Fantasy World || Ot7 || Compl...

By Cyra_00

8K 977 254

🎁 Gifts 🎁 ඔයාගේ හිතේ ලස්සන ප්ලොට් එකක් තිබිලත් කතා ලියාගන්න බැරිද ?? කතාවක් ඇතුලේ හරි bts member කෙනෙක්ගේ... More

Intro
My Alpha - Chapter 01
My Alpha -chapter 02
My Alpha - chapter 3
My Alpha - Chapter 04
My Alpha - Chapter 05
My Alpha - Chapter 06
My Alpha - Chapter 07
My Alpha - Final chapter
අදුරු සෙවනැලි - Chapter 01
අදුරු සෙවනැලි - Chapter 02
අදුරු සෙවනැලි - Chapter 03
අදුරු සෙවනැලි- Chapter 04
අදුරු සෙවනැලි -Chapter 05
අදුරු සෙවනැලි- Chapter 06
අදුරු සෙවනැලි - Chapter 07
අදුරු සෙවනැලි -Chapter 08
අදුරු සෙවනැලි - Chapter 09
අදුරු සෙවනැලි - chapter 10
අදුරු සෙවනැලි - Final Chapter
File No. 39 - Chapter 01
File No.39 - Chapter 02
File No.39 - Chapter 03
File No.39 -Chapter 04
File No.39 - Chapter 05
File No.39 - Final chapter
මේඝා - Chapter 01
මේඝා - Chapter 02
මේඝා - Chapter 03
මේඝා - Chapter 04
මේඝා - Chapter 05
මේඝා - Chapter 06
මේඝා - Chapter 07
මේඝා - Chapter 08
මේඝා - Chapter 09
මේඝා - Chapter 10
මේඝා - Final chapter
Forget me not - Chapter 01
Forget Me Not - Chapter 02
Forget me not - Chapter 03
Forget me not - Chapter 04
Forget me not - Final chapter
සැඩ රළ - chapter 02
සැඩ රළ - chapter 03
කරුණාකර මාව වැලදගන්න - 01
කරුණාකර මාව වැලදගන්න - 02
කරුණාකරලා මාව වැලදගන්න - Final
sorry 🥺

සැඩ රළ - chapter 01

96 11 0
By Cyra_00

Girl × Boy

Story category : Fantasy

Main character : Min Yoongi

............................................♡..................................

මින් සේරා හිටියේ තමන්ගේ හස්බන්ඩ් මින් යූන්ගිගෙත් එයාගේ පුංචි පුතාගෙත් එයා ආසම ෆොටෝ එක දිහා බලාගෙනයි..නිකන්ම නිකන් සේරා , මින් සේරා වෙලා දැනට අවුරුදු පහක් වෙනවා වගේම ඒ දෙන්නාටම මේ වෙනකොට අවුරුදු හතරක පුංචි පුතෙක් වගේම සේරාගේ බන්ඩියේ මාස හයක පුංචි පුලුන් බෝලයකුත් ඉන්නවා..

මින් යූන්ගි එහෙමත් නැත්තම් කැප්ටන් මින් යූන්ගි සේර එක්ක ආදරෙන් බැදුනෙම හමුදාවේ කෑම්පින් ගියපු කාලෙකයි..තුර්කි බටයන්ගේ උදව්වට කොරියාවෙන් සෙබලු යවනකොට කැප්ටන් යූන්ගිටත් සිද්ද උනා එයාගේ ටීම් එකත් එක්ක තුර්කියට යන්න..ඉතින් තුර්කි ගමනෙදි තමයි යූන්ගිට සේරව හම්බුනේ..

කෑම්ප් එකේ ඩොක්ටර්ගේ උදව්වට හිටිය සේවිකාව උන සේරා කියන්නේ දෙමව්පියන් නැති හුගක් අහින්සක වගේම දෙපාරක් බලන්න හිතෙන පෙනුමක් තියෙන තුර්කි තරුණියක්..සේරා දැක්ක දවසෙම යූන්ගිගේ හිත සේරාගේ නිල් ඇස් එක්ක බැදෙනකොට ටිකෙන් ටික සේරගෙත් යූන්ගිගෙත් ආදරේ ශක්තිමත් උනා..ඒ ආදරේ කොච්චර ශක්තිමත් ද කියනවා නම් ප්‍රශ්න කන්දරාවක් මැද්දේ සේරා- යූන්ගි ආදර කතාව ගලාගෙන ගියත් අන්තිම තප්පරේ ඉදන්ම ඒ දෙන්න එකිනෙකා වෙනුවෙන් හිටියා..

