60 🌹

1.2K 163 141
                                    

කන් බීරී කරවන , පපුව ගස්සවන dj එකට Glasses අතේ තියාගෙන මත් වෙලා නටන මිනිස්සුන්ගේ ඇගේ හැප්පි හැප්පි ටෙරාන් ඉස්සරහට දිව්වා. Club එකට ඇතුල් වෙලා ධනුෂ් ඉදන් හිටිය table එක ගාවට එන මගදි washroom කියල ගහල තියන area එක පාස් කරන් ආපු බවක් ටෙරාන්ට මතක තිබුණා.

ටෙරාන්ගේ වෙලාව හොදකමටම ඒ වෙලාවේ washroom එක ඇතුළේ කවුරුත් නොහිටියා. Washroom එක ඇතුළට දුවගෙන ආව ටෙරාන් හැට් එක ගලවල සින්ක් කවුන්ටර් එකෙන් තියලා අත් දෙකත් සින්ක් කවුන්ටර් එක උඩින් තියාගෙන washroom එකේ බිත්තියක් වැහෙන්නම ගහලා තියන mirror එකෙන් එයාගේ මූණ දිහා බලාගෙන හිටියා.

ඇස් දෙකෙන් පිට පැනපු කදුළු බිංදු කම්මුල් දිගේ වැක් කෙරෙද්දි ටෙරාන් ටැප් එක ඇරලා කලබලෙන් මූණ හෝදගෙන හෝදගෙන ගියා. ධනුෂ් කිස් කරපු කම්මුල අත් දෙකටම වතුර අරන් අතුල්ල අතුල්ල හේදුව ටෙරාන් ඒ කම්මුල එයාගේ නියපොතු වලින් හූරලා දැම්මා. නියපොතු සැර නිසා කම්මුල් වලින් දැනෙන දැවිල්ල මුසු වුණු වේදනාවට වඩා ලොකු වේදනාවක් ටෙරාන්ට එයාගේ පපුවෙන් දැණුනා.

Club එක ඇතුළට ආවට පස්සේ තමන් එක තප්පරේකටවත් අභිත් දිහා නොබැලුවත් අභිත් තමන් කරන හැමදෙයක් දිහාම බලන් ඉන්න ඇති කියලා ටෙරාන් විශ්වාස කරා. තමන් කරපු දේට අභිත්ගෙන් කවදාවත් සමාවක් නොලැබෙයි කියලා මතක් වෙද්දි ටෙරාන්ට ඉකි ගැහිලම ඇඩුණා. කොහොමත් ආයෙ අභිත් ඉස්සරහට යන්න කිසිම හයියක් තමන් ගාව ඉතුරු වෙලා නෑ කියන එක නන් ටෙරාන්ගේ පපුවට තදින්ම දැණුනා . අදින් පස්සේ මේ මොහොතෙන් පස්සේ එයා කරන්න ඕන මොනාද කියන කිසි දෙයක් ටෙරාන් ප්ලෑන් කරලා නොතිබුණා.

මුලින්ම අභිත්වයි තමන්ගේ පවුලයි බේරගන්න උවමනාවට ටෙරාන් ධනුෂ්ව මුණ ගැහෙන්න තීරණේ කරත් පස්සේ ධනුෂ්ව පාවිච්චි කරලා අභිත්ව රිද්දවන්න උවමනාවකුත් ටෙරාන්ගේ හිතට ආවා. එයා අභිත්ව රිද්දවන්න කරපු දෙයින් එයාටම මෙච්චර රිදෙයි කියන එක නම් ටෙරාන්ට මේදේ කරන්න කලින් නිකමට වත් නොහිතුනා. ටෙරාන්ට ලෝකෙන්ම වහන්වෙලා අභිත්ගේ පපුව අස්සේ හැංගෙන්න වුවමනා උනත් ආයෙ කවදාවත් එයාට ඒකට ඉඩක් ලැබෙන එකක් නෑ කියලා හිතෙද්දි ටෙරාන්ට මැරිලා යන්න හිතුණා.

අභිරන් | Sinhala BLWhere stories live. Discover now