Fantasy World || Ot7 || Compl...

Bởi Cyra_00

8K 977 254

🎁 Gifts 🎁 ඔයාගේ හිතේ ලස්සන ප්ලොට් එකක් තිබිලත් කතා ලියාගන්න බැරිද ?? කතාවක් ඇතුලේ හරි bts member කෙනෙක්ගේ... Xem Thêm

Intro
My Alpha - Chapter 01
My Alpha -chapter 02
My Alpha - chapter 3
My Alpha - Chapter 04
My Alpha - Chapter 05
My Alpha - Chapter 06
My Alpha - Chapter 07
My Alpha - Final chapter
අදුරු සෙවනැලි - Chapter 01
අදුරු සෙවනැලි - Chapter 02
අදුරු සෙවනැලි - Chapter 03
අදුරු සෙවනැලි- Chapter 04
අදුරු සෙවනැලි -Chapter 05
අදුරු සෙවනැලි- Chapter 06
අදුරු සෙවනැලි - Chapter 07
අදුරු සෙවනැලි -Chapter 08
අදුරු සෙවනැලි - Chapter 09
අදුරු සෙවනැලි - chapter 10
අදුරු සෙවනැලි - Final Chapter
File No. 39 - Chapter 01
File No.39 - Chapter 02
File No.39 - Chapter 03
File No.39 -Chapter 04
File No.39 - Chapter 05
File No.39 - Final chapter
මේඝා - Chapter 01
මේඝා - Chapter 02
මේඝා - Chapter 03
මේඝා - Chapter 04
මේඝා - Chapter 05
මේඝා - Chapter 06
මේඝා - Chapter 07
මේඝා - Chapter 08
මේඝා - Chapter 09
මේඝා - Chapter 10
මේඝා - Final chapter
Forget me not - Chapter 01
Forget Me Not - Chapter 02
Forget me not - Chapter 03
Forget me not - Chapter 04
Forget me not - Final chapter
සැඩ රළ - chapter 01
සැඩ රළ - chapter 02
සැඩ රළ - chapter 03
කරුණාකර මාව වැලදගන්න - 02
කරුණාකරලා මාව වැලදගන්න - Final
sorry 🥺

කරුණාකර මාව වැලදගන්න - 01

63 8 3
Bởi Cyra_00

G × B

මගේ හිතට ආපු ප්ලොට් එකකට ලියන්නෙ..ඒ නිසා මන් මේකට විශේෂ bias කෙනෙක්ව දැම්මේ නෑ...

ඔයාගේ හිතේ ඉන්න, ඔයාගේ හිත හොරකම් කරපු එයාගේ පෙනුම හිතින් මවාගෙන කතාව කියවන්න !!

............................................................................

" මිස් සේහි තනියමද ආවේ ??"

" ම්ම්...ඔව් ඩොක්ටර් ඇයි ?? "

" ඔයාගේ රීපෝර්ට් මන් චෙක් කරා...ඇත්තටම මිස්ට ශුවර්ද මේක තනියම...?? "

" මගේ බෝයිෆ්‍රෙන්ඩ් තව ටිකකින් මාව එක්කන් යන්න එනවා ඩොක්ටර් !! ඒ නිසා මන් ගැන හිතන්න එපා...ප්ලීස් කියන්න මගේ ලෙඩේ මොකක්ද ?? "

" ඇත්තටම මිස් සේහි මේක පොඩ්ඩක් භයානක තත්තවයක්...ඒ කොහොම උනත් මන් විශ්වාස කරනවා මිස් සේහිගේ හිතේ ලොකු ශක්තියක් ඇති කියලා ?? "

" ඩොක්ටර් ප්ලීස්...මට කෙලින්ම කියන්න මගේ ලෙඩේ මොකක්ද ??"

" අපි ගෙස්ට් කරපු දේ හරි මිස් සේහි..ඔයාට lung cancer එකක් !! "

මන් හොස්පිටල් එකෙන් එලියට ආවේ කකුල්වලට පන අද්දන ගමන්...මගේ ඔලුවේ බහින පඩියක් පාසාම ඩොක්ටර්ගේ වචන රැව් දුන්නා...

