලා තඩි කෙළ ගුලියක් ගිල ගත්තා..

කොහොමත් තේවි ඉන්නෙ හොඳින් නෙවෙයි....ඔක්කොම ඉස්සරහ ජානුට ගිරිය පුප්පන් කෑ ගහලා ,ඒ මදිවට මහසෝනා වැහිලා වගෙ කනට ගහලා..දැන් කරගන්න දෙයක් නැතුව ඉන්න එයා තවත් කලබල වුණේ ජානු ගෙදර ගියා කිව්ව නිසා...

"මං නිසා උබටත් වදේ නේද යොමාල්..."?

"පිස්සුද බං...මට ඉතිං උඹ සීන් ඔක්කොම කිව්වනේ...මට උඹ ඉන්න තත්වේ තේරෙනවා..."

තමන් ගැනම දැනුනු කේන්තිය එක්ක මේ වෙලාවේ තේවිට කරන්න ඇත්තටම දෙයක් තිබුණේ නෑ..තමන් ගෙදර ඉඳන්ම ලියාගෙන ආපු චිට් එක ඔක්කෝටම හොරෙන් ජානුගේ මේසෙ උඩ තිබුණු කොළ පාට physics practical පොතට දැම්මේ කොයි වෙලේ හරි ඒක ජානු දකී කියලා...

_ආදර_සමීකරණ_Where stories live. Discover now