27 🌹

1.8K 184 167
                                    


සිකුරාදා හවස වැඩ ඉවර වෙලා අභිත්ව හොයාගෙන ආව ටෙරාන් අභිත් වැඩ ඉවර කරනකන් අභිත්ගේ මේසෙන් ඔලුව තියාගෙන අභිත් දිහා බලාගෙන හිටියා. ඒ වෙලේ අම්මගෙන්  call එකක් ආව ටෙරාන් මේසෙ ඔලුව තියාගෙනම call එක answer කරලා speaker on කරා .

" හෙලෝ අම්මා කියන්න. "

" මාර වැඩේනේ උනේ සුදු මහත්තයා. ලබන සතියෙ තාත්තාගේ දානේ ගැන කතා කරගන්න මායි පොඩී අද පන්සලට ගියා. ලබන සෙනසුරාදා ඉරිදා පිරිවෙනෙන් හාමුදුවරු අධ්‍යාපන චාරිකාවක් එක්ක යනවලු. ඒ නිසා ලොකු හාමුදුරුවෝ  පුළුවන් නම් මේ ඉරිදට දානේ කරන්න කිව්වා. 7 නමකටනේ පුතේ , අනික කල් දාන්නත් බැරි නිසා මායි පොඩී දෙන්නම  දානේ බාරගන්න කැමති වුණා . "

" ඒක හොදයි අම්මා. මාත් හෙට වේලාසනින් එන්නම් කොහොමත් හෙට half day නේ. සුමනා Auntyගෙන් අහල බැලුවද? ගිය පාරත් දානේ උයන්න ආවෙ එයානේ."

" ඔව් පන්සලේ ඉදන් එනගමන්ම සුමනවත් හම්බුවෙලා තමයි ආවේ. එයා හෙට හවස් වෙලා මේ පැත්තේ එන්නම් කියලා ගේන්න ඕන බඩු list එකත් එවෙලෙම ලියල දුන්නා ."

"නංගිගෙ account එකට මන් සල්ලි දාන්නම් . ඕන කරන දේවල් මල්ලි එක්ක ගිහින් ගන්න. මන් ඇවිත් යන්න ගියොත් පරක්කු වෙයිනේ. "

" සල්ලි දාන්න ඕන්නෑ සුදු මහත්තයා. පුතා හෙට එන්නෙත් අභිත් සර්ත් එක්කද ?"

ටෙරාන් ඇස් උස්සල අභිත් දිහා බැලුවාම අභිත් ඔලුව වැනුවා.

"අ..හ්... ඔව් අම්මා සර් ඉදී."

" පුළුවන් නම් එනගමන් හොද තැනකින් කැවිලියි , පළතුරුයි බලල අරන් එන්නකො සුදූ . අනිත් දේවල් මෙහෙන් ගතහැකී පිරිසිදු තැනකින් බලලා ගේන්න. "

" හරි අම්මා. "

" මන් තියනව සුදු මහත්තයා . දැන් මල්ලිත් එක්ක ටවුමට ගිහින් පිරිකර අරන් එන්න කියලා බැලුවේ."

" හරි අම්මා බුදු සරණයි . "

" හෙට එහෙනම් 11 ට විතර යමු. "

අභිත් ටෙරාන්ගේ ඔලුව අතගාන ගමන් කියද්දි ටෙරානුත් මේසෙට ඔලුව තියන්ම හා කියන්න ඔලුව වැනුවා.

" බබා මට ඔයාගේ අප්පච්චි ගැන කියන්නකෝ. "

" තාත්තා ගොඩක්ම මල්ලිගෙ හැඩරුව. ඉන්න photo එකක් පෙන්නන්න. "

අභිරන් | Sinhala BLWhere stories live. Discover now