~ පිනිපොද ~

By Blue_Berry_03

32.9K 5.7K 1.2K

නපුරු හදවතකට පෙම්බැදි අහංකාර හදවත~... Taekook nonfiction Top Kook Bottom Tae Smut warning 🔞 Happy Ending ... More

~පෙරවදන~
~පළමුවන පින්න~
~දෙවන පින්න~
~තෙවෙනි පින්න~
~සිව්වන පින්න~
~පස්වන පින්න~
~සයවන පින්න~
~සත්වන පින්න~
~අටවන පින්න~
~නවවන පින්න~
~දහවන පින්න~
~එකොළොස්වන පින්න~
~දොළොස්වන පින්න~
~දහතුන්වන පින්න~
~දාහතරවන පින්න~
~පහළොස්වන පින්න~
~දහසයවන පින්න~
~දාහත්වන පින්න~
~දහඅටවන පින්න~
~දහනවවන පින්න~
~විසිවන පින්න~
~විසිඑක්වන පින්න~
~විසිදෙවන පින්න~
~විසිතුන්වන පින්න~
~විසි හතරවන පින්න~
~විසිපස් වන පින්න~
~විසිහය වන පින්න~
~විසිහත් වන පින්න~
~විසිඅට වන පින්න~
~විසිනව වන පින්න~
~තිස් වන පින්න~
~තිස්එක් වන පින්න~
~තිස් දෙවන පින්න~
~තිස්තුන් වන පින්න~
~තිස්හතර වන පින්න~
~තිස්පස් වන පින්න~
~තිස්හත් වන පින්න~
~තිස්අට වන පින්න~
~තිස්නව වන පින්න~
~හතලිස් වන පින්න~
~හතලිස්එක් වන පින්න~
~හතලිස් දෙවන පින්න~
~හතලිස් තුන්වන පින්න~
~හතලිස් හතරවන පින්න~
~හතලිස් පස්වන පින්න~
~හතලිස් හයවන පින්න~
~හතලිස් හත්වන පින්න~
HELLOOOOW...

~තිස්හය වන පින්න~

536 106 23
By Blue_Berry_03

Vote goal- 70

Comment goal- 50

.............................................................

ආදිත්‍ය pov,

" ලොකූ..........."

" ඕ........ මං කාමරේ....."

මං අද අරගෙන යන ඇදුම් ටික ලෑස්ති කරන ගමන් ඉන්නේ......

ඔන්න එතකොට තමා නංගි බෙරිහන් දුන්නේ......

ආය මොකටද දන්නෑ....

දැනටමත් වෙලාව එක හමාරත් පහු වෙලා......

තුන වෙද්දි යන්නත් ඕනනේ.....

ඔන්න ආවා අපේකී කාමරේට....

" ඇයි පොඩී.....?"

" මං මේ කැවිලි පාර්සල් කර කර ඉදියේ..... ඒත් අනේ......, එව්වා මදිනේ.... "

" හ්ම්ම්..... අපි ගොඩාක් හැදුවෙත්  නෑනේ ඉතින්..... මෙහෙම කරනවාකෝ...,"

" කොහොමද?"

" අපි දැන් යන ගමන් කේක් එකක් ගමු ලොකු අම්මලා දිහා අරන් යන්න...... අනික ඔය තියෙන කැවිලි ඔක්කොමත් පාර්සල් කරගන්න.... සතියකින් අපි එද්දි ඔය කැවිලි පුස් වත් අල්ලලා තියෙයි.... ඒ හින්දා..., ඔය තියෙන එව්වා ගානට බෙදලා පාර්සල් කරන්න...... මදි පාඩුවට යන ගෙවල් වලට කේක් එකක් හරි බිස්කට් එකක් හරි අරන් යමු....ම්ම්ම්.....?"

" ඔව් නේ..... අපරාදේ ඕයි මං මහන්සි වෙලා ඔව්වා හැදුවේ... ම්හ්ක්..... කන්නත් නෑ ඒයි.... "

" අනේ ගොනෝ..... පල පල....., ඔව්වා පාර්සල් කරලා නාගෙන ලෑස්ති වෙයං...., ඇදුම් හැදුවානේ කලින්.....? "

" එව්වා රෙඩි බොසා.... මට හර්ශයි නැන්දායි කෝල් කරලා කිව්වා තව පැය බාගෙන් මෙහෙ කියලා....."

