Unexpected wish

Oleh _dead_soul_13

2.1K 533 731

It's all about that fucking star -JIMIN FANFICTION- Lebih Banyak

01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
46
47
48
49
50
51
52
53

45

32 6 9
Oleh _dead_soul_13

Oli's pov

අද තමා දවස!මන් නම් ටිකක් විතර nervous වෙලා ඉන්නෙ.එකක් පලවෙනි පාර මන් මෙහෙම ට්‍රාන්ස්ලේටර් කෙනෙක් විදිහට වැඩ කරන එක.අනික කී දෙනෙක් ඉස්සරහද මන් මේක කරන්නෙ?හිතද්දිත් ටිකක් බය හිතෙනවා.
උදේ වරුව නම් සාමාන්‍ය විදිහටම ගෙවුනා.ජිමින් ව නම් උදේ ඉදන්ම දකින්න හම්බුනේ නෑ අඩුම තරමෙ උදේ breakfast එකේදිවත්.හවස් වරුවෙනෙ show එක පටන් ගන්නෙ...හනෙවුල් නම් කිව්වා dress එකේ පොඩි අවුලක් වෙච්ච නිසා උදෙන්ම ජිමින් ඒ වැඩ වලට ගියා කියලා.

කෝම හරි දවල් වරුව පටන් ගද්දිම වගේ මට හනා ගෙන් කෝල් එකක් ආවා.හනෙවුල් කියන එක දිග වැඩි නිසා මන් කිව්වා එයාට ඒම කතා කරන්නම් කියලා...

"හෙලෝ ඔලී,තව විනාඩි පහකින් ගමනක් යන්න ලෑස්ති වෙලා පහළ parking එකට එන්න"

"ඒ මොකටද?ඔයා මාව kidnap කරන්නද හදන්නෙ හනා?"

"පිස්සුද අනේ!ඔයාට හවසට අදින්න ඩ්‍රෙස් එකක් බලන්න යන්නෙ"

මේ ළමයට පිස්සු...මන් ඈ ඕවා අදින්න ඕනි.අනික මන් ට්‍රාන්ස්ලේටර් කෙනෙක් විදිහට යන්නෙ මොඩ්ලර් කෙනෙක්ට නෙවෙයිනෙ...

"පිස්සු නැතුව ඉන්න හනා...මට ඕවා ඕනි නෑ"

"ආහ් හරි වැඩක්නෙ ඒක...ඔයා ඕකෙ ගිහින් ඉන්නෙ world famous singer කෙනෙක් එක්ක.එතකොට ඔයත් ලස්සනට ඇඳලා කරලා යන්න ඕනිනෙ හලෝ"

"මන් ඒම ඇදලා හරියන්නෙ නෑ බන්...ට්‍රාන්ස්ලේටර් කෙනෙක් අදින්න ඕනි චාම් විදිහට...මන් ගාව ඒකට හරියන ඩ්‍රෙස් එකක් තියේ ඒ නිසා පිස්සු නටන්නෙ නැතුව ඉන්න තැනකින් එනවා!"

මන් කතා කරන වෙලේ එහෙන් තව කෙනෙක් කතා කරනවා ඇහුනා ඒත් පැහැදිලි නෑ කවුද කියලා...

"හරි ඔයාට එන්නනෙ බැරි?මන් ඒනම් අරන් එනවා ඩ්‍රෙස් එකක් ඒක අඳින්න ඕනි ආයෙ කතා දෙකක් නෑ හරී!?ඇන්දෙ නැති උනොත් අපි දෙන්නගෙ සම්බන්ධෙ මෙතනින් ඉවරයි කෙල්ලේ!!!"

"හනා අහ~"

"බීප් බීප්"

මේ කෙල්ල නම්!අපේ අම්මවත් ඕම නෑ මට...කොටින්ම මේකි අශී ම තමා කපාපු පලුව...දවසක දෙන්නව සෙට් කරගන්න ඕනි...නෑ නෑ එක්කො ඕනි නෑ අශී මගේ නම්බුව බල්ලට දායි හනා එක්ක...

විනාඩි 10 කින් වගේ දොරට තට්ටු කරනවා ඇහුනා.ශුවර් එකටම හනා තමා!

ෆ්ලෑශ් ගෙ නන්ගිවත් වැහුනද බන් මෙච්චර ඉක්මනට ආවෙ?

