33 🌹

1.6K 199 179
                                    

අභිත්ගේ අම්මා හිටියේ ගෙදර සෝෆා එකේ වාඩිවෙලා reports වගයක් බලන ගමන්. ඒ වෙලේ එතනට ආපු අභිත්ගේ අප්පච්චිත් අම්මට හේත්තු වෙලා සෝෆා එකෙන්ම ඉදගත්තා.

" දයේ... මේ බලන්නකෝ. "

" මොනාද ශ්‍රී... ?"

බල බල හිටිය papers ටික මංචනායකට දික් කරන ගමන් ශ්‍රීමතී කියද්දි මංචනායකත් ඒ ටික අතට ගත්තා.

" මන් මේ පුතාගේ bank reports බැලුවා. June වල  විතරක් මෙයා 60 lakhs වලට වඩා වියදම් කරලනේ."

"ඉතින් ."

" ඉතින් කියන්නේ දයේ.. මට හිතෙනව අපේ පුතා මොකියක්ට හරි අහුවෙලාවත්ද කියලා."

"ඒ මොකෝ එහෙම කියන්නේ ?"

" පුතා මීට කලින් කවදාවත් මෙහෙම සල්ලි වියදම් කරල නෑ.."

" සල්ලි වියදම් කරේ නෑ නෙමෙයි ශ්‍රී රුපියල් වියදම් කරේ නෑ. අනික පුතා June වලනේ apartment එකේ පදිංචියට ගියේ. ඒකට තමා වියදම් වෙන්න ඇත්තේ. ශ්‍රී අපි මේ හැමදේම කරන්නේ අපේ පුතා වෙනුවෙන් ඉතින් එයා වෙනුවෙන් හම්බ කරන ඒවා එයා කොහොම වියදම් කරාම මොකද ? අනික එයා apartment එකක් අරන් ගියේ ඔයාටත් කියලනේ."

" මට තේරෙන්නෑ පුතා මොන නාඩගමක් නටන්න යනවද කියලා. අවුරුදු ගාණක්ම අපෙන් ඈත් වෙලා ඉදලා එයාට දැන් වත් අපි එක්ක එකට ඉන්න හිතෙන්නැද්ද දයේ... අපිට කියලත් මහ ගොඩක් ඉන්නවද? එයා විතරනේ ඉන්නේ."

"අපිට කූඩු කරල ගෙදර තියාගන්න පුළුවන් වයසක නෙමේ නේ නෝනා අභී ඉන්නේ.. "

"කොහෙවත් ඉන්න බොරු කාරයන්ට අහුවෙන් නැතුව ඕන එකක්. අනේ මට වෙලාවකට අපේ කොල්ල ගැන බය හිතෙනවා දයේ. "

" මොනාද නෝන ඔයා මේ කියවන්නේ. අපේ පුතා දැන් පොඩි එකෙක් නෙමෙයි. පුතාට ඇහෙන්න එහෙම මේවා කතා කරන්න එපා. "

" කොහොමත් පුළුවන් ඉක්මණට මම එයාව පිළිවෙළක් කරනවා. "

" පුතාගේ අකමැත්තෙන් නම් කිසිම දෙයක් කරන්න ලෑස්ති වෙන්න එපා ශ්‍රී. "

" මන් එයාගෙන් කවදාවත් කිසිම දෙයක් ඉල්ලල නෑ නේ මහත්තයා. ඒ නිසා පුතා මගේ කැමැත්තට අකමැති වෙන එකක් නෑ. "

අභිරන් | Sinhala BLWhere stories live. Discover now