" ම්න්.... ලෑස්ති වෙයන් එහෙනම් ඉක්මනින්....."

ඔන්න ගියා කරච්චලේ.....

ඇත්තටම අර කිව්වාත් වගේ අපරාදේ  නිදි මරන් කෑම හැදුවේ..... අපිට කන්න නෑනේ ඉතින්...

අද උදේ පුංචිලා දිහා ගියා අපි......

දවල්ටත් කාලම තමා ආවේ.....

එයාලටත් හේශව්ලාට අරන් ගියා වගේ කැවිලි බෑග් එකක් අරගෙන ගියේ අපි.........













තුනයි හතරයි වෙලාව.....

වාහන තුනක් යනවා ඉතින් අද ගමනට.....

ළමා පරපුර හේශව්ලාගේ KDH එකේ......

නැන්දායි මාමයි , හර්ශලාගේ අම්මායි හේශව්ලාගේ කාර් එකේ......

එතකොට අපේ පුංචියි බාප්පායි එයාලාගේ කාර එකේ.......

වැඩිහිටි පරපුර කොහොමත් කලින් එනවානේ.....

හැබැයි හර්ශලාගේ අම්මා නම් අපි එක්කම එනවා ඇවිදින්න....

ආයම එයා එන්නේ අපි එනකොට තමා....

මම
පොඩී
හේශව්
හර්ශ
ගගන
දිලුම්
දිලුම්ගෙ නංගි
චතුර
නුවන්....

අපි සෙට් එක වෑන් එකේ........

ට්‍රිප් එකක් වගේ තමා......

ගගන තමා ඩ්‍රයිව් කරන්නේ....

එයානේ මෙතන වැඩිහිටියා...

නුවනයි චතුරයි  නම් නවතින්නම යනවා වගේ ලොකු ට්‍රැවලින් බෑග් දෙකකට බඩු දාගෙන ඇවිල්ලා..

අනේ මන්දා මුන් නම්.....

වාහනේ ඉඩත් මදි දාගෙන යන්න බඩු.... ඒ හින්දා හේශව් ගගන දෙන්නා එයාලාගේ බඩු එයාලාගේ කාර් එකට දැම්මා.....

එතකොට දිලුමුයි නංගියි දෙන්නාත් එයාලාගේ කාර් එකට බඩු දැම්මා...

ගගන ඩ්‍රයිව් කරන හින්දා මං පැසෙන්ජ(ර්) සීට් එකට ගියා.....

අපිට පිටි පස්සේ....., ඒ කියන්නේ පලවෙනි සීට් එකේ  හේශව් චතුර නුවන් තුන් දෙනා ඉදගත්තා...

මැද අපේකීලා දෙන්නා...

පිටීම........ පස්සේ එකේ දිලුමායි හර්ශයි..........



" ගගන අයියේ........ ඔන්න ඕකේ බ්ලූටූත් ඔන් කරන්න ...... සින්දුවක් වත් දාන්න... කම්මැලි නැද්ද අනේ උඹලාට...?"

ගමන පටන් ගෙන පැය බාගයක් ගියේ නෑ චතුර බ්ලූ ටුඉත් ඔන් කරන්න කියලා කෑ ගැහුවා......

සින්දු දාන්නලුනෙ ඔය........

ඇත්ත ඉතින්.......,

කට්ටියක් පෝන් වල.....

කට්ටියක් කියවනවා......

කිසි මෙව්වා එකක් නෑනේ.....

පැය පහා හයක ගමනක්නේ....

ට්‍රිප් එකක් වගේ තමා.............

" දැන් බ්ලූටූත් ගහලා තියන්න ඔය පෝන් වල චාජ් එක ඇද්ද කොල්ලෝ.........?"

ගගන අයියාටත් මාර ප්‍රශ්න එන්නෙ..........

හැබැයි ඉතින් වැදගත් ප්‍රශ්නයක්....

" ආ............ එව්වාටනේ අයියේ මෙව්වා තියෙන්නේ............ පෝ එකත් ෆුල් චාජ්.......... මේකත් ෆුල් චාජ්.............."

පවර් බෑන්ක් දෙකක්.............

අම්මේ.......................

මේකා නම් ට්‍රිප් එකක් යන්නම තමා ඇවිල්ලා තියෙන්නේ.............

හැබැයි ඉතින් චතුර කියන්නේ නම් ආතල් පොරක්...........

ඒකටම හරියන නුවනා...............

ඌත් පට්ටම ආතල්...........

උන් දෙක ඉන්නවා කියන්නේ ඉතින් අය නෑ................ speechless.......

ගගන බ්ලූටූත් ඔන් කරායින් පස්සේ අරූ මේ ටිකේම ප්‍රසිද්ධ ගමේ ලස්සනම ලේලි ගැන දැම්මා.......

"ගමේ ලස්සනම ලේලි අපේ අම්මගේ වේවී

නුඹ මං එක්කලා ඉද්දි තව හැඩට පෙනේවී

නෑදෑයොන්ට ගොඩක් ඊරිසියා හිතේවී

රාජපක්ෂ පවුල මුළු ගමේම වැජඹේවී…”

ආන්න.......... ආන්න............ ගගන අයියා අපේකී දිහා බලාගෙන ඒ කොටස කියද්දී  ...., මං බලාගෙන අපේකී ලාවට රෝස පාට වෙනවා...

මූ ඩ්‍රයිව් කර කර මැද කන්නාඩියෙන් අපේ එකී දිහා බල බල යනවා...

අනේ උඹ හප්පපන්කෝ පුලුවන් නම්.............

පැය තුන හමාරකට වගේ පස්සේ අපි හිටියේ කුරුනෑගල කිට්ටු කරලා........

අම්මෝ............

මාර  ට්‍රැෆික් එකක් තිබ්බේ කොළඹ
..........

අවුරුදු කියලා නෑ.......... ගොඩාක් මිනිස්සු කාර්‍යබහුලයි...........

හයයි හතලිහයි............

" කියන්න අම්මි......"

"....................................."

"ඕ හරි....... මං කියන්නම්...."

" ............................"

" නෑ නෑ......... කවුරුත් නිදි නෑ...... අපි සින්දු කියනවා... ...."

" ...................................."

"ම්ම් ............ අපි එන්නන්..."

මං හිතන්නේ හේශව් ලාගේ අම්මා......

" අයියේ............... අම්මලා තේ බොන්න නවත්තලා....."

" කොහෙද චූටි........?"

" ඔය ඉස්සරහා තියෙනවාලු පොඩි පොල් අතු වහපු  කඩයක්......වම් පැත්තේ තියෙන්නේ.... එතන ඒ දොගොල්ලොන්ගෙම වාහන නවත්තලා තියෙන්නේ කිව්වා..."

" ම්න්........ "

කිව්වා වගෙ විනාඩි දෙක තුනක් යද්දි අපිට ඒ කඩේ ගාවට එන්න පුලුවන් උනා.........

දැනටමත් කලුවරයි.........

අපි වාහනෙන් බැස්සා.........

වොහ්............

මාර ලස්සනයි............

දෙපැත්තෙන්ම වෙල්.......

අහසත් මහා අමුතු පාටක්....

රතු පාට මික්ස් වෙච්ච තැබිලි පාටක්...
ලාවට දම් පාටකුත් තියෙනවා.........

ඉර තාම බැහැලා ගිහිල්ලා වැඩි වෙලාවක් නෑනේ............

සිරාවටම පට්ටම වීව් එකක්......

පොඩි කඩයක් උනාට මෙතන හොදට බිස්නස් තියෙන තැනක් වගේ........

කට්ටිය දිගට හරහාට පොටෝ ගන්නවා........

හැබැයි ඉතින් මේ වගේ වීව් එකක් පොටො එකකට කොටු කර නොගත්තොත් වැඩකුත් නෑ හැබැයි............

මාත් පොටෝ කීපයක්ම ගද්දි මං ලගට ආව හේශව් වත් ලගට ඇදගෙන අපි දෙන්නාගේ පොටෝ කීපයක් ගත්තා..................

" ලස්සනයි......."

මගේ ෆෝන් එකට එබිලා හිටපු හේශව් ලාවට මුමු නද්දී...., මං එයාගේ කම්මුලකට පුංචි කිස් එකක් දුන්නා.........

කවුරු දැක්කේ නෑ ඉතින්......

එයාලා එයාලාගේ ලෝක වල හින්දා අපිව ගානක්  නෑ එයාලට.....

" ඇතුලට යමු............ "

අපේ පුංචි අපිට කාතා කරපු හින්දා..., පොටෝ ගැහිල්ල පැත්තකින් තියලා අපි සෙට් එකම ඇතුලට ගියා............

මං බලාගෙන ගගන අපේ නංගිව බලෙන්ම ලගට ඇදන් ෆොටෝ ගහනවා..............



එච්චර ලොකු තැනක් නොවුනත් අපිට ගානටම වගේ මේස පුටු තිබ්බා..............

මේක නයිට් කඩයක්...........

හවස පහට වගේ පටන් අරන් රෑ එකොළහා දොළහා වගේ වෙද්දී වහනවාලු.........

අපේ වයසෙම කොල්ලෙක් හිටියා.... ඌ තමා කිව්වේ....

අම්මායි තාත්තායි අක්කායි ඒ කොල්ලායි තමා මේක කරනවා කියන්නේ.....

ඌ විස්තර කියද්දී මටත් අපේ ඉස්සර කාලේ මතක් උනා...

දැන් මෙහෙම කාලා ඇදලා හිටියාට ..., ඒ කාලේ මායි නංගියි පට්ට කට්ටක් කෑවා..........

එතන ......,

රොටී
වඩේ
ආප්ප
රයිස්
කොත්තු

ඔය වගේ එව්වා තියෙනවා.......

අපිත් කාලයක් ඕවා කරපු හින්දා......., මායි නංගියි ඒ නැන්දායි මාමයි එක්ක  කතා කරලා, අපෙ අම්මා කෑම හදන විදිය කියලා දුන්නා............

අනේ ඒ මිනිස්සු ඒවා ලියා ගත්තාත් එක්ක........

" අපිත් කාලයක් ඕවා කරා නැන්දේ...."

" අනේ මේ දරුවෝ දෙන්නාට ගොඩාක් ස්තුතියි....."

" එහෙනම් අපි ගිහිල්ලා එන්නම් මාමේ..... අපි කිව්ව විදියට කරලා බලන්නකෝ....... අනිවාර්යයෙන්ම හොද බිස්නස් එකක් සෙට් වෙනවා....... "

" අපි මේක පටන් ගෙනත් වැඩි කාලයක් නෑ දරුවෝ.. කවුරුත් උදව් කරේ නෑ...... මේ පලවෙනි පාර....... "

" අපි ආයම සතියකින් එන්නම්කෝ...... එතකොට අපි බලමු....."

" හරි දරුවනේ පරිස්සමෙන්......"

අපි දෙන්නා එලියට එනකොට අනික් අයත් බලාගෙන අපි දිහා......

මං වාහනේට නගිනකොට අපේ වයසේ කොල්ලා මං ලගට ඇවිල්ලා මගෙ අතින් කොල කෑල්ලක් තිබ්බා...

නම්බර් එකක්...

" ඔය අපේ නම්බර් එක.... මට ඔයාගෙත් නම්බර් එක දෙන්න පුලුවන්ද?"

මං හිනා වෙලා ඔලුව වනලා මගේ නම්බර් එක කිව්වාම ඌ ඒක උගේ අතේ තිබ්බ පොතේ ලියා ගත්තා...

" Thank you ගොඩාක්..."

" ම්න්..... හොදට ඉගෙන ගන්න..... අම්මලාවත් ගොඩ දාගෙන උඹත් ගොඩ පලයන්......"

" අනිවාර්යයෙන්ම...... අක්කායි මායි කොරියන් exam කරනවා..... අක්කා නම් පාස් වෙලා වෙබ් එකේ ඉන්නේ..... මාත් ඒ ලෙවල් කරන ගමන් ඒකත් කරනවා.... අක්කාට  නම් ඒ ලෙවල් කරන්න බැරි උනා.....'

" ඒකට කමක් නෑ..... කොරියන් සීන් එක හොදයි...... ගොඩ යන ඕනම ගේමක් ගහපන්..... අනික ඉගෙන ගන්න එකම නෙවෙයි ජීවිතේ කියන්නෙත්..., දියුනු වෙන්න ක්‍රම ඕන තරම්...... පස්සේ කතා කරමු..... අපිට පරක්කු වෙනවා කොල්ලෝ...."

" පරිස්සමෙන් යන්න..... මං රැට හරි උදේට හරි මැසේජ් එකක් දාන්නම්.... මම කලන..... එතකොට.....?"

" මං ආදිත්‍ය..... එහෙනම් අපි ගිහිල්ලා එන්නම්...."

ලෝකේ මිනිස්සු දකින්නැති පැති ඕන තරම්.........

වෑන් එකට නැග්ග වෙලේ ඉදන්..,
සින්දු අහන එක පැත්තකට දාලා මාවයි නංගිවයි ලක්ශපති තරගෙට දැම්මා........

උන්ට සෑහෙන ප්‍රශ්න.....

අපි ඉතින් ඉස්සර අපි කරපුවා කිව්වා......

"ඉස්සර අපිත් රෙස්ටුරන්ට් එකක් කරේ...... ගෙදර අයමයි කරෙ..... එහේ සුද්දෝනේ...... තනිකරම ටුවරිසම් පාරාදීසයක් ඒ......
උබලාට බලාගන්න පුලුවන් ඉතින් ගියාම...... "

" අපි අර මිනිස්සුන්ට කිව්වේ කෑම හදන ක්‍රම ටිකක්..... පවු අහිංසක මිනිස්සු....... අපිට ගිහිල්ලා ඕඩර් කරලා ඉද ගන්න විතරයි තියෙන්නේ, ඒත් ඒ මිනිස්සු පට්ට කට්ටක් කනවා ඔය මේසෙට අපේ ඕඩර් එක ගෙනත් තියන්න..... අපි රෝටී කාලා තේ බිව්වාට ඕක හදන්න මාර මහන්සියක් වෙන්නේ.... අද්දැකීමෙන් කියන්නේ...... "

ආයම මොකුත් ඇහුවෙ නෑ.....
















නවය වෙද්දි අපි ආවා ගමට......

අවුඩංගාව.....

තනිකරම හෝටල් පාරාදීසයක්......

කාලෙකින් ආයමත් ඒ පුරුදු හුලග....

හිතට හරි අමුතුයි...........

To be continued...........................................

හායිම් කෙමලනේ......

කෝමැයි ඔයාලට? 🌚

මේ ගෙවෙන දවස් හත එපි හතකට ගත්තාට කමක් නැද්ද?
සමහරවිට එච්චරත් නැති වෙයි..

බලමු අපි...

අද එක කොහොමද ?

සීගිරියේ
පිදුරුංගල
පොලොන්නරුව
අනුරාධපුර
දබුල්ල

අපි යමු ඇවිදින්න...

ආයම වෙසක් වලටත් ඇවිදිමු අපි 😌.

අදහස් කියාගෙන යම්න.....

ආතරෙයි ඈ 🌚💜️💚.

Continue Reading

You'll Also Like

1.2M 51.5K 46
"I kill for living" I said seriously expecting the beauty before me to back away in fear. I leaned close towards her and brought my face just inches...
1.4M 84.8K 118
A love story of our very own couple manan with a loads n loads of love with a pinch of comedy and offcourse drama masala????????????????..... Peep i...
639 98 3
මෙතනින් කී දෙනෙක් අපායට යනවද බලමුද?අපායට යනවනම් කියලා යන්න.ඒ කියන්නෙ කමෙන්ට් එකක් දාන් යන්න.. හානෙ?
76.5K 2.3K 37
Everest moves in with her future fellow firefighter who just so happens to be her best friends brother and her frenemy. When they're at work one day...