68 🌹

1.3K 196 144
                                    

" හොදට වැඩ ටික කරගන්න ඕනේ. මනස්ගාත ඔළුවට දාගන් නැතුව මෙහෙ හිටිය වගේම ආතල් එකේ ඉන්න ඕනේ. මට ශුවර් ඔයාගේ වයිබ් එකට ගැලපෙන සෙට් එකක් හොයාගන්න පුළුවන් වෙයි. මහ ගොඩක් ඕනෙත් නෑ හිතට ෆිට් එක දෙක තුනක් වගේ ළගින් ආශ්‍රේ කරපන්. අනික දැන් ඔතනදි එක එක රටවල අයව මුණගැහෙනවා නේ.. අපි දන්නෑනේ බන් ඕකුන් මොන මොන ජාතියෙද කියල. පුළුවන් තරම් අතේ දුරින් තියන් ආශ්‍රේ කරපන්. සමහර විට ලංකාවේ එවුනුත් ඉදීනේද ? "

" ඔව් අයියේ. ගිහින්ම තමයි ඉතින් බලන්න වෙන්නේ. "

" සතියක් තියනව කිව්වනේ කට්ටිය අදුරගන්න. "

" හ්ම්ම්..."

" අපිව අමතක කරන්න එහෙම එපා උඹ. Sim active කරපු ගමන් message එකක් දාපන්. අපි බලන් ඉන්නවා. "

අද තමයි ටෙරාන් ඩුබායි වල ඉදන් ඔස්ට්‍රේලියා වලට පිටත් වෙන දවස. ඊයේ ටෙරාන්ගේ සමුගැනීම වෙනුවෙන් කට්ටිය බෝඩින් හවුස් එකේ පොඩි පාටියක් දැම්මා. Alcohol ජාති මුකුත් නැතුව බිම ඉදගෙන කකා , බිබී කට්ටිය රෑ එළි වෙනකන්ම එයාලා ටෙරාන් එක්ක ගත කරපු අවුරුද්ද ගැන කතා කරකර හිටියා. ඒ වගේම කට්ටියම එකතුවෙලා ටෙරාන්ට ගිෆ්ට් එකක් විදියට Sweater කිට් දෙකකුත් අරගෙන දුන්න.

අද උදේ shift එකට ගිය මඩයයි , හැලයයි වේලාසන ඇවිත් හවස ටෙරාන්ව ඇරලවන්න Airport එකට ආවා. මෙච්චර වෙලා ටෙරාන් ගාවට වෙලා උපදෙස් දිදී ඉදපු මඩයා මැද්දට පැනපු හැලයා ටෙරාන්ව හග් කරන ගමන් එයාලාව අමතක කරන්න එපා කියලා කිව්වා. ටෙරාන් යන එක ගැන නව දෙනාටම ලොකු දුකක් , පාළුවක් දැණුනා. ටෙරාන්ට වුණත් එහෙමයි. තමන්ගේ පවුල අත ඇරලා ඩුබායි එද්දි දැණුනු හැගීම ඒ විදියටම ටෙරාන්ට අද අවුරුද්දක් තිස්සේ එයාගේ පවුල වගේ ළගින් හිටිය සහෝදරයෝ දාලා යද්දි දැණුනා.

ටෙරාන් එක්ක කතා කර කර පැයකට වඩා Airport එකේ හිටිය මඩයයි , හැලයයි ටෙරාන් ඇතුළට ගියාට පස්සේ Airport එකෙන් එළියට ආවා.ගිහින් ඇතුළෙන් වාඩි වුණු ටෙරාන් ගෙදරට කෝල් එකක් ගත්තා.

" සුදූ... "

" තව පැය දෙකකින් flight එකනේ... "

" ඔව්. කෝ අම්මා ඉන්නවද ? "

අභිරන් | Sinhala BLWhere stories live. Discover now