52

24 6 13
                                    

Because i think i still fall in love with you!

ඒක කියපු ගමන් නූනා අනිත් පැත්ත හැරිලා දුවන්න හැදුවෙ...මොකක් හරි ප්‍රාතිහාර්යකට මාව ෆ්‍රීස් වෙලා හිටපු එක අර වාක්‍යය නිසා නැතිවෙලා නූනගෙ අත අල්ලගත්තා...
එහෙම්මම මාස්ක් එකත් ගලෝලා මන් නූනගෙ දෙතොල් එක්ක පැටලුනා...

මගේ තොල් නූනගෙ ඒ හීනි තොල් වල රස හොයද්දි මගේ අත් දෙක නූනගෙ ඉන වටේ එතුනා වගේම,නූනගෙ අත් දෙක මගේ බෙල්ල වටේ හරිම හෙමින් එතුනෙ...ඒක හරිම ආදරණීය විදිහට අපේ කිස් එක ගියේ...හරිම හෙමින්,කිසිම කලබලයක් නැතිව..

විනාඩි දෙකක් තුනක් විතරකින් පස්සෙ නූනට හුස්ම ගන්න අමාරු වෙලාද කොහෙද මගේ පපුවට ඇති කියන්න වගේ තට්ටු දැම්මා...ඊට පස්සෙ නූනා මගේ නලලට එයාගෙ නලල තියාගෙන ටිකක් හයියෙන් හුස්ම ගත්තා...ඒ ගමන් මගේ මහපට ඇගිල්ලෙන් නූනගෙ තොල චුට්ටක් පිහි දැම්මා...

මන් හිතන්නෙ එවෙලෙද කොහෙද නූනට හරි සිහිය ආවෙ...එක පාරටම මගේ පපුව අස්සෙ මූන ගහගත්තා වගේම මාව එයාගෙ අත් වලින් තද කරලා ඉන වටේ ඔතා ගත්තා...

මොකෝ මේ ම්ම්ම්...

මුකුත් නෑ කියන්න වගේ ඔලුව දෙපැත්තට වැනුවා...මට පැත්තට පේනවා ලැජ්ජාවට මූන රතුවෙලා හොදටම...කියුට්!

යෝහ් නූනා ඔයා කිස් එකට ඔහොම වෙනව නම් ඊට එහා ගියෝ- ආව් නූනා!

මහ නරකයි චිම් ඔයා!

මට ටිකක් හයියෙන් හිනා ගිහින් තව තදට නූනව බදා ගත්තා...

නූනා...

ම්ම්ම්...

මේක...හීනයක්ද?

නූනා ඉක්මනට ඔලුව උස්සල මගෙ මූන දිහා බැලුවා.බලල හරිම හුරතල් විදිහට ඔලුව වැනුවා...වනල ආයෙත් මගේ පපුවෙ මූන හ‍ංගගත්තා

චිම්...

නූනා...

ඔයා මට සමාව දුන්නෙ නැතත් කමක් නෑ...මන් ඔයාගෙ හිතට මෙච්චර කල් ලොකු බරක් වුනානෙ...සාධාරණයි ඒ නිසා මට සමාව දුන්නෙ නැති එක...

ම්ම්...දැන් ඉතින් ඒ බර නිදහස් නෙහ්!ඒ නිසා සමාව දෙන්නම්,හැබැයි එක කොන්දේසියක් උඩ...

You've reached the end of published parts.

⏰ Last updated: Apr 20 ⏰

Add this story to your Library to get notified about new parts!

Unexpected wishWhere stories live. Discover now