63 🌹

1.4K 179 223
                                    

ටෙරාන් අභිත් දිහාම බලාගෙන ඉද්දි ටෙරාන්ගේ ඇස් එක්ක මිලි තප්පර ගාණකට පැටළුණු අභිත්ගේ ඇස් ටෙරාන්ව මග හැරලා ඉස්සරහා බලාගත්තා. ටෙරාන් අභිත් දිහා බලන් ඉන්නවා දැකපු ජානු වේගෙන් වේගෙන් අභිත් ඉස්සරහට ඇවිදන් ආවා.

අභිත්ගේ ඉස්සරහ හිටගත්ත ජානු අභිත්ගේ හිස් මූණත් , මිචෙල්ගේ හෙම්බත් වුණු මූණත් , ශ්‍රීමතීගේ සතුට පිරුණු මූණත් , මංචනායකගේ පුදුමය පිරුණු මූණත් දිහා බලලා ශොක් වෙලා ඉන්න ටෙරාන්ගේ මූණ දිහාත් බැලුවා.

"දුව ටෙරාන්ගේ නංගි නේද ?"

මංචනායක කේන්තියෙන් පුපුරන ජානු දිහා බලලා අහද්දි මංචනායක දිහාත් කේන්තියෙන් බලපු ජානු අභිත් දිහාවට දඹර ඇගිල්ල දික් කරන ගමන් වේගෙන් වේගෙන් හුස්ම ගත්තා.

" තමුසේ.. තමුසේ.. කොහොමද මෙහෙම කරේ??? මන් ඔයාටත් මගේම අයියා වගේනේ සැලකුවේ.. කවුරු ඔයාව අවිශ්වාස කරත් මම ඔයාව විශ්වාස කරා අයියේ.. අන්තිමට ඔයා මාවම පාවිච්චි කරලා- "

" Push off. "

අභිත්ව මරන්න තරන් කේන්තියෙන් ඉන්න ජානුට කතා කරන්න පටන් ගත්තට පස්සේ ඉබේම ඇඩුනා. අඩ අඩ කතා කරන ජානුව ගණන් නොගෙන අභිත් ජානුට පලයන් කියාගෙන එතනින් යන්න යද්දි ජානුගේ කේන්තිය තවත් වැඩිවුණා.

" තමුසේ අයියට ආදරෙයි ආදරෙයි කිව්වට ඇත්තටම ආදරේ කරලා තියෙන්නේ මගේ අයියා විතරයි. තමුසෙට එයාව එපා නන් අත ඇරලා දාපු විදියටම පාඩුවේ ඉන්න තිබ්බා. තමුසෙට ඕන ඕන වෙලාවට ඇවිත් බිදලා දාන්න අපේ අයියා සෙල්ලම් බඩුවක් කියලා හිතුවද ? එයා හැම දෙයක්ම කරේ ඔයා වෙනුවෙන් වෙද්දි ඔයා... ඔයා... ඇයි අයියේ මෙහෙම කරේ... "

ජානුගේ කටේ සද්දේ නිසා වටේ පිටේ ඉන්න මිනිස්සුන්ගේ අවධානෙත් එයාලට යොමු වෙද්දි ටෙරාන් හිටිය තැනම හිටගෙන ඔළුව බිමට නමාගෙන හිටියා.

" දුව මෙතන කලබල කරන්න එපා. "

" Uncle ඔයාටවත් බැරි වුණාද ? අපේ අයියා ඔයාට ගොඩක් ආදරෙයිනේ.. ඔයාව ගොඩක් විශ්වාස කරානේ.. අපේ අයියා මුළු ජීවිත කාලෙටම අප්පච්චි කියලා කතා කරේ ඔයාට විතරයි. ඔයාලා ඔක්කොම එකතු වෙලා අපේ අයියව රැවැට්ටුවා.. ගියා නන් ගියපාඩුවෙ ඉන් නැතුව පවුල් පිටින් එකතු වෙලා අපේ අහිංසකයව රිද්දවන එක.. ඔයාලට මේක සෙල්ලමක්ද ?"

අභිරන් | Sinhala BLWhere stories live. Discover now