" ම..මට කො..කොච්චර කාලයක් ජීවත් වෙන්න පුලුවන්ද ඩොක්ටර් ?? "

" අපිට සමාවෙන්න මිස් සේහි...ඔයා ඉන්නේ last stage එකේ...බෙහෙත්වලින් මේක හොද කරන්න බැරි තත්ත්වයක් දැන් තියෙන්නේ..ඒ නිසා- "

" තව කොච්චර කාලයක් මට ජීවත් වෙන්න පුලුවන් ද කියලා කියන්න ඩොක්ටර් !! "

" ම්ම්...මාස තුනක්...හතරක්..."

ඇයි මටම මෙහෙම වෙන්නේ ?? හැමදේම මන් පටන් ගන්න හැදුවා විතරයි...අවුරුදු ගානක හීන මන් මාස තුනකින් නැති කරලා දාන්නද ??

පන දාගෙන අවුරුදු හතරක් මන් ඩිග්‍රියක් කරා..graduation එකටත් කලින් මන් මැරෙන්න ඕනද ??

අම්මා තාත්තා වෙනුවෙන් හීන මහ ගොඩක් දැක්කා...අම්මායි තාත්තායි වයසට යන්නත් කලින් මන් මැරෙන්න ඕනද ??

අවුරුදු නමයක් ආදරේ කරා...wedding එකට කලින් මන් මැරෙන්න ඕනද ??

ට්වීන් බබාලා දෙන්නෙක් හදලා එයත් එක්ක සතුටින් ඉන්න හිතන් හිටියා..pregnant වෙන්නත් කලින් මන් මැරෙන්න ඕනද ??

මල්ලිගේ වෙඩින්ග් එකේ මන් කතාවක් කරන්න හිටියේ...ඒත් මන් මල්ලි කෙල්ලෙක් හොයාගන්නත් කලින් මැරෙන්න ඕනද ??

ඇත්තටම මන් මැරෙන්න ඕනද ??

ඒත් ඇයි ?? දෙවියෝ ඇයි මාව කලින් ගන්නේ ?? මන් මොකක්ද කරපු පව ??

ගිය ආත්මේ පව් කියලා නම් කියන්න එපා..ගිය ආත්මෙම ඒවා පලිසන් දෙන්නෙ නැතුව ගිය ආත්මේ මන් මොකෙක්ද කියලවත් දන්නේ නැතුව ඇයි ඒවා මේ ආත්මේ පලදෙන්නේ ??

ඒක අසාධාරණයි !!

ඇයි මන් අවුරුදු විසි හතරෙන් මැරෙන්න ඕන ??

" සේහියා !!! "

එයාගේ කටහඩ ඇහුනාමයි මට දැනගත්තේ කල්පනාවෙන් කල්පනාව මන් කාර් පාර්ක් එකටම ඇවිල්ලා කියලා..

" ඔහොම ඉන්න මන් කාර් එක ඔතනට අරන් එන්නම් !! "

එයා එහා පැත්තේ ඉදන් කෑ ගහලා හිනා වෙනකොට මගේ පපුව රිදෙන්න ගත්තා.. හිනා වෙන්න එපා මගේ මැණික...මට බෑ ඔය හිනාව නැති කරන පව් කාරයෙක් වෙන්න..

මන් ලග විතරක් පුංචි වෙන ඒ ඇස්, මන් ලග විතරක් හුරතල් වෙන ඒ හිනාව නැති කරන්න බෑ මගේ රත්තරන් !!

මන් මැරෙන්න බයයි !!

ඒ ඔයා වෙනුවෙන් !!

ඔව් ඔයා වෙනුවෙන් විතරක්ම මට මැරෙන්න බයයි මගේ මැණික...

මගේ අම්මා තාත්තා මල්ලි කොහොම හරි ජීවත් වෙයි...අම්මාට තාත්තාට මල්ලි වෙනුවෙන් වගකිම් ඉෂ්ට කරන්න අමාරුවෙන් උනත් ජීවත් වෙන්න වෙනවා..මල්ලිට අම්මා තාත්ත වෙනුවෙන් ජීවත් වෙන්න වෙනවා...

