47 🌹

1.2K 155 189
                                    

දින සති මාස ගතවෙලා අභිත්ගේ උපන්දින මාසෙත් උදා වුණා.සතුටින් ඉන්නකොට කාලෙ ඉක්මණට ගත වෙන බව ආයෙ ආයෙ මතක් කරන ගමන් අදට එයාලා නුවරඑළියේ trip එක ගිහින් ඇවිත් මාස 4ක් ගත වෙලා තිබුණා. බොහොම ආදරණීය විදියට ගත වුණු මේ මාස කීපයේ අභිත්ගේ අම්මගෙන් අභිත්ට ඉදහිට එල්ල වුණු තර්ජන ඇරෙන්න එයාලගේ සම්බන්ධෙට වෙන කිසිම කෙනෙක්ගෙන් බාධාවක් නම් ඇති නොවුණා.

අභිත් Factory එකකට office එකකට යන්න කතා කරන දවසකට අභිත් එක්ක ඒ තැන්වලට ගිය ටෙරාන් ගෙදර ඉදන්ම අභිත්ට පුලු පුලුවන් විදියට business වැඩ වලට උදව් කරා. මාසෙකට පාරක් එයාලගේ restaurant තුනට යන්න එයාලා පුරුදු වෙලා හිටිය වගේම අභිත් restaurant chain එක expand කරන වැඩ එක්කත් busy වෙලා හිටියා.

එන දෙසැම්බර් ටෙරාන්ට එයාගේ diploma එකේ end exam එකට මුහුණ දෙන්න තිබුණා වගේම එතනින් පස්සේ ටෙරාන් degree එක කරන්න පටන් ගන්න university එක මොකක්ද කියන එක ගැනත් මේ කාලේ එයාලා discuss කරන ගමන් හිටියා.

උදේම නැගිටලා ටෙරාන්ට උයන්න උදව් කරපු අභිත් තනියම company එකට යන්න ready වුණා. අභිත් ලෑස්ති වෙන අතරේ උදේට කන්න අභිත් කඩෙන් අරන් ආවා ඉදිආප්ප පිගානකට බෙදාගෙන ආව ටෙරාන් එයා හදපු අල හොදියි මාලු හොදියි එක්ක ලෑස්ති වෙන ගමන් ඉන්න අභිත්ට ඉදිආප්ප කැව්වා.

" බබා කවුද බලන්නකෝ.."

සපත්තු දාන ගමන් හිටිය අභිත්ගේ phone එක ring වෙද්දි charge එකට ගහල තියන phone එක දිහායි ටෙරාන් දිහායි බලන ගමන් අභිත් කියද්දි ටෙරාන් ගිහින් phone එකට එබුණා.

" අම්මා. "

" අපේ අම්මද ?"

" ඔව් ඔයාගේ අම්මා."

සපත්තු දාලා ඉවර වෙලා ඇදෙන් නැගිට්ට අභිත් ගිහින් phone එක answer කරා.

" Good Morning අම්මා. "

ටෙරාන් පිගානත් අතේ තියන් අභිත්ගේ එහා පැත්තෙන් හිටගෙන call එක ඉවර වෙනකන් අභිත් දිහා බලාගෙන හිටියා.

" තමුන් කොහෙද ඉන්නේ ??? "

" අම්මා... "

" කොහෙද ඉන්නේ කියනවා ??? "

" ගෙදර. "

" ගෙදර ?"

" නෑ... මන් කිව්වේ apartment එකේ.. "

අභිරන් | Sinhala BLWhere stories live. Discover now