67 🌹

1.2K 200 125
                                    

"Baby Shark, doo-doo, doo-doo, doo-doo
Baby Shark, doo-doo, doo-doo, doo-doo
Baby Shark, doo-doo, doo-doo, doo-doo
Baby Shark
Mommy Shark, doo-doo, doo-doo, doo-doo
Mommy Shark, doo-doo, doo-doo, doo-doo
Mommy Shark, doo-doo, doo-doo, doo-doo
Mommy Shark "

ශෝටක් ඇදලා ටවල් එකත් කරේ දාගෙන ඇග පිහිද පිහිද ටෙරාන් පොඩි ඩාන්ස් කෑල්ලකුත් දාගෙන රූම් එක ඇතුළට ආවා.

"අනේ නවත්තපන් පැංචා. අද restaurant එකේදි පැය තුනකට වඩා එක දිගට ඕකම අහලා මටනම් දැන් වමනෙට වගේ. බ්වෑක්ක්... "

" සිරා බන් ඈ.. මගේ ඔළුව පුරා විතරක් නෙමේ මුළු ඇග පුරාමත් ඔය ඩූ ඩූ එක කැරකෙනවා. "

අද කට්ටිය restaurant එකේ වැඩ කරන අතරේ restaurant එකට ආපු පොඩි ළමයෙක් එක දිගටම restaurant එකට ආපු වෙලේ ඉදන් පිටවෙලා යනකන් ඔක්කොටම ඇහෙන්න you tube එකේ baby shark song එක play කරපු නිසා සිංදුව අප්පිරිය වෙලා හිටිය සෙට් එක ටෙරානුත් ඒකම කියාගෙන කාමරේ ඇතුළට එද්දි ටෙරාන්ට කට පියාගන්න කියලා කෑ ගැහුවා.

" උඹට මන් තව සති දෙකකින් ගියාම තේරෙයි හැලයෝ.. මේ පැංචගේ කටහඩ අහන්න නැති වෙද්දි තේරෙයි.. උඹ අද මගේ කට වහලා ලොකූ වැරැද්දක් කර ගත්තේ කියලා.. "

ටෙරාන් Dramatic විදියට කට ඇද කර කර කියනකොට හැලයත් ඒ විදියටම කට ඇද කර කර කතා කරා.

" අනේ... නෑ... දෙයියනේ කියල අපිට උඹේ ටිං බෙලෙක් හඩින් කියන බොරු වචන දාපු සිංදු කෑලි නැතුව කනක් ඇහිලා ඉන්න පුළුවන්.. "

" යන්න කලින් තොගේ කන බීරි කරේ නැත්තන් මන් පැංචා නෙමෙයි..
හකුණා මටානා හහ්...හහ්...
හකුණා මටානා හහ්...හහ්... "

ටෙරාන් හැලයගේ කන ගාවටම කරලා කෑ ගහලා දුවගෙන ගිහින් ඇදේ දිගාවෙලා පාඩුවේ මලක් කඩන් ඉන්න මඩයාගේ කොන්ද උඩට පැන්නා.

" අම්මට... මට කියලා ඇට දෙක තලාගන් නැතුව බැහැපන් බිමට. "

" උඹ නම් මහ හොද නෑ... කොන්ද කඩාගෙන බාම් ගාගන්නකන් හොදයි උඹට. "

" අමාරුවෙන් කෙලින් කරගත්ත කොන්ද උඩ නලියලා උඹ ඕක ආයෙ කඩල ගියාම මට බාම් ටිකක් ගාගන්නවත් කෙනෙක් නෑ කියලා තොට තේරෙන් නැද්ද ? "

කරච්චලේ ඉවසගන්න බැරි තැන ටෙරාන් මඩයගේ ඇගෙන් රෝල් වෙලා ඇදේ එහා පැත්තට වැටුණා.

අභිරන් | Sinhala BLWhere stories live. Discover now