සේරගේ අනන්‍යතාව නිසාම සේරාව යූන්ගි ලගට ගන්න අමාරු උනත් අවුරුදු ගානක ආදරේ වෙනුවෙන් සේරාව යූන්ගි තුර්කියේදිම මැරි කරලායි කොරියාවට නැවත එක්කගෙන ආවේ...යූන්ගිගේ දෙමව්පියන් මුලදි මේ සම්බන්දෙට අකමැති උනත් සේරගේ ගතිගුණ නිසාම යූන්ගිගේ දෙමව්පියන් සේරටත් තමන්ගේ දුවෙක්ට වගේ ආදරේ කරා..ඉතින් පොඩි කාලේ ඉදන් ආදරයක් නැතුව හැදුන සේරට අම්මගේ තාත්තගේ ආදරේ ඉදන් හැමදෙයක්ම ගෙනත් දුන්නේ යූන්ගි..

ඉතින් යූන්ගි කියන්නේ සේරගේ මුලු ජීවිතේම...

🍃 මමා...මුනාද බලන්නේ ??

පුංචි මූන් ඇවිල්ලා සේරගෙන් අහනකොට හිනා උන සේරා එයාගේ අතේ තිබ්බ ෆොටෝ එක පෙන්නුවාම කොල්ලත් හිනා උනා..හේතුව මොකක් උනත් සේරා වගේම මූනුත් ඒ ෆොටෝ එකට හුගක් ආදරෙයි..කැප්ටන් යූන්ගිගේ ආඩම්බරකාර ගාම්භීර පෙනුම එක්ක හුරතල් මූන්ගේ පෙනුම ෆොටෝ එකට ගෙනාවේ අමුතුම හැගීමක්..

🍃 අප්පා එන්නේ නැද්ද මමා...බලන්නකූ එයා ගීල්ලා ගොදක් කල්නේ..

❤️ අප්පා ඉක්මනට එයි මගේ මැණික...

සේරා මූන්ගේ කම්මුල් මිරිකන ගමන් ආදරෙන් කිව්වේ හිතේ පුංචි දුකකුත් හිර කරගෙනමයි..යූන්ගිට අනිවාර්ය මිශන් එකක් නිසා අකමැත්තෙන් උනත් මාස දෙකකට සේරාවයි දරුවාවයි දාලා යන්න උනත් තාමත් යූන්ගිගෙන් ආරංචියක් නැති නිසා සේරාගේ හිතත් කලබල වෙලයි තිබ්බේ..මාස දෙකෙන් එනවා කිව්වට දැන් මාස තුනකුත් වෙන්න ලගයි...මොනවා උනත් යූන්ගි එයාලා වෙනුවෙන් එනවා කියලා දීපු පොරොන්දුව නිසා සේරා හිත ශක්තිමත් කරගෙන හිටියා..

🍃 අප්පා කූද ගියේ මමා ??

❤️ අප්පා ගියේ රට ආරක්ෂ කරන්නනේ මැණික...

🍃 ආයි ලට ආරත්තා කලන්න යන්න එපා කීන්න මමා..බේබිත අප්පා නැතුව පාලුයිනේ...අපි වෙන කෙනෙක්ට කීමු ලට ( රට) ආලත්තා ( ආරක්ෂා ) කලන්න කීලා..

කොල්ලා තොල් නොපිට පෙරලන් කියනකොට සේරට හිනා ගියා..මූන් කොහොමත් වැඩිපුරම ආදරේ යූන්ගිට නිසා එයාට අප්පාගෙන් තොර ලෝකයක් නෑ ඉතින්..

❤️ ඒක නෙමෙයි මොකද මේ දගමල්ල එකපාරටම මන් ලගට දුවගෙන ආවේ ?? හැල්මොනියි හරබොජි එක්ක සෙල්ලම් කරලා ඉවරද ??

පුංචි මූන්ව හිමීට උස්සලා ඔඩොක්කුවට ගන්න ගමන් සේරා ඒ රෝස කම්මුල් මිරිකලා ඇහුවාම කොල්ලා පුංචි හිනාවක් හුරතලේට දැම්මා..

❤️ ම්ම්..මොකද මේ හුරතලේ ??

සේරා දන්නවා මේ හුරතල් වෙන්නේ මොකටද කියලා..ඒ පුංචි අත් සේරාගේ බ්ලවුස් එක අස්සෙන් හිමීට රිංගනකොට ඉතින් සේරට තේරුනා පුංචා ඇවිල්ලා ඉන්නේ එයාගේ එනර්ජි ඩ්‍රින්ක් එක ගන්න කියලා..

