34 🌹

1.5K 165 169
                                    

මංචනායක call කරලා අභිත්ට එයාව meet වෙන්න එන්න කිව්ව නිසා හවස 4 ට විතර ටෙරාන්ව ගෙදරින් ඇරලුව අභිත් මංචනායකව  meet වෙන්න ගියා.

හෙට තමයි අභිත්ගේ 29 වෙනි Birthday එක. අභිත් ඉපදුණු දවසෙ ඉදන්ම අභිත්ගේ උපන්දිනේට ළමා නිවාසෙකට ඒ මුළු දවසෙම උදේ , දවල් , රෑ දාන තුනම දෙන්න අභිත්ගේ අම්මයි අප්පච්චියි භාරගෙන තිබ්බා. අභිත් එයාලගෙ ළග හිටියෙ නැති වුණත් අම්මයි අප්පච්චියි නොවරදවාම ඒ දේවල් ඒ විදියටම සිද්ද කරා.

අභිත් ගියාට පස්සේ නාලා ඇදුමක් දාගත්ත ටෙරාන් අභිත්ට Birthday cake එකක් අරන් එන්න හිතන් ගෙයින් එළියට බැස්සා. Caravan fresh එකෙන් Coffee Chocolate Gateau cake එකක් ගත්ත ටෙරාන් අභිත්ට Birthday gift එක විදියට Couple key chains දෙකකුත් ගත්තා.

ටෙරාන් එක couple key chain එකක් ගන්න ගියත් එතන තියන ඒවා දැක්කට පස්සේ ආදරණීය සිතින් එකයි කුපාඩි සිතින් එකයි දෙකක්ම ගත්තා. Birthday candles , fresh rose 10ක් වගේම තවත් ඕන කරන දේවල් අරගෙන ටෙරාන් අභිත් එන්න කලින් ගෙදරට ආවා.

රෑට උයන්න මහන්සි වෙන්න ඕන නෑ අභිත් එනගමන් මොනා හරි ගේන්නම් කිව්ව නිසා ගෙදර ඇවිල්ලා ගෙනාපු දේවල් ටික හැංගුව ටෙරාන් අභිත් එනකන් නින්දක් දාන්න හිතන් ඇදට වැටුණා.

" සුදු බබා... නැගිටින්න. "

අභිත් ගෙදර එනකොට රෑ 8ත් පහුවෙලා තිබ්බ නිසා අභිත් wash එකක් දාන් ඇවිත්ම ටෙරාන්ව ඇහැරෙව්වා.

" බබා... මන් pizza ගෙනාවා... "

Pizza වචනෙ ඇහුණු ගමන් ටෙරාන් දඩිබිඩි ගාලා නැගිටලා ඇදෙන් ඉදගත්තත් ආයෙම නිදිකිරා වැටෙන්න ගත්ත නිසා අභිත් එයාගේ සීතල අත් වලින් ටෙරාන්ගේ කම්මුල් දෙකට තට්ටු කරා.

" අභූ..... "

" ම්ම්ම්..."

" වෙලාව කීයද ?"

" අටයි හතළිස් පහයි."

" ඈ... ඔයා හත වෙනකොට යන්න ඕන කිව්ව නේ... මාව කළින් නැගිට්ටවන්න එපැයි. ඉන්නකෝ මන් ටක් ගාලා කන්න මොනා හරි හදන්නම්. "

මනෝ විකාරෙන් වගේ කියව කියව ටෙරාන් ඇදෙන් බැහැල දුවද්දි ටෙරාන් මොකද කරන්නේ බලන්න අභිතුත් ඒ පස්සෙන් කුස්සියට ගියා.

අභිරන් | Sinhala BLWhere stories live. Discover now