07 🌹

1.8K 223 66
                                    


"Good Morning අංකල්."

"Good Morning ටෙරාන් මහත්තයා. මූණම සුදුමැළි වෙලානේ මහත්තයා අසනීපෙන්වත්ද?"

"අහ් නෑ අංකල්. දන්නැද්ද ඉතින් උදේට බස් වල සෙනග නේ. "

" තාම 7.30 ට වත් නෑ නේ මහත්තයෝ. office එකේ කවුරුත් නම් තාම එනව දැක්කේ නෑ . හැබැයි ඔන්න අභිත් මහත්තයා නම් ආව මාස තුනකට විතර පස්සේ. "

" මන් දැක්ක car එක තියෙනවා. මන් සුරේෂ්ලවත් හම්බුවෙලාම යන්නම් අංකල්."

Office එකට ගියොත් අභිත් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙයි කියල හිතුව ටෙරාන් security අංකල්ට සමුදීල එහෙම්මම රත්නෙල නැවතිලා ඉන්න කාමර ගාවට ගියා. ටෙරාන් එතනට යනකොටත් කට්ටියම නැගිටල උයන ගමනුයි හිටියේ.

" මහත්තය මොකද මේ අද උදෙන්ම ඇවිල්ලා. "

" බස් එක ඉක්මනට ආව සුරේෂ්."

" අභිත් මහත්තයා රට ඉදන් ඇවිත් නේද? උදේ 7 ටත් කලින් ආවේ. "

" එහෙමද ? දැක්කේ නම් නෑ . මම ඒ පැත්තට ගිහින් නෙමේ ආවෙ. "

" මේ ටෙරාන් මහත්තයෝ ෂෙනෙලි නෝනා දවස් දෙක  තුනකින් මේ පැත්තේ ආවෙ නෑ නේ අසනීපයක් වත්ද?"

රත්නෙ අහපු ප්‍රශ්නෙත් එක්ක කකියන්න ගත්ත ඔලුව නිසා ඇගිලි දෙකකින් නලල දෙපැත්ත මසාජ් කරපු ටෙරාන් රත්නෙ දිහා බලල ලාවට හිනා වුණා.

"ෂෙනෙලි අක්කා අස් වෙලා අංකල්. ආණ්ඩුවෙ රස්සාවක් හම්බෙලාලු."

" ඉතින් දෙයියනේ මෙහෙට ඇවිත් අපිට කියලවත් යන්න එපැයි. ශෝක් කෙල්ල මොනා උනත් දුවල පැනල කඩිසරව වැඩ ටික කරා. ටෙරාන් මහත්තයට නම් දැන් පාලු හිතෙයි . "

"හ්ම්ම්..."

" මංචනායක මහත්තයත් ෂෙනෙලි නෝනට හරි කැමතී. මන් හිතුව ඒත් අභිත් මහත්තයව බන්දලදෙයිද කියලත්."

"මොනාද මාමේ ඔය කියවන්නේ. ගණන් ගන්න එපා ටෙරාන් මහත්තයෝ මේ අපේ මාමට විකාර. "

රත්නෙගෙ උරහිසට තට්ටුවක් දාපු සුරේෂ් සමාව ඉල්ලන බැල්මකින් ටෙරාන් දිහා බැලුවා.

" මන් office එකට ගිහින් එන්නම්. Security අංකල් කිව්වා තව ටිකකින් ලොරි වගේකුත් එනවා කියලා."

අභිරන් | Sinhala BLWhere stories live. Discover now