ආපු ගමන් සෝෆා එක උඩට වැටුන කෙල්ල එහෙම්මම මහන්සි ඇරියා ටික වෙලාවක්.මන් වතුර බෝතලයක් ගේන්න මිනි ෆ්‍රිජ් එක ගාවට ගියාම තමා කට ඇරියෙ...ඒකත් කුටු කුටු ගගා තනියෙන් කියෝනවා

මේ දෙන්නෙක් නිසා මන් විඳින දුකක් අම්මපා!

මොකක්ද හනා?

ආහ් මේ...නෑ මන් කිව්වෙ පට්ට මහන්සී අප්පා දුවලම,එපා වෙනවා

ඉතින් මන් කිව්වා ඈ දුවන්න කියලා...තමුසෙමනෙ ගියේ?

හරි හරි අනේ මොකද්ද හලෝ ආදරේ නිසානෙ මේ සේරම...නැද්ද මන් අහන්නෙ?

කතා කරන අස්සෙ මන් ගෙනාපු ඩ්‍රෙස් එක බැලුවා...ඒක නම් ඇත්තටම මාරම ගති,මාරම චාම් කලු පාට කොට ගවුමක්,පැත්තෙන් නිකන් නූලක් ඇදිලා වගේ ඉස්සිලා තියෙනවා...ඒකටම හරියන්න jewellery,heel එකක් පවා ගෙනල්ලා තිබ්බ

අනේ හලෝ මෙච්චර වියදම් කරේ මොකටද?

ඔයාගෙ බර්ත්ඩේ එකත් ලඟදිනෙ තිබ්බෙ...ඒ නිසා ඕක මගෙන් හම්බුනු present එකක් කියලා හිතාගන්න අනේ"

ඒත් ඉතින්~"

ඒත් මේත් නෑ බන්...මන් සාමාන්‍යයෙන් දකින දකින හැම එක්කෙනෙක් එක්කම කතා කරන කෙනෙක් නෙවෙයි...ඒත් ෆිට් උනොත් නම් ඕන එකක් එයා වෙනුවෙන් කරනව...ඒ නිසා ඕක ගන්න බය වෙන්න එපා

ඇත්තටම මට මාර සතුටක් ආවා හනා ඒම කියද්දි...ඒ නිසා සතුට වැඩිකමට මන් කෙල්ලව බදාගත්තා.ඇත්තටම ඒ වචන ටිකත් මන් වගේ කෙනෙක්ට මාරෙටම වටිනවා...පොඩි කාලයකදි උනත් ඒම කියන්න තරම් මාව ෆිට් උනා කියන්නෙ මටත් ලෝක පුදුමයක්!

අන්තිමේදි බදාගෙන කෑගහගෙන ඉවර වෙද්දි show එකට යන්න වෙලාව ලං වුනා.ඒකටත් මේකි කිව්වා එයා මේකප් කරන්නම් අරකයි මේකයි කියලා...කෝමහරි
light makeup එකකුත් දාගෙන parking area එකට යන්න හදද්දි හනාට කෝල් එකක් ආවා...

"හෙලෝ කියන්න...ආහ් ඕකේ ඕකේ"

ෆෝන් එකත් කනේ ගහගෙන කෙල්ල මාවත් ඇදන් සාමාන්‍යයෙන් යන පැත්තට නැතිව වෙන පැත්තකට ගියා

හනා මේ යන්නෙ VIP parking එකටනෙ.

ඕ උබ යන්නෙ ජිමින් ශී එක්කනෙ...ඉතින් VIP නැතුව උබ හිතන්නෙ අර එන්ට්‍රන්ස් එකෙන් යන්නද?ඒ මනුස්සයගෙ කෑලි තමා අහුලන්න වෙන්නෙ ඒම ගියොත්...

වස චාටර් එක!ඕක ගැන අර තිබ්බ meeting එකේ කිව්වත් එක්ක අමතක උනාට...
VIP parking area එකේ තිබ්බෙ වාහන තුන විතරමයි.ඒකෙනුත් මැද එකේ තමා ජිමින් යන්න ඉන්නෙ...උදේ ඉදන් දැක්කෙත් නෑ හිතට හරි අමාරුයි දැක්කෙ නැති උනාමත්...

වාහන ටික ලඟට ලන් වෙද්දි තමා දැක්කෙ අපි දෙන්නා ඇර අනිත් ඔක්කොම ඇවිල්ල ඉන්නෙ කියලා.එතකොටයි මන් දැක්කෙ අපේ prince charming ව...

