40 🌹

1.4K 161 237
                                    

" බබා මෙන්න යාලුවෙක් ඇවිල්ලා. "

කර්ට්න් එක එහාට කරගෙන අභිත් මංචනායක එක්ක කාමරේට එද්දි අභිත් කතා කරන සද්දෙට දොර දිහා බැලුව ටෙරාන් ඇදේ අනිත් පැත්තට හැරිලා ඔලුවෙ ඉදන් වැහෙන්න blanket එක පොරව ගත්තා.

වෙච්ච දේ නිසා අභිතුයි මංචනායකයි මූණට මූණ බලාගනිද්දි එක පාරම මූණට හිනාවක් ආව අභිත් ' තරහවෙලා ' කියලා කට හොලවල සද්දෙ පිට නොවෙන්න මංචනායකට කිව්වා.

හිනාවෙවීම ඇද ගාවට ආව මංචනායක අත්දෙකත් පපුව ඉස්සරහින් බැදගෙන ටෙරාන් දිහා බලාගෙන හිටියා.

" අපේ පොඩී මාත් එක්ක තරහ වෙලාද අභී ? තරහ නම් ඉතින් මන් ඉදල වැඩක් නෑ නේ... මන් යන්නම්. "

මංචනායක dramatic විදියට කියනකොට blanket එක පාත් කරලා මංචනායක පැත්තට හැරුණු ටෙරාන් අඩන්න වගේ මූණ හදාගන්නව දැකපු අභිත් ඉක්මණට ටෙරාන්ගේ එහා පැත්තට ආවා .
එදා වුණු සිද්ධියත් එක්ක ටෙරාන් සෑහෙන මානසිකව වැටිලා හිටිය වගේම හැම වෙලේම පොඩි ළමයෙක් වගේ හැසිරෙන ගමන් අභිත්ගේ අවධානෙත් එයා මතම තියාගන්න උත්සාහ කරා.

" නෑ.. නෑ.. පොඩී තරහ වුණාට අප්පච්චිට පොඩී එක්ක තරහ වෙලා ඉන්න බෑ නේ. නේද අප්පච්චි . ?"

" ඒකනේ ."

" මන් සතියක් බලන් හිටියා . ඇයි මාව බලන්න ආවෙ නැත්තේ ?"

කම්මුල් දෙකත් පුම්බගෙන ටෙරාන් අහද්දි full suit ඇදල හිටිය මංචනායක ළග තිබ්බ පුටුවක් ඇදල අරන් ඇද ගාවින්ම ඉදගත්තා.

"සොරි පොඩී. මම එන්නමයි හිටියේ-"

" මගේ අභූ විතරයි කොහොමත් මට ආදරේ... "

" ඔයාගේ අභූ සතියම ඔයාගෙ ගාවම හිටියනේ... ඒක නිසයි ඉතින් මට එන්න බැරි වුණේ. අභීගේ වැඩත් මට බලන්න වුනානේ... "

" Sorry ඒ වගේම Thank you. "

" ඒ පොඩී... මොකද මාව පිට කෙනෙක් ගාණට දාලා කතා කරන්නේ. "

" එහෙම නෙමෙයි. මන් වැඩිය හිතන් නැතුව ඉස්සෙල්ලා කෑ ගැහුවේ.. ඒකයි. ආදරෙයි මාව බලන්න ආවට. "

ටෙරාන් මූණත් බෙරි කරගෙන කියනකොට මංචනායක ටෙරාන්ගේ ඔලුව අතගෑවා.

අභිරන් | Sinhala BLWhere stories live. Discover now