05

47 15 10
                                    

ජිමින් එක්ක මං එයාගේ ගෙදර ගියේ ගොඩක් සතුටින් මොකද මට මේ වෙලාවේ උදව්වක් ගන්න පුලුවන් උන එක ගැන විශේශයෙන්.ඒ එක්කම මං තාමත් හිත හිත ආවේ මට මොකද උනේ කියලා.අහම්බෙන් වගේ මට බුසාන් වල අහස දිහා බැලුනා.ඔව් එතකොට මතක් උනේ මට ඒ තරුව.නිකමට මට හිතුනා ඒ තරුව ගැන හොයන්න.මොකද මන් අතිමට දැක්කේ ඒ තරුව.

නිවුස් වල කිව්වා ඒක ප්‍රාර්ත්නා ඉශ්ට කරනවා කියලා.ඒත් මං එහෙම එකක් කරේ නෑ නේ.මොකද උනේ.ජිමින් ගෙන් වත් අහනවද.ඒත් ජිමින් කොහොමද එහෙම දේවල් දන්නේ.මට දැන් හිතලා හිතලම මහන්සියි.

මං දිහටම උඩ බලන් ඒ කියන්නෙ අහස දිහා බලන් ඇවිදිදි මං තව ඩිංගෙන් ගලක හැප්පිලා වැටෙන්න යනවත් එක්කම මට දැනුනා ජිමින් මාව බදාගෙන අල්ලගත්තා.මං එකපාරටම එයා දිහා බලලා ටක්ගාලා අයින් උනා.

ආහ් සොරි නූනා.

ඒකට කමක් නෑ ජිමින් තැන්ක් යූ.

නූනා මොකක් හරි ප්‍රශ්නෙක නේද ඉන්නේ?

හ්ම්..

මට ඕනෙ උනේ නෑ ජිමින්ට බොරු කියන්න.මට ඕනෙ උනා කාගෙන හරි උදව් ගන්න මේ සේරම දේවල් කියලා.ඒත් දැන් මේ වෙලාවේ මට ඕනෙ උනේ කෝහේට හරි වෙලා නිදහසේ ඉන්න මොකද මට හොදටම මහන්සියි.

නූනා ඔයාගේ කකුලෙන් ලේ එනවා.ආහ්..මේ අතෙනුත් ලේ එනවා නූනා..අපි ඉක්මනට ගෙදර යන්..

ඒකට කමක් නෑ ජිමින් මට රිදෙන්නෙ නෑ.

ඒත් නූනා.

එයා එහෙම කියලා මගේ තුවල දිහා කලබලේට බලල ආයෙ මන් දිහා බලනකොට මට පුදුම හිතුනා.ජිමින්ගේ ඇස් වල කදුලු.මං ඉක්මනට එයාගේ මූන මගේ අත් දෙකෙන්ම අල්ලගෙන එයා එක්ක කතා කරා.මට ඕනෙ උනේ නෑ එයාගෙ ඇස් වල කදුලු දකින්න.

Unexpected wishWhere stories live. Discover now