36 🌹

1.4K 170 250
                                    


" අභූ අපි නිත්‍යා අක්කගෙ wedding එකට මොනාද අදින්නේ ?"

" ඔයාට මොකක් හරි idea එකක් තියනවද රන් ?"

අභිත් ඇදේ හාන්සි වෙලා news බලන අතරේ ටෙරාන් හිටියේ Teddy chair එකේ ඉදගෙන ඊයෙ අභිත්ගෙන් එයාට ලැබුණු rose bouquet එකේ මල් ටික ගණන් කරන ගමන්. පහුගිය මාස වල එක එක හේතු වලට අභිත් දුන්න මල් නිසා මේ සැරේ ටෙරාන්ට මල් 120 ක් ලැබිලා තිබුණා.

" නෑ... මන් සුදූටත් කිව්වා හොද design ටිකක් බලන්න කියලා. "

" මාසයක්ම තියනව නේ රන්. "

" අප්පච්චිලත් එයිද අභූ ?"

" ලංකාවෙ හිටියොත් නම් ටික වෙලාවක් හරි ඉදල යන්න එයි ."

" අප්පච්චි එක්ක කොච්චර කතා කරත් මන් තාම අම්මා එක්ක වචනයක් වත් කතා කරලා නෑ නේ. අම්ම වස පාටයි අභූ. දැක්කම මට කතා කරන්න බය හිතෙනවා. "

" අම්මා වස නෑ රන්. මට සැර වෙලාම නෑ. මන් පොඩි කාලෙ ඉදන්ම එයා මට කැමති දෙයක් කරන්න ඉඩ දුන්නා. හැබැයි එක කොන්දේසියක් තිබ්බා. මන් තෝර ගන්න දේ මොකක්ද ඒ දෙයින්  උපරිමේටම ගිහින් එයාට පෙන්න්නන්න ඕන. "

" Example එකක් දෙන්න ප්ලීස් ..."

" අපේ අම්මට ඕන උනේ මම cricket වලින් ඉස්සරහට යන්න ඒත් මන් තෝරගත්තේ chess. ඉතින් මන් ඒ පාර තෝර ගනිද්දිම අම්මා කිව්වා මන් මගේ year එකෙන් ලංකාවෙන්ම best player වෙන්න ඕන කියලා. මන් අවුරුදු 10 ඉදන් ස්කූල් එකෙන් අවුට් වෙනකන්ම අම්මට දුන්න promise එක රැක්කා. "

" ම්ම්ම්...හ්ම්ම්... දරුණුයි වගේ නේ...  අම්ම අපිට කැමැත්ත දෙයිද අභූ ?"

" ඒකට නන් මට හරිම උත්තරයක් දෙන්න බෑ රන්. අපි කතා කරල බලමුකෝ... අකමැති උනත් කරන්න දෙයක් නෑ ඉතින්. දැන් මේ ලෝකේ මොකා විරුද්ධ උනත් ඔයා විරුද්ධ වෙනකන් මන් ඔය අත අත් හරින්නේ නෑ රන්. "

" ඒනම් ඉතින් ආත්ම ගාණකට ගැලවීමක් ලැබෙන එකක් නෑ... "

" දැන් ඕක ගැනල ඉවර නම් ඇදට එනවකෝ . "

" නෑ... හැත්ත ගණන් වලදිනේ කතා කරන්න ගත්තේ... දැන් ආයේ මුල ඉදන් ගණින්න ඕනේ. "

අභිරන් | Sinhala BLUnde poveștirile trăiesc. Descoperă acum