52 🌹

1.3K 148 236
                                    

"අවංකවම හරිම සතුටින් කියන්න ඕනේ.. අපි තීරණේ කරන්න කලින්ම අපේ පුතා එයාට ගැලපෙනම , සුදුසුම , හරිම තීරණේ අරගෙන තිබ්බා. ඔයාලා හැමෝම දන්නව නේ සෙන් ෆැමිලි එක. ඉතින් අපේ ආදරණීය පුතා ASM Companies වල අනාගත අයිතිකාරයා අභිත් මංචනායකත් Senn Companies වල අනාගත අයිතිකාරිනී මිචෙල් සෙන් අපේ ආදරණීය දුවත් අවුරුදු ගණනාවක සිට පෙම්වතුන් වෙලා ඉදලා ලබන අවුරුද්දේ මුල්මාස දෙක ඇතුළත එයාලගේ Engagement එක ගන්න හිතාගෙන ඉන්නවා. "

ශ්‍රීමතීගේ වචන ටෙරාන්ගේ කන් පසාරු කරගෙන යනවා දැනෙද්දි ටෙරාන් ගල් ගැහිලා වගේ ශ්‍රීමති දිහාම බලාගෙන හිටියා. එයා තව මොන මොනවදෝ කියෙව්වත් අභිත් මිචෙල් දෙන්නා අවුරුදු ගාණක ඉදන් loversලා කියපු කාරණයත් එන අවුරුද්දේ මුලම engage වෙනවා කියන කාරණයත් දෙක ටෙරාන්ගේ කන් ඇතුලේ දෝංකාර දෙන ගමන් මුළු ඔළුවම ගිනිතියලා අව්ලනවා වගේ ටෙරාන්ට දැණුනා. පපුවෙ නහර දිගටත් අමුතු හීන් වේදනාවක් ගලන් යද්දි ටෙරාන් ශ්‍රීමතී මත තිබ්බ ඇස් එයාගේ අභූ දිහාවට අරගෙන ගියා.

අභිත් කේන්තියෙන් ගිනි ගන්න ඇස් දෙකක් එක්ක සම්පූර්ණෙම්ම Confused වුණු බැල්මකින් ශ්‍රීමතී දිහා බලාගෙන හිටියා. ඉදගෙන හිටිය පුටුවෙන් නැගිට්ට ටෙරාන් Hotel room එකෙන් එළියට දුවද්දි එකපාරම ලී දොර වේගෙන් ඇරිලා වැහෙනකොට ලොකු සද්දයක් ආවා. ශ්‍රීමතී කට හද හද කියන සුරංගනා කතා අහන් ඉන්න කාටත් ටෙරාන් එළියට ගිය එක ගාණක් නැතිවෙද්දි දොර වැහුණු සද්දෙ නිසා ගැස්සිලා දොර දිහා බැලුව අභිත් එහෙම්මම ටෙරාන් ඉදන් හිටිය ටේබල් එක දිහා බැලුවා.

ටෙරාන් එතන නෑ කියලා දැනගත්ත ගමන් අභිත් එළියට යන්න නැගිට්ටත් අප්පච්චි අභිත්ගේ වම් අතේ මැණික් කටුව ගාවින් තද කරලා අල්ල ගත්තා.

" ඔහ්හ්... අපේ පුතාට එයාගේ love story එක අපිත් එක්ක බෙදා ගන්න ආස හිතිලා වගේ. "

ඇස් රතු කරගෙන , දත් මිටි කාගෙන , අත් මිට මොලවගෙන තරහේ උපරිමේටම ගිහින් නහයෙනුත් පිඹින අභිත්ගේ මූණ දිහා බැලුව මංචනායක අතින් ඇදලා අභිත්ව පුටුවෙන් ඉන්දන ගමන් ශ්‍රීමතී දිහාටත් තද බැල්මක් දැම්මා.

අභිරන් | Sinhala BLWhere stories live. Discover now