19 🌹

1.7K 194 141
                                    


"ටෙරාන් "

"ස්..ස..ර්..."

"යනකන් call එකේ ඉදපන්."

ධනුෂ්ට කෑ ගැහුව සද්දෙන්ම අභිත් ටෙරාන්ටත් කෑ ගහද්දි හොදටම බය වෙලා හිටිය ටෙරාන් phone එක අත් දෙකෙන්ම ගුලි කරගෙන කිසිම සද්දයක් නැතුව හිටියා.

විනාඩි 20 කට විතර පස්සේ ධනුෂ්ගේ කාර් එක site එක ඉස්සරහ නවත්තනකන්ම වාහෙනේ ඇතුළේ තිබ්බ නිහැඩියාවක්. ධනුෂ් ඉස්සරහ බලන් drive කරද්දි ටෙරාන් දිගටම ඔලුව බිමට නමන් හිටියා. ටෙරාන්ගේ අතේ තිබ්බ call එක speaker on කරලා තිබ්බත් අභිතුත් කිසිම සද්දයක් නොකර හිටියා.

" ටෙරාන් ආවද ?"

"ඔව් සර්."

"ධනුෂ් තමුසෙට හෙට උදේම resignation letter එක ලැබෙයි. "

සපත්තු දෙක අතට ගත්ත ටෙරාන් ධනුෂ්ට වචනයක් වත් නොකියා car එකෙන් බැස්සා. ඇදි ඇදි වගේ ගේට්ටුව ගාවට ගිය ටෙරාන් දෙපාරක් තට්ටු කරද්දිම security ඇවිත් වහල තිබ්බ විශාල ගේට්ටුව ඇරියා.

" ටෙරාන් මහත්තයා අසනීපෙන්ද ?"

" නෑ අංකල් ටිකක් මහන්සී."

Security ළග නැවතිලා කියව කියව ඉන්න හිතක් තිබ්බේ නැති ටෙරාන් අඩියට දෙකට කාමර තියන පැත්තට ඇවිදන් යද්දි ටෙරාන් ඇතුළට යනකන් බලන් හිටිය ධනුෂ් steering wheel එකට ගහගෙන ගහගෙන ගියා.

ටෙරාන්ටත් වඩා හොදට ධනුෂ් මංචනායක පවුලට තියන බලේ ගැන දන්න නිසා මෙච්චර වෙල සද්ද නැතුව හිටියත් අතට ලැබුණු දේ කටට දාගන්න බැරි වුණු නිසා ධනුෂ් හිටියේ අභිත් එක්ක වගේම ටෙරාන් එක්කත් කේන්තියෙන්. අනික හෙට ඉදන් තමන්ගේ රස්සාව නැති වෙනව කියන එකත් ධනුෂ්ගේ කේන්තිය double වෙන්න හේතු වුණා. මේ සිද්ධියත් එක්ක ටෙරාන් කලින් දවසේ කියපු එයාගේ partner අභිත්ද කියලත් ධනුෂ්ට ලාවට වගේ සැකයකුත් ඇති වුණා.

කාමරේට ඇවිත් මේසෙ උඩින් phone එක තිබ්බ ටෙරාන් පුටුවක් ඇදල මේසේ ගාවට අරන් ඉදගෙන මේසෙට ඔලුව තියාගත්තා.

" ටෙරාන් video on කරන්න. "

මෙච්චර වෙලා සද්ද නැතුව හිටිය අභිත් කියද්දි ඔලුව ඉස්සුව ටෙරාන් මේසෙ උඩ තිබ්බ වීදුරු කෝප්පෙකට phone එක හේත්තු කරල video on කරා.

අභිරන් | Sinhala BLWhere stories live. Discover now