41

46 7 18
                                    

Jimin pov

අද මුලු දවසෙම ප්‍රැක්ටිස් කරලා ඉවර වෙලා මම ආයෙම රෙකෝඩින්ග් රූම් එකටත් ගියේ මට අද රෙකෝඩින්ග්ස් වගේකුත් තිබ්බ නිසා.අනිත් අය සේරම ඩෝම් එකට ගියේ ප්‍රැක්ටිස් ඉවර වෙලා.මට තිබ්බ මහන්සිය නිසාම මම ටිකක ඇවිදින්න කියලා හිතාගෙන හන් ගග පැත්තට ගියේ බොඩිගාඩ් හියුන් කෙනෙකුත් එක්කමයි.තිබ්බ මහන්සියටම මම කිසිම දෙයක් බලන්නේ නැතුව මාස්ක් එකක්  විතරක් දමාගෙන හන් ගග දිගේ ඔහේ ඇවිදගෙන ගියේ ඔලී නූනා ගැන මතක් කරන ගමන්මයි.

ටික වෙලාවක් එහෙම යනකොට එක පාරටම මම කාගෙ හරි ඇගක හැප්පුනේ මම මේ ලෝකේ සිහියකින් ඇවිදගෙන ගියේ නැති නිසා.මොකද මම හිත හිත ගියේ ඔලී නූනා ගැන නිසා.ඒ එක්කම මම ඉක්මනට ඒ හැප්පුන කෙනා දිහා බැලුවේ එයා හොදින්ද බලන්න.ඒත් මම දැක්කේ ඔව් ඒ එයා මගේ නූනා.

එයාව දැක්ක ගමන් මගේ ඇස් දෙකට කදුලු එන්න ගත්තත් මම කොහොමහරි ඒක නතර කරගන්න උත්සාහ කරා.එයා ඉන්නවා
කියන එක මම හැමදාම විශ්වාස කරා.ඔව් දැන් එයා මගේ ඇස් ඉස්සරහ ඉන්නවා.මට හිතා ගන්න බැරි උනා මම කරන්න ඕනෙ මොකද කියලා.මට නොදැනුවත්ම මගේ කටින් නූනා කියලා කියවුනේ ඉබේටමයි.

මට එයාව හයියෙන් බදා ගන්න ඕනෙ උනා.ඇයි මාව දාලා ගියේ කියලා අහන්න ඕනෙ උනා.මට ඔයාව ගොඩක් මතක් උනා කියලා එයාගේ ඇස් දිහා බලන් ආදරෙන් කියන්න ඕනෙ උනා.ඇයි මට එහෙම කරේ කියලා අහන්න ඕනෙ උනා.කොටින්ම මගේ ඔලුවේ ප්‍රශ්න ගොඩක් ගලාගෙන ආපු නිසා මගේ ඔලුව පුපුරලා යන්න තරම් වේදනාවක් ආවා.ඒත් ටිකකින් එයා එක්කම එයා ගාව හිටපු කොල්ලා එයාගේ අතින් අල්ලගෙන එයා හොදින්ද කියලා ඇහුවම මට ලොකු වේදනාවක් ආවා.ඒ එක්කම මට එතන ඉන්න්න ඕනෙ උනේ නෑ.ඒත් එයත් තාමත් මං දිහා දිලිසෙන ඇස්වලින් බලන් හිටියේ ගල් වෙලා වගේ.

ආයි නූනා ඔයා මට මුකුත් කියන්නෙ නැත්තේ.ඇයි.මාව අදුරගන්න බැරිද?

මට එහෙම හිතුනත් මම ඉක්මනට වෙව්ලන කටහඩින් සමාවෙන්න කියලා ආවේ මට තවත් එතන එයලා දිහා බලන් ඉන්න ඕනෙ උනේ නැති නිසා.
.
.
.
.
.
හියුන්...රෙකෝඩින්ග්ස් ඉවරද...එන්න කන්න මං ඔයා එනක්න් හිටියේ....හියුන්......හියුන්න්න්න්න්න්න්න්......ජිමින් ශී.......

Unexpected wishWhere stories live. Discover now