දෙයියනේ ඒ කිට් එකට චිම් ගොඩාක් හැන්ඩ්සම්!එයාගෙ තියෙන කියුට් ගතිය සම්පූර්නෙන්ම වගේ නැතිවෙලා gentlemen look එක කැපිලා පෙනුනා.එයා ඇදන් හිටිය turtleneck එකත් එක්ක අමුතුම look එකක් ගෙනල්ලා තිබ්බා...

මයි ගෝඩ් මිස් ඔලී you look so gorgeous!!!

මාව දැක්ක ස්ටාෆ් එකේ හැමෝම වගේ මන් දිහා පුදුමෙන් බලාගෙන ඒම කියද්දි තමා සොන්ග් ශී එක්ක කතා කර කර හිටපු 'එයා' මන් දිහා බැලුවෙ...දැක්ක ගමන් එයා මන් එන දිහා ගල් ගැහිලා බලාගෙනම හිටියා වගේම ඒ ඇස් අමුතුම විදිහට දිලිසෙන්න පටන් ගත්තා වගේ මන් දැක්කා...

මන් හිතන්නෙ ජිමින් ශී අපි ඉස්සෙල්ල කතා කරගත්තු විදිහටම කරන්න ගත්තා නම් හරි~ජිමින් ශී...excuse me ජිමින් ශී ඔයාට මාව ඇහෙනවද?ජිමින් ශී...ජිමින් ශී!!!

ඕ-ඕහ්-ආ~හ් මේ ඔව් සොන්ග් ශී කොහොමත් හොබී හියුන්ග් නුත් එන එක හොඳයි තමා...ඇ-ඇයි සොන්ග් ශී?

න්-නෑ නෑ ජිමින් ශී මුකුත් නෑ මන් කෝල් එකක් අරන් එන්නම් සේජින් ශී ට.

මම ස්ටාෆ් එකේ අයත් එක්ක කතා කර කර ඉද්දි සොන්ග් ශී චිම් ට මොනාද කියනවා ඒත් එයා අහන් ඉන්න පාටක් නෑ වගේ,මන් දිහාම බලාගෙන ඉන්නෙ...කෝම හරි ටිකක් වෙලා ගියාට පස්සෙ දෙන්නම වෙනස් පැති දෙකකට යනවා මන් දැක්කා.ඔය අතරෙ හනා මගේ දිහාවට අමුතු හිනාවක් දැම්මා...එන පොට හොඳ නෑ වගේ ඔලී!!!

ම්ම් ම්ම් මොකද මොකද ජිමින් ශී ඔහේව දැක්කම ටිකක් ට්‍රැක් පැනපු ගතියක් පෙන්නන්නෙ...යමක් සිද්ධ වෙලා වගේ...

මොනාද බන් තනියෙන් කියවන්නෙ?

ඔව් ඔව් උබට ඒවා කොහොමත් ඇහෙන්නෙ නෑ නෙහ්...කොල්ලට මල්සරා සැරටම හීයක් විදලා වගේ දැන්මම...love at first sight!?

විකාර...

ඒ ටික ඇහුනම මට මතක් උනේ අපි දෙන්නගෙ first kiss එක...ඇත්තටම ඒක මතක් වෙද්දිත් බඩේ සමනල්ලු පියාබනවා වගේ.ඒක මතක් වෙලා ආපු හිනාව පුදුම අමාරුවකින් නවත්තගෙන මන් වාහනේට නැග්ගා.එත් මේකි ගෙ උකුසු ඇස් දෙක ඒක දැකලා කියන්නකෝ...

ආහ් ආහ් මොකද්ද මොකද්ද ඒ හිනාව...ඒක නම් අල්ලන්නෙ නෑ මට.කියනවකො ඔලී එදා යමක් සිද්ද උනාත?

පිස්සු කියවන්නෙ නැතුව නගිනවා වාහනේට!

එතනින් පස්සෙ නම් ප්‍රශ්නයක් උනේ නෑ ලොකුවට.මොකක් උනත් බයක් නැත්තෙම නෑ නෙවෙයි.ඒත් එතන ඉදන් මන් ජිමින් එක්ක ඉන්නෙ තනියෙන්.පොඩ්ඩක් හරි මන් චිම් ගැන care කරනවා කියලා දැනගත්තු ගමන් media කාරයො වැඩ ටික පටන් ගනී...ඒකෙන් කරදර වෙන්නෙත් අන්තිමේ චිම් ට නිසා ගොඩක් පරිස්සම් වෙන්න මන් හිතා ගත්තා.

හැම දෙයක්ම හොදට සිද්ද වෙයි,අපි එහෙම හිතමු!