❤️ බේබි ඔයා දැන් ලොකුයි මැණික..

🍃 නූ...අප්පා කූවා බේබි තාම පුන්ති කීලා..ඒ නිතා තුත්තු දෙනෝද ??

ඒ පුංචි ඇස් බෝල කරන් අහනකොට ඉතින් කොහොමද කිරි නොදි ඉන්නේ..මූන්ට අවුරුදු හතරක් උනත් සේරට මූන් වෙනුවෙන් තාමත් කිරි එරෙන්නේ ආදරේට වෙන්න ඇති...අම්මලා කොහොමත් එහෙමනේ...

❤️ මල්ලි ආවට පස්සේ ඉතින් කුක්කු බීලා ඉවරයි හැබැයි..

කම්මුල් මිරිකන ගමන් සේරා කියනකොට පුංචි මූන් තොල් නොපිට පෙරලුවා..මල්ලි එක්ක චුට්ටක් ඉරිසියා හිතුනත් මූන් හිනා වෙලා සේරාගේ බඩට ලොකූ උම්මා එකක් දීලා බඩට කන තියාගත්තා.

🍃 මල්ලි මන් කුක්කු සුට්ටක් බිව්වට කමක් නෑ කූවා...

කොල්ලා යාන්තම් ඇවිල්ලා තියෙන දත් ටික පෙන්නලා කියනකොට සේරා ඒ පුංචි කම්මුල් දෙකම මිරිකුවා..

❤️ කපටි කොල්ලා..කෝ එන්න...

ශර්ට් එක පහත් කරලා සේරා එයාගේ එක තනක් එලියට අරන් දෙනකොට ඉක්මනට පුංචි මූන් තොල් තියලා උරන්න පටන් ගත්තා..සේරා පුංචි මූන් කිරි බොන දිහා බලාගෙන ඔලුව අතගානකොට එයාට දැනුනා එයාගේ කර වටේට පරිස්සමට අත් දෙකක් එතෙනවා..

❤️ යූන්...

තමන්ගේ වටේට ආරක්ෂාවට එතුන ශක්තිමත් අත් දෙක කාගෙද කියලා ස්පර්ශයෙන්ම සේරා දැනගන්නකොට කිරි බිබී හිටපු පුංචි මූනුත් ඔලුව උස්සලා බැලුවා..

🍃 අප්පා...

කොල්ලා කෑ ගහගෙන ගිහින් පිටිපස්සෙ ඉන්න යූන්ගිගේ ඇගට පනිනකොට හිනා උන යූන්ගි පුංචි කොල්ලව වඩාගත්තා..

🍃 අප්පා උයා ටූ ලේට් අලේ...බලන්න අප්පා එනවා කූවේ ලොකු හදවල් දෙකකට පස්සෙනේ...දැන් ලොකු හදවල් තුනකුත් ආවා...

🐱 සොරි බේබි...අයිම් රියලි සොරි...අප්පට වැඩ වැඩි උනානේ..සොරි බේබි...අප්පා ආදරෙයිනේ ඉතින් මගේ මැණිකට..

යූන්ගි කනක් අල්ලන් මූන්ගෙන් සමාව ඉල්ලනකොට සේරත් හිනා වෙලා බඩත් උස්සගෙන යූන්ගි ලගට ආවා..

🍃 අප්පා ආයි ලට ආලත්තා කලන්න යන්නේ නැත්තම් බේබි තමාව දෙනෝ...

කොල්ලා කියන එක හරියට නොතේරුන යූන්ගි සේරගේ මූන බලනකොට හිනා උන සේරා යූන්ගිට තුරුල් වෙලා මූන්ගේ කම්මුලක් මිරිකුවා..

❤️ එයා කියනවා ඔයාට රට ආරක්ෂා කරන්න යන්න එපාලු..එයාට පාලුයිලු ඔයා ගියාම..

🐱 ඕඕඔ...ඒකද මේ ?? අප්පා කොහොමත් ආයි යන්නේ නෑ මැණික...අප්පාගේ කාලේ ඉවරයි දැන්..

යූන්ගි කියනකොට කෙල්ල යූන්ගි දිහා බැලුවත් මූන්ව රවට්ටන්න කියන්නේ කියලා හිතුන සේරා යූන්ගිගෙන් ඒ දේවල් ගැන අහන්න ගියේ නෑ..

