66 🌹

1.3K 195 136
                                    

යන්න කොහෙද කියලා හරි අදහසක් නැති වුණත් අභිත් දිගටම වාහනේ drive කරා. අභිත්ට කවුරුත් නැති තැනක තනිවෙලා පහුගිය කාලේ සිද්ධ වුණු දේවල් ගැන හිතන්න ඕන වුණා. බොහොම ආදරණීය විදියට තිබ්බ එයාලගේ සම්බන්දේ බිදිලා යන්න දෙන්න අතර වුණු හිත් අමනාපකම් , දෙන්නම දැන නොදැන කල වැරදි ගැන අභිත්ට හිතන්න ඕන වුණා. තමන් ටෙරාන්ට කරපු නපුරුකම් මතක් වුණහම ටෙරාන් තමන්ට සමාව දෙන එකක් නැති වෙයිදෝ කියලත් අභිත්ට හිතුනා. ඒත් වැදලා හරි දෙන්න අතර ඇති වුණු Misunderstanding එක නැති කරන්න  ටෙරාන්ට එයාගේ පැත්තෙන් හේතු කියන්න අභිත්ට ඕන වුණා.

ගැඹුරු කල්පනාවක් එක්කම එක දිගට පැය බාගයක් විතර drive කරපු අභිත් අවසානේ කැළණි පන්සල ගාව නතර වුණා. ටෙරාන්ගෙයි එයාගෙයි පළවෙනි date එක , එදා දවස කොහොම නම් අමතක කරන්නද , දැනට හරියටම අවුරුදු දෙකකට කලින් නමක් නොදන්න බැදීමක් එක්ක වුණත් එයාලා දෙන්න සතුටින්ම හිටිය ඒ කාලේ , ටෙරාන්ගේ කටින් අභිත්ට ' ඔයා මගේ තාත්තා වගේ ' කියලා කියවුණු ඒ දවස , කාර් එකෙන් බැහැල පන්සලට යන්න තියන අඩියක් ගාණේ අභිත්ට එයාලගේ ආදරණීය මතක මතකයට ආවා.එදයින් පස්සෙන් තුන් හතර ගමනක්ම එයාලා කැළණි ආවත් පළවෙනි ගමන තාමත් අභිත්ගේ හිතේ ගැඹුරුම තැනක සටහන් වෙලා තිබුණා.

වැඩි සෙනගක් නොහිටිය පන්සලේ අභිත් ගිහින් එදා එයාලා ඉදගත්ත චෛත්‍ය ගාව ගල් බැම්ම ගාවින්ම අදත් ගිහින් වාඩිවුණා. එදා තමන්ගේ  එහා පැත්තේ හිටිය ඒ පිංපාට කුමාරයා අද හිතේ ඇදෙන සිතුවමක් විතරක් වෙද්දි අභිත් චෛත්‍ය කොත් කැරැල්ලත් එක්ක පේන නිල් අහසට ඇස් යොමු කරා. අභිත් සම්බන්ධයක් පටන් ගන්න ඉක්මන් නොවුණා නම් සමහර විට ඒ කාලේ වගේම කියන කියන එකට හරහට මොකක් හරි කිය කිය ටෙරාන් එයාගේ එහා පැත්තෙන්ම ඉදී කියලා අභිත්ට හිතුනා.

ඒත් නෑ... පවුලක් විදියට ඇත්තටම එයාලා කාලයක් හොද පවුල් ජීවිතයක් ගත කරපු බව අභිත්ට ආයෙම මතක් වුණා. ටෙරාන් අවසාන මොහොතේ තමන්ව දාලා යන්න හේතුව පවා ටෙරාන්ගේ හිතේ තමන් වෙනුවෙන් තිබ්බ අසීමිත ආදරේ බව මතක් වෙද්දි අභිත්ගේ ඇස්වල පිරිලා තිබුණු කදුළු කැටි හිමින් සීරුවේ කම්මුල් දිගේ පල්ලම් බැස්සා. ටෙරාන් පිරිමියෙක් වෙලත් ඒ කාලේ තමන්ට කොච්චර ආදරණීය සහයකයෙක් වුණාද , නෑ බෑ නොකියා රසකෑම උයලා දෙන එක , තමන්ගේ ඇදුම් වල ඉදන් මුළු ගෙදරම පිළිවෙලට තියාගන්න විදිය , අසනීපයක්  ප්‍රශ්නයක් ආවහම තමන්ව බලාගත්ත විදිය , හිත මනස සැහැල්ලු කරගන්න උදව් කරපු විදිය කළු සුදු චිත්‍ර පටියක් වගේ අභිත්ගේ මනස පුරා දිගට හරහට ඇදෙන්න ගත්තා.

අභිරන් | Sinhala BLWhere stories live. Discover now