07

38 17 7
                                    

ඔලී..ඒක ලස්සනයි නූනා..

තැන්ක්‍යූ ජිමින්..

අර ඉස්සෙල්ල එක කියන්නකෝ නූනා..

ආහ් චිම් ...

ඔව් ඔව්...

ඕකේ චිම්..

මං එහෙම කිව්වම ජිමින් ආයෙත් එයාගෙ ඇස් ගිලෙන කියුට් හිනාව දැමම්ම මට ඉබේටම හිනා ගියා.ඒත් ජිමින් මගේ ඇද උඩින් නැගිටලා ආයෙම මගේ කකුල් වලට පහත් වෙලා එයාගේ චූටි අත් වලින් මගේ කකුලේ තිබ්බ තුවාල හැම එකකටම බෙහෙත් දාන්න ගත්තම මං ඇස් ලොකු කරගෙන එයා දිහා බලාගෙන හිටියා.මං දිගටම එයා දිහා බලාගෙන හිටියා.එයාගේ පිම්බුන කම්මුල් පිරුනු තොල් දෙක ඇත්තටම මාව පිස්සු වැට්ටුවා.ටික වෙලාවකින් එකපාරම එයා මං දිහා බැලුවම මං ගැස්සිල ගියා.එයා ආයෙම මං දිහා බලල හිනා වෙලා මගේ අතේ තිබ්බ තුවාලෙටත් බෙහෙත් දාලා ඉවර කරා.මට පොඩක්වත් දැනුනේ නෑ එයා බෙහෙත් දාලා ඉවර වෙනක්න්.රිදෙන්නෙ නැතුව එයා මට බෙහෙත් දැම්මම මට පුදුම හිතුනා.ඒත් එයා බෙහෙත් දාලා ඉවර වෙනකන් මං සද්ද නැතුව හිටියා.මං දන්නෙ නෑ ඇයි මට ඒ දිහාම බලන් ඉන්න හිතුනේ කියලා.මං ජිමින්ට ආදරේ කරනවද.කොහෙත්ම එහෙම වෙන්න බෑ ජිමින් පොඩියි.එයා මට වඩා වැඩිමල් බව දන්න්වා.ඒත් මේක වැරදී.

ඉවරයි...නූනා

ආහ්..

බෙහ්ත් දාලා ඉවරයි..

තැන්ක් යූ ජිමින්..ඔයා මේ කරන දේවල් වලට මං කෝමද ඔයා තෑන්ක්ස් කරන්නේ.

ආහ් ඒකද?ඒකටනම් මට දෙයක් ඉල්ලන්නම වෙනෝ..

මොකක්ද..

හැමදාම අපේ ගෙදර ඉන්න්කෝ නූනා අනේහ්...

යාහ් මේ කොල්ලා..

ජිමින් තොලත් නොපිට පෙරලන් එහෙම කිව්වම මං ආපු ක්ශනික අදහසකට එයාගේ ලොකු පිම්බුන කම්මුල් දෙකම පොඩි කරලා අල්ලගත්තා.ජිමින් හිටියේ තාමත් හිනා වෙනගමන්මයි.ඒ එක්කම මට එකපාරට දෙයක් මතක් උන නිසා මං ඉක්මනට ජිමින් ගෙ කම්මුල් ඇත් ඇරියම ජිමින් ගෙ හිනාව නැති වෙලා ගියා.

Unexpected wishWhere stories live. Discover now