ඒත් ඔයා ??

ඔයාට ඉන්නේ මන් විතරයි..මන් මැරුනොත් ඔයා කවුරු වෙනුවෙන්ද ජීවත් වෙන්නේ...?

" මට ඉන්නේ ඔයා විතරයිනේ මැණික...ඉතින් මන් හැමදාම ජීවත් වෙන්නේ ඔයා වෙනුවෙන් විතරයි...මැරෙන්න හිතෙන හැම තප්පරේකම මන් ජීවත් වෙන්නේ ඔයා වෙනුවෙන් විතරයි..."

ඔයාගේ වචන මගේ කන්වල දෝංකාර දෙනකොට මෙච්චර වෙලා හිර කරන් හිටිය මගේ කදුලු කම්මුල් දිගේ ඔහේ බේරිලා ගියා..

" දෙයියනේ ඇයි මේ අඩන්නේ ??"

එයාගේ කටහඩ ආයි ඇහෙනකොටයි මන් දැක්කේ මගේ කදුලු ඉස්සරහ දිලිසෙන ඇස්වලින් මගේ මූනට එබිලා ඉන්න මගේ ආදරේව...එයා කාර් එකත් මගේ ලගටම අරන් ඇවිල්ලා තිබ්බත් මන් ඒක දැක්කේ දැන්..

" මොකද මැණික මේ ඇස්වල කදුලු ?? ම්ම්ම්..ඩොක්ටර් මොකද කිව්වේ ?? නරක දෙයක් කිව්වාද ?? "

මගේ ඇස්වල කදුලු පිරෙන පමාවට ඒ ඇස්වල කදුලු පිරිලා තියෙනකොට මගේ කම්මුල් අල්ලන් ඉන්න ඒ අත් වෙව්ලනවා කියලා දැනෙනකොට මන් කොහොමද කටක් ඇරලා කියන්නේ තව මාස තුනකින් මන් ඔයාව දාලා යනවා කියලා...මට ඒකට ශක්තියක් නෑ...

මට බෑ ඔයාව තනිකරලා දාලා යන්න !!

" ම්ම්...මාව බදිනවාද ?? "

මන් එහෙම අහනකොට ඒ ඇස් කදුලු පුරෝගෙන හිනා උනා...මන් ආසම ඒ හිනාවට....ඒ හිනාවෙන ඇස්වලට...මන් ආස නෑ ඒ හිනා වෙන ඇස්වල දුක රැදෙනවට..

" පිස්සු කෙල්ල...මන් කොහොමත් ඔයාව බදිනවා තමයි..."

" අදම මාව බදිනවද ?? "

" බැරි කමක් නෑ...අම්මලා හා කියනවා නම් මේ දැන් උනත් මන් බදින්නම් !! "

ලැජ්ජාව මුසු උන හිනාවක් එක්ක එයා කියනකොට මටත් පුංචි හිනාවක් ගියා..මගේ කෝලම...ඒ හිනාව මටම විතරක් අයිති හිනාවක්..

" කෝ මුලින්ම මෙතනින් යමු...ඔයා දන්නවානේ මන් හොස්පිටල් යන්න ආස නෑ කියලා "

හිනා වෙලා මගේ අතින් අල්ලන් කාර් එකට නග්ගනකොට මාත් හිනා වෙලා බෙල්ට් එක දාගත්තේ මෙතනින් ඉක්මනට යන්න..මන් දන්නවා එයා ආස නෑ කියලා හොස්පිටල් එකට...එයාගේ තාත්තා එයාව දාලා ගිය දවසේ ඉදන් එයා ආස නෑ හොස්පිටල් එකට යන්නවත් !!

" ඩොක්ටර් මොකද කිව්වේ ?? "

යන ගමන් මගේ අත අල්ලන් හොරෙන් මගේ මූන බලන් එයා අහනකොට මන් බිම බලාගත්තා..බලාපොරොත්තු පිරුන ඒ ඇස් දිහා බලන් මන් කොහොමද කියන්නේ මන් මාස තුනකින් මැරෙනවා කියලා !!

