22 🌹

1.6K 178 226
                                    

"අම්මේ සුදු පුතා ආවා....... "

ටෙරාන් කෑ ගහගෙනම ගෙට ගොඩ වෙද්දි ඒ පස්සෙන් ආව අභිත් අතේ එල්ලන් ආව Bag දෙකම sofa එක උඩින් තිබ්බා.

" ඇති යන්තන් ගෙයක් තියනවා කියලා මතක් වෙලා තියෙන්නේ. "

අම්මත් කුස්සියෙ ඉදන් කෑ ගහගෙනම සාලෙට එනකොට කුස්සියෙ අම්මත් එක්ක කතාවක් දාන් හිටිය ජානුත් ඒ පස්සෙන්ම සාලෙට ආවා.

" සර්ත් ඇවිල්ලා නේ. "

" ඔව් Aunty යන ගමන් ටෙරාන්ව ඇරලවන්න ආවා. "

" කැහ්... කැහ්... "

" ඇයි කැස්සද ? කැස්සනන් ගිහින් වතුර ටිකක් බීල එනවා. "

අභිත්වයි ටෙරාන්වයි දැක්ක ගමන්ම හොද රවුමක් ගහල තමයි ඩබල එන්නේ කියල තේරුණු ජානුට , අභිත් යන ගමන් ටෙරාන්ව ඇරලවන්න ආවා කියද්දි එක පාරටම කටින් පනින්න ගිය හිනාව නවත්ත ගන්න බැරිවුණා. හිනාව කැස්සක් විදියට වෙනස් කරපු ජානු ටෙරාන්ට ඇහැකුත් ගහලා කැහැ කැහැම කාමරේට ගියා.

" මේ මොනාද මේ අතින් කටින් එල්ලන් ඉන්නේ. "

" Birthday එකට තෑගි හම්බුනා අම්මේ. "

ටෙරාන් එයාගේ අතේ තිබ්බ Roses bucket එක අම්මගෙ අතට දුන්නා.

" දැන් මේකට රෝස මල්මයිනේ ලැබෙන්නේ."

" මාත් ඉතින් මලක් වගේ ඉන්නව නේ ඒකයි ඒ. "

අභිත් දිහා බලල හිනා වුණු ටෙරාන් ආයෙම අම්මා දිහාට හැරිලා උත්තර දුන්නා.

" උපන්දිනේ දවසටවත් අම්මව බලන්න එන්න හිතුන් නෑ නේ. "

" ඒකනේ අනේ ඉතින් අද ආවේ. "

" සර් රට ගියා කිව්ව නේද ?"

" ඔව් Aunty ඊයෙ ආවේ ."

අම්මගෙයි පුතාගෙයි කතාව දිහා හිනා වෙවී බලන් හිටිය අභිත්ගේ පැත්තට හැරුණු ටෙරාන්ගේ අම්මා අහද්දි අභිතුත් හිනාවෙලා උත්තර දුන්නා.

" සර් අදවත් තේකක් බීල යමු නේද ?"

" අනේ Aunty අප්පච්චි company එකේ මන් එනකන් බලන් ඉන්නව මාව meet වෙන්න. Promise මම දවසක එන්නම් බත් ටිකකුත් කාලම යන්න. "

අභිරන් | Sinhala BLWhere stories live. Discover now