JIMIN pov

මොකද ජිමින් ඔහෙට එක පාරටම උනේ...ලස්සන කෙල්ලො කොච්චර දැක්කත් ගානක් නැති මන් නූනාව දැක්කා විතරයි වෙච්ච දේ ගැන හිතා ගන්න බෑ.
මන් හිතුවට වඩා නූනට ඒක ගොඩක් ලස්සනයි.ලස්සනයි කියනවට වඩා පොඩ්ඩක් sexy ගතියකුත් නැත්තෙම නෑ.මෙහේ ඉන්න ගර්ල්ස් ලට නැති indian girls ලට තියෙන අමුතුම ස්කින් කලර් එක වගේම ඇඟේ අමුතුම හැඩේ නිසා ඒ ලස්සන තව කැපිලා පෙනුනා...

ඇත්තටම මන් හිතුවෙ නෑ නූනා මන් අරන් දුන්නු ඇඳුම අඳියි කියලා.කෝමත් එයා දන්නෙ නෑනෙ මන් අරන් දුන්නෙ කියලා,හනා birthday present එකට අරන් දුන්නා කියලනෙ.අද උදේ ගිය වැඩේදි තමා ඕක මන් දැක්කෙ.මට මතක් උනේ එවෙලෙ මගෙ නූනාව...එයා තාම මට වෙච්ච කිසිම දෙයක් කිව්වෙ නෑ.සමහර විට ලොකුවට අපි දෙන්නට කතා කරන්න ටයිම් එකක් හම්බුනේ නැති නිසා වෙන්නැති.ඒත් දැන් මට තියෙන ප්‍රශ්නෙ තමා එයා වෙනුවෙන් මගේ හිතේ ඒ කාලෙ ඉදන් තියෙන ආදරේ reject වෙලා යයිද කියලා.දැක්ක දවස් දෙකේම හිටියෙ එයා බෝයි කෙනෙක් එක්ක නිසා මට සැකයක් තිබ්බා ඒ දෙන්නා ගොඩක් ක්ලෝස් ද කියලා...
ඒ නිසාම මන් බැලුවා නූනා යන යුනි එකේ ඉන්න lectures ල කවුද කියලා.එතන හිටියා එදා මන් දැකපු බෝයි ගෙ නම සුහෝ කියලා දැනගත්තා.ඒත් ඒ දෙන්නා එච්චර ක්ලෝස් නෑ කියලා පෙනුනා අපි මෙහේ එන දවසෙ ගත්තු කෝල් එකෙන්.

කෝම හරි ඔය ගවුම දිහා මන් බලාගෙන ඉද්දි එක්කෙනෙක් පැත්තෙන් ඇවිත් හිටගත්තා...

හිතේ ඉන්න කෙනාට ඕක මැච් වෙනවා කියලද කල්පනා කරේ?

මන් ගැස්සිලා බැලුවා කවුද මේ කියලා.බැලින්නම් හනා...එයා මාත් එක්ක ටිකක් ෆිට්.කෝමත් වැඩ වලදි ඒම ෆිට් වෙන එක සාමාන්‍යයයි නෙ.

න්-නෑහ් පිස්සුද හලෝ ඔහේට?

ඒමද?ඒනම් ඒක නිසා වෙන්නැති නෙහ් ඊයෙ ඩිනර් එකේදි අපේ පැත්තට ඇස් දෙක හැමවෙලේම වගේ කැරකුනේ නෙහ්?

ආයිශ් මේකි ඒකත් දැකලනෙ...පුදූ...ම පරමාණු බෝම්බයක් නෙ යකූ මේකි!

ආහ් ඒකද?ඒක මේ....නිකම් ම බැලුනා දැක්කෙ නැද්ද ඔයාලට පිටිපස්සෙ ලස්සන wall art එකක් තිබ්බා ඒක බල බල හිටියෙ...

හ්ම්ම් හ්ම්ම් ඒම හිතමුකෝ.මන් මේ කියන්න ආවෙ ඔය බලන් හිටපු කෙනාට දැනට boyfriend කෙනෙක් නෑ කියලා කියන්න.නිස්කාරණේ හිත කලබල කරගන්න එපාත් කියන්න...

ඉතින් මට මොකද?

තව ඔයා මේක එයාට අරන් දුන්නොත් මට පුලුවන් කෙල්ලට එන්න කියන්න මෙහෙට.හැබැයි එන්න බෑ කිව්වොත් නම් මන් ගානෙ birthday present එක විදිහට ගිනිහින් දෙන්න තමා වෙන්නෙ...

