61 🌹

1.3K 161 184
                                    

පැයකට වඩා ඇදේ හාන්සි වෙලා බෙඩ් ශීට් එක අත ගගා අභිත්ව දැක්ක මුල්ම දවසේ ඉදන් වුණු සිදුවීම් එක පෙළට මතක් කරපු ටෙරාන්ට පහුගිය මාස දෙකක වගේ කාලේ එක පිට සිද්ධ වුණු හිත රිදුණු සිදුවීම් පෙළත් මතක් වුණා. ඇත්ත , බොරුව , හරි , වැරැද්ද තේරුම් ගන්න බැරි තත්වෙක හිටිය ටෙරාන්ට අභිත් කිව්ව වගේම කඩවුණු විශ්වාසෙත් එක්ක තවත් ඉදිරියට යන්න බෑ කියන එක තේරුණා.

ඇදෙන් බැස්ස ටෙරාන් luggage එකයි ලැප් බෑග් එකයි අරගෙන ඇවිත් සාලෙන් තියලා අන්තිම වතාවට කියලා හිතාගෙන ආයෙම කුස්සියට ගියා. කුස්සිය පුරා එයාගෙයි අභිත්ගෙයි හිනාව , කතාව දෝංකාර දෙනවා වගේ දැනෙද්දි ටෙරාන් අත් දෙකෙන්ම එයාගේ කන් දෙක වහගත්තා. එයාලා මේ ගෙදර ජීවත් වුණු අවුරුදු එකහමාර ඇතුළත වැඩිපුරම දවස් ගතවුණේ සතුටෙන් වගේම ආදරෙන්. මේ කුස්සිය ඇතුළෙම මෙතකයි කියලා කියල ඉවර කරන්න බැරි තරම් ආදරණීය මතක ගොඩක් ටෙරාන්ට තිබුණා. කදුළු පිහිද පිහිද කාමරේට ආව ටෙරාන් Open area එකට ඇවිත් අභිත් එයාට තෑගි දුන්න nest chair එක දිහාත් ටික වෙලාවක් බලාගෙන හිටියා.

අද එයා මේ ගෙදරින් ගියාට පස්සේ අභිත් මේ ගෙදර ආයේ අයිතිකාරයාට බාර දෙයිද? නැත්තන් එයා වෙනුවට වෙන කෙනෙක්- ඔළුව දෙපැත්තට වනලා පපුවටත් රිදෙන්න පාරවල් දෙකක් ගහගෙන ටෙරාන් තමන්ගේ හිතට එන්න ගිය සිතුවිල්ල නවත්තගත්තා.

' අභූ මට ආදරෙයි. අන්තිම මොහොතේ පවා අභූ පෙන්නුවේ ආදරේ විතරමයි. එයා දවසක මාව තේරුන් ගනී. දවසක මන් කරපු මෝඩකම් වලට සමාව දෙයි. '

එහෙම හිත හිත සාලෙට ආව ටෙරාන් සාලේ බිත්තියක් පිරෙන්න ගහලා තියන එයාලගේ photo ගොඩ දිහා බලාගෙන හිටියා. අත් දෙක දෙපැත්තට දිග ඇරලා බිත්තිය බදාගත්ත ටෙරාන් එයාගේ තුවාල වුණු කම්මුල බිත්තියට තද කරගත්තා.

ගෙට ගොඩ වුණු පළවෙනි දවසේ බිත්තියෙ ගහල තියන photo දැකලා එයා surprise වුණු විදිය , ඊට පස්සේ එක දිගට බිත්තිය පිරෙන්න දෙන්නගෙ අළුත් photo එකතු වුණු විදිය , ටෙරාන්ට ඒ හැම සිදුවීමක්ම හිත ඇතුළෙන් මැවි මැවී පෙණුනා .
ඇත්තටම ටෙරාන්ට අභිත්ව දාලා යන්න ලෝභ හිතුණා. මේ දේවල් දාලා යන්න ලෝභ හිතුණා. එයා ගියා කියලා දැනගත්තට පස්සේ අභිත් කොහොම හැසිරෙයිද ? අභිත් මේ හැමදේම විනාස කරල දායිද ?

අභිරන් | Sinhala BLDär berättelser lever. Upptäck nu