❤️ යන්න යූන් වොශ් එකක් දාගෙන එන්න...තාම යුනිෆෝර්ම් එක පිටින් නේහ්..

🐱 ඇයි මන් යුනිෆෝර්ම් එකට කැතයිද ??

❤️ අපෝ නෑ..ලස්සන වැඩියි...

කෙල්ලගේ වචනවලට කම්මුල් රතු කරගත්ත යූන්ගි සේරාගේ නලලට හාදුවක් දුන්නා.

🐱 සේරා..මැණික...මන් ඔයාලා තුන් දෙනාටම හුගාක් ආදරෙයි...මට මොනවා උනත් දරු පැටව් දෙන්නා එක්ක සතුටින් ඉන්නවා නේද ?? මන් හැමදාම ඔයාලා දෙන්නා ලගින්ම ඉන්නවා..

❤️ මොනවද අනේ කියවන්නේ ?? ඔයාට මොනවා වෙන්නද ? විකාර කියවන්නේ නැතුව වොශ් එකක් දාගෙන එන්න..

🐱 ආදරෙයිද කියලා ඉන්නකෝ...

❤️ විකාර මෙයාගේ...නාකි හුරතලේනේ.....

🐱 දැන් ආදරෙයි කියන්න බැරිද ??..

යූන්ගි බොරුවට රවාගෙන කියනකොට කෙල්ලට හිනා ගියා..ලෝකෙටම කැප්ටන් යූන්ගි වස ඇති..ඒත් ඉතින් සේරට නම් එයාගේ යූන්ගි බොරුවට සැර දාන හුරතල් පූස් පැටියෙක් විතරයි..

❤️ හරි හරි ආදරෙයි ආදරෙයි...මහ මෙරක් තරම් ආදරෙයි මන් මගේ පූස්ට..

කෙල්ල හිනාවෙලා කියනකොට කෙල්ලගේ තොල්වලට පුංචි හාදුවක් දුන්න යූන්ගි පොඩ්ඩගේ කම්මුල් වලටත් හාදුවක් දීලා වොශ් එකක් දාගන්න යනකොටම ඩෝර් බෙල් එක වදින සද්දේ ඇහුන නිසා සේරා හිමීට බඩ අල්ලන් පහලට ආවේ මේ වෙලේ එන්න වෙන කෙනෙක් නැති නිසායි..ඒත් පහලට ආපු කෙල්ල එතනම නතර උනෙ ඇවිල්ලා ඉන්න කට්ටිය දැකලයි.

💂‍♀️ මිස් මින් ??

ඇවිල්ලා හිටියේ හමුදා සෙබලු දෙන්නෙක්..යුනිෆෝර්ම් පිට ඇවිල්ලා හිටිය සෙබලු දෙන්නා තාමත් දොර ලග හිටන් හිටියා වගේම යූන්ගිගේ අම්මායි තාත්තයිත් ඒ දෙන්නා දිහා බලාගෙනයි හිටියේ..පඩිපෙල බැහැගෙන ආපු සේරට එතන වෙන්නේ මොකක්ද කියලා හරියටම නොපෙනුන නිසා ලගට යනකොට එතන හිටපු යූන්ගිගේ හොදම යාලුවා කැප්ටන් හෝසියෝක් සේරව අදුරගත්තා..

❤️ ඔහ් හොබී...ඇයි මේ එලියේ ?? ඔම්මා එයාලට ඇතුලට එන්න කියන්න එපැයි..

කෙල්ල හිනා වෙවී ලගට ආවත් කෙල්ලගේ කටහඩ ඇහිලා හැරුන යූන්ගිගේ අම්මගෙයි තාත්තගෙයි මූනු දැකලා කෙල්ලට එතනම නතර උනා..

.

.

#සැඩරළ

Continue Reading

You'll Also Like

27.9K 6.1K 30
A Lawyer, Bold with a bit of anger issues, Smart, Not in good terms with his Father. A Girl, Sweet but Insecure about her weight, With Career tension...
6.7K 279 21
"𝒀𝒐𝒖 𝒈𝒐𝒕 𝒂 𝒇𝒆𝒕𝒊𝒔𝒉 𝒇𝒐𝒓 𝒎𝒚 𝒍𝒐𝒗𝒆" Kai Parker x Fem!OC Alternate S6 Started: 04/02/24 Ended: TBA DISCLAIMER: I do not own TVD or it...
462K 1.5K 47
🔞🔞🔞 warning sex!! you can cancel if you don't like it.This is only for the guys who have sensitive desire in sex.🔞🔞