65 🌹

1.2K 192 187
                                    

දෙසැම්බර් විසිදෙවැනිදා ටෙරාන් , සවීන් එක්කම ඩුබායි බලා යන්න සූදානම් වුණා. ටෙරාන්ව අළුත් පරිසරයකට තනියම යවන්න එපා කියලා ලැබුණු දැඩි වෛද්‍ය උපදෙස් නිසා අම්මයි ජානුයි දෙන්නම සවීටත් ටෙරාන් එක්ක ගිහින් ටෙරාන් ඒ පරිසරයට හුරු වෙනකන් , යාළුවෝ අදුරගන්නකන් මාසයක් ඩුබායි ඉදලා එන්න කිව්වා. ඒත් ඔමේෂ්ව නොබලා මාසයක් ඉන්න බැරි නිසාම සවී සති දෙකක් විතරක් ඉදලා එන්න තීරණේ කරා. මොකද ඔමේව බලන්න යන එකම කෙනා සවී නිසාත් සවී එනකන් ඔමේ බලාගෙන ඉන්න බව දන්න නිසාත් ඔමේට මාසයක් එයා එනකන් බලන් ඉන්න දෙන්න සවී අකමැති වුණා.

ටික දවසක් ඇතුළත ඔක්කම ලෑස්ති කරගන්න වුණු නිසා පවුලේ හතරදෙනාම බොහොම උනන්දුවෙන් මේ රට යන වැඩේ තම තමන්ට කරන්න පැවරුණු දේවල් හරි විදියට ඉෂ්ඨ කරා. ටෙරාන් වුණත් තවත් අභිත් ගැන බලාපොරොත්තු තියා ගන්න එක මෝඩ වැඩක් කියලා තේරුන් ගත්ත නිසා අභිත්ව නොපෙනෙන අභිත්ට හොයාගන්නවත් බැරි තැනකට යන එක හොදයි කියලා හිතලා හිත හදාගන්න ගමන් හිටියා.

කලින් දවසේ රෑ අම්මා , ජානු දෙන්නම සෑහෙන වෙලාවක් ටෙරාන්ව බදාගෙන අඩලා එයාලා කොච්චර ටෙරාන්ට ආදරෙයිද කියන එක එයාලට ටෙරාන්ව කොච්චර වටිනවද කියන එක පුන පුනාම කියලා ටෙරාන්ට තව සෑහෙන උපදෙස් කන්දරාවකුත් දුන්නා. ටෙරාන්ගෙයි සවීගෙයි flight එක උදේ 11.45 ට තිබුණු නිසා උදේ 8.30 වෙද්දිම එයාලා airport එකට ආවා. ටෙරාන් මේ ගමන යන බව එයාලගේ පවුලේ හතර දෙනාගෙන් පිට වෙන කිසිම කෙනෙක් දැනගෙන නොහිටියා. සවීත් ගෙදර නැති සති දෙකක කාලේ අම්මයි ජානුයි කුරුණාගල තාත්තගේ අයියගේ ගෙදර ගිහින් නතර වුණා නම් හොදයි කියලා සවී කලින්ම යෝජනා කළා.

ගේ ගාවට ආව වෑන් එකට ටෙරාන් සවී දෙන්නා එකතු වෙලා හතර දෙනාගෙම luggages දාන අතරේ ජානු අම්මත් එක්ක උඩ තට්ටුවට ගිහින් උඩම තට්ටුවේ rent එකට ඉන්න nurse couple එක මුණ ගැහුණා. එයාලා සති දෙකක trip එකක් යන නිසා මේ සති දෙකට මාළු ටික බලාගන්න පුළුවන්ද අහලා fish bowl එකයි , ගෙදර එළියේ pond එකේ මාළුන්ටයි මේ හතර දෙනාටයි ඔක්කොටම කෑම දාන්න කියලා මාළු කෑමයි ඒ couple එකට දීලා දෙන්නත් එක්කම පහළට ආවා.

අභිරන් | Sinhala BLWhere stories live. Discover now