මන් එහෙම කිව්වොත් එයා අනිවාර්යයෙන්ම කියයි එයාගේ පව්කාරකමට මාත් එයාව දාලා යන්න හදනවා කියලා !!

අනේ නෑ රත්තරන්...මන් ඔයාගේ පව්කාරකමට ඔයාව දාලා යන්න හදනවා නෙමෙයි...මගේ පව්කාරකමට ඔයාගේ ආදරේ විදින්න බැරි වෙන එකයි වෙන්නේ..

තනිකරම පව්කාරයා මන් විතරමයි මගේ රත්තරන්...!! මේ මන් විතරමයි..!!

" මුකුත් නෑ...ඩොක්ටර් බය වෙන්න එපා කිව්වා..."

" ඒහෙනම් හොදයි...බොරුවටනේ අපි බය උනේ !! මැණිකට අමාරු නෑ නේද ?? "

එයා එහෙම අහනකොට අමාරුවෙන් එන්න ගත්‍තු කැස්සත් නතර කරන් මන් හිනා වෙලා නෑ කියලා ඔලුව වැනුවා..

" අපි බදිමුද ??"

" හා !! කවදටද අපි බදින්නේ ??"

" මාස තුනක් යන්න කලින් !! "

මන් එහෙම කිව්වාම නම් ඩ්‍රයිව් කරන ගමන්ම මූන හකුලන් මගේ දිහා හොරැහින් බැලුවා..මගේ පුංචි වෙනසත් එයාට තේරෙනවා ඉතින් !!

" ඇයි දැන් මාස තුනකට කලින් බදින්න ඕන ?? බබා ඔයා මොනවා හරි හංගනවද ?? "

" පිස්සුද අනේහ්....මාස තුනකින් අපි දෙන්නා යාලුවෙලා අවුරුදු දහයක් සම්පූර්ණ වෙනවා...ඊට කලින් බදිමු කියන්නයි හැදුවේ මන් "

හිනා වෙලා මන් කියනකොට මට රවලා එයත් හිනා උනා...අතේ පැලවෙන බොරුවක් කිව්වත් එයා මාව විශ්වාස කරන අපූරුව තමයි ඉතින්...එයයි මායි යාලු උන දවස මට තියා එයාටවත් මතක නෑ ඉතින්..

කොහේ මතක තියාගන්නද ??

එතකොට මන් පුංචිනේ...ආදරේ කියන්නේ මොකක්ද කියලවත් නොතේරෙන කාලේ අපි දෙන්නා ලව් කරේ...කවුද හිතන්නේ ඉතින් පලවෙනි ආදරේ මෙච්චර කාලයක් තියේවි කියලා...ඇරත් ඉතින් ඒ කාලේ එයාටවත් මටවත් ආදරේ කියන දේ ගැන වැටහීමක් තිබ්බේ නෑ..

එයා ඇහුවා මන් හා කිව්වා...

එච්චරයි !!

#1

Đọc tiếp

Bạn Cũng Sẽ Thích

8.3M 107K 63
"Bad guys can be good too... when they're in bed." #1 in FANFICTION✓ © sujinniie 2018-2019 ✓ © sujinniie revised 2022
11K 243 34
𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇, 𝐚𝐦𝐞𝐢𝐥𝐚 𝐫𝐞𝐞𝐯𝐞𝐬 a teenage non famous model, gets starred in a movie, and hates her co star. 𝐛𝐫𝐚𝐝𝐲 𝐧𝐨𝐨𝐧.. it all s...
160K 6.4K 73
➽Just short love stories...❤ ⇝❤️. ⇝🖤. ⇝♥️. ⇝💙. ⇝🩷. ⇝🤍. ➽💛Going on. ➽🩶Coming up [Ignore grammatical mistakes. I will improve my writing gradual...
1.9K 102 21
A professor but what if YN have to marry him? #Taehyungff #btsff First story of NO ONE.. please please a humble request to support.. Cover & Banner...