ඇත්තටම ඒ ටික අහද්දිත් මට එතන කෑ ගහලා නටන්න තරම් සතුටක් ආවත් ඒක පෙන්නන්නෙ නැතුව ටිකක් වෙලා ඉදලා එතන හිටිය ගර්ල් කෙනෙක් ට ගවුම පෙන්නලා ඒකට හරියන්න jewellery,heel එකකුත් ලෑස්ති කරගෙන එතන හිටිය හනාව ශේප් එකේ ලඟට ගෙන්නලා කතා කළා

එයාගෙ පලවෙනි වැඩේ මාත් එක්ක කරන නිසයි මන් මේක අරන් දෙන්නෙ.නැත්තන් තමුසෙ හිතන මනස්ගාත නිසා නෙවෙයි මන් මේක දුන්නෙ ඒක මතක තියාගන්න.

හාකො හාකො...ඒත් ඉතින් අපිටනම් කවුරුත් අරන් දුන්නේ නෑ වැඩ පටන් ගන්න දවසෙ නම් මේම...

එවෙලෙම නූනාට හනා කෝල් එකක් අරන් කිව්වා එන්න කියලා ඩ්‍රෙස් එකක් ගන්න යන් ලෑස්ති වෙන්න.නූනා ගත් කටටම බෑ කිව්වා...බෑම කිව්ව නිසා මගේ හිතට පොඩි දුකක් ආවත් මන් හෙමින් කිව්වා හනාට ඒ ටික පැක් කරලා දෙන්නම් අරගෙන යන්න කියලා...අන්තිමේදි හනා නූනාට warning එකකුත් දැම්මා.එයාලා දෙන්නා නම් ඉක්මනටම ෆිට් වෙලා වගේ පේන විදිහට නම්...

කෝම හරි අන්තිමේදි සොන්ග් ශී ගෙන් චාටර් වෙලා තමා මන් වාහනේට නැග්ගෙ.හිතේ පොඩි බයක් නැත්තෙමත් නෑ මොකද මන් මෙහෙම යන්නෙ බෑන්ඩ් එක එක්ක නෙවෙයි තනියෙන් නිසා.හොබී හියුන්ග් එනවා කියල දැනගත්තෙ පස්සෙ නිසා බය ටිකක් අඩු උනත් හියුන්ග් ව හම්බෙනකම් මන් තනියෙන් ඉන්න අය එක්ක කතාකරන්න ඕනිනෙ...

ඒ එක්කම වගේ මන් සාක්කුවේ තිබ්බ නූනා දුන්නු LY මාලෙ අතට ගත්තා...
ඒක අතට ගත්තම ඕනිම වෙලාවක මගේ හිත කලබල වෙලා තිබ්බොත් ඒක අඩු වෙනවා ඉබේම...අනේ මන්දා නූනා ඒකට මොකක් කරලද කියලා.මේ කාලෙ ඇතුලත මන් ස්ටේජ් නගින හැම පාරක් ගානෙම මේක අතට අරගෙන ටිකක් වෙලා ඉදලා තමා ස්ටේජ් එකට නගින්නෙ.

වෙනදා තිබ්බෙ නූනා දුන්නු මාලෙ උනාට අද නූනත් මන් ගාවම ඉන්න නිසා ඒ තියෙන කලබල ගතිය නැතිවෙලා ම යයි කියලා මට විශ්වාසයි!

______________________________________________
A/N

අද ඉම්මනට අරන් ආවා
ඊලඟ එපිය නම් ටිකක් රසවත් එකක් වෙයි සමහරවිට...

Enjoy ur reading!<333

Lanjutkan Membaca

Kamu Akan Menyukai Ini

12.4M 349K 64
"A hidden connection is stronger than an obvious one." ©𝐉𝐈𝐊𝐎𝐎𝐊𝐈𝐄𝟏𝟕 No translations allowed. |*Contains some mature and triggering content*|...
4.6K 1.2K 32
Champagne වීදුරුවක නැගෙන බුබුළු මතුපිටට ඇවිත් දිලිසිලා පුපුරලා යනවා. අමීලිට දැනුන ආදරෙත් ඒ වගේ ද.... 🥂bts pjm ff/sinhala/based in France 🥂simply in...
44K 6.4K 40
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
40.6K 7.2K 21
IN JAIL WITH A HANDSOME MAN 💜️💞 ********* ..... ..... .... ඔව් එයා තමයි. මේ ඒ දුශ්ටයගෙ කතාව 💜️Kim Taehyung 😏 ඔව් මේ මම😌 කොරියාවෙ ඉන්